සිංගර් ෆැෂන් ඇකඩමිය ස්වයං රැකියා සඳහා අත්වැල සපයමින් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත් වෙයි

Singer 1

හැට වසරකට අධික කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලංකාවෙහි  ස්ථාපිත ආයතනයක් වුණු සිංගර් ෆැෂන් ඇකඩමිය, මේ වන විට මෝස්තර නිර්මාණ හා ඇඳුම් නිර්මාණ ක්ෂේත්‍රයෙහි නිරත සාර්ථක ව්‍යාපාරිකයින් රැසක් රටට බිහි කර තිබේ. ඇඟලුම් ක්ෂේත්‍රයට අදාළව සිය කැමැත්ත පරිදි වෘත්තීය සුදුසුකම් සපුරා ගනිමින් ජීවිතය ජය ගැනීම පිණිස දියුණු වන ව්‍යාපාර ගොඩ නංවා ගැනීමට සිංගර් ෆැෂන් ඇකඩමිය අවස්ථා උදා කර දී ඇත්තේ වරක් දෙවරක් නොවේ. එම ව්‍යාපාරිකයින් අද වන විට ලබා ඇති සාර්ථකත්වය හෙළි කරන්නේ, වසර ගණනක සිය මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසින් ජයග්‍රහණ ලැබීමේ ප්‍රමෝදය පමණක් නොව, ව්‍යවසායකයින් ලෙසින් බිහි වීමට මග සකස් කළ සිංගර් ෆැෂන් ඇකඩමියේ මැදිහත් වීම කෙරෙහි ඔවුන්ගේ කෘතඥතා පූර්වක ආකල්පයයි.

හලාවත “හන්සි බ්‍රයිඩ්ල් පැලස් ”හි හිමිකාරිනිය වන ඩබ්. එස්. හන්සනී මධුෂානි ප්‍රනාන්දු සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් සිය වෘත්තීය අනාගතය සකස් කර ගත් එවැනි එක් උද්යෝගිමත් ව්‍යවසායිකාවකි. සිංගර් ෆැෂන් ඇකඩමිය පිළිබඳව වූ ප්‍රචාරක පත්‍රිකාවකින් ඒ පිළිබඳ දැනුවත් ව තිබුණු ඇය, සිය ප්‍රදේශයේද ෆැෂන් ඇකඩමියේ ශාඛාවක් ඇති බව දැක ඉතාමත් සතුටට පත්ව තිබුණි. ඇඟළුම් නිර්මාණය හා මෝස්තර නිර්මාණකරණය පිළිබඳ ඉතා උනන්දුවක් දැක්වූ හන්සනීට සිංගර් ෆැෂන් ඇකඩමිය යටතේ මූලික පාඨමාලා හතරක්ද සාර්ථකව හදාරා අවසන් කරන්නට හැකිව තිබිණි.

“හලාවත වගේ ග්‍රාමීය ප්‍රදේශයක, ඇඳුම් නිර්මාණය වගේ අපි නිරත වීමට කැමති ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙන අවස්ථා වගේම, තැනුත් හරිම අඩුයි. හලාවත මම පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයෙම සිංගර් ෆැෂන් ඇකඩමි ශාඛාවක් විවෘත වෙලා තියෙනවා කියලා දැක්කම, ඊට ඇතුළත් වෙලා මගේ වෘත්තිය ජීවිතය ගොඩ නගා ගන්න සුදුසුකම් සම්පූර්ණ කර ගත්තා ” ඇය පවසයි.

“හන්සි බ්‍රයිඩ්ල් පැලස්” නමින්, කුලී පදනම යටතේ මංගල ඇඳුම් හා සාරි සපයන සාප්පුවක් ලෙසින් ඇගේ ව්‍යාපාරික ස්ථානය,‍් හලාවත පිහිටා තිබේ. මේ වන විටත් මාස හයකට අධික කාලයක් ප්‍රදේශයට සේවාව සැපයෙන “හන්සි බ්‍රයිඩ්ල් පැලස් ” මගින් මසා නිම කළ පාසල් නිල ඇඳුම් මිලදී ගැනීමේ හැකියාව මෙන්ම, අනෙකුත් නිමි ඇඳුම් ඇණවුම් කර නිර්මාණය කර ගැනීමේ හැකියාවද පවතී. එම ස්ථානයේ හිමිකාරිනිය සේම ඇඳුම් නිර්මාණ ශිල්පිනියද ලෙස, ඇය සිය සහෝදරියගේ සහයෙන් මේ වන විට මංගල සැරසිලි කටයුතුද කරගෙන යයි.

2017 වසරේදී හන්සනී සිංගර් ෆැෂන් ඇකඩමිය සමගින් සම්බන්ධ වී තිබුණේ, මෝස්තර නිර්මාණය, විද්‍යාත්මක ක්‍රමයට ඇඳුම් නිර්මාණය, ටේලරින් හා සාරි හැට්ට පාඨමාලාව යන මූලික පාඨමාලා හතරක් හදාරා එමගින් ස්වකීය කැමැත්ත පරිදි අනාගත වෘත්තිය සකස් කර ගැනීමේ අරමුණ ඇතිව ය. ඇගේ ගුරුවරිය වූ රුවනි නිසංසලා අදාළ පාඨමාලා මගින් ඇය තෝරා ගත් විෂය පථය හැදැරීම සඳහා ඇය උනන්දු කරමින් මහත් සහයක් ලබා දුන්නාය. සිංගර් ෆැෂන් ඇකඩමියේ ඉගෙනිමේ ආරම්භයේ පටන් සහතික පත්‍ර ප්‍රදානෝත්සවය දක්වාම, සුවිශාල සහයක් එහි සෑම ගුරුවරියක වෙතින්ම ලද බව ඇය සිහිපත් කරයි. එමෙන්ම, හැදෑරූ ක්ෂේත්‍රය ඔස්සේ ස්වයං රැකියා ආරම්භ කිරීම පිණිස ධෛර්යයමත් කිරීමද, උපදෙස් හා සහය ලබා දීමද සිංගර් ෆැෂන් ඇකඩමිය අඛණ්ඩව සිදු කර තිබේ.

සිංගර් ෆැෂන් ඇකඩමියේ මෝස්තර නිර්මාණ පාඨමාලාව, ඇඳුම් නිර්මාණ පාඨමාලාව හා ටේලරින් පාඨමාලාව මාස හයක පාඨමාලාවන් වන අතර,‍් සාරි හැට්ට නිර්මාණය කිරීමේ සහතික පත්‍ර පාඨමාලාව මාස හතරක පාඨමාලාවකි. සිංගර් ෆැෂන් ඇකඩමියෙන් මෝස්තර නිර්මාණකරණය හදාරා 2019 වසරේ සහතික හිමි කර ගත් හන්සනී, හලාවත සිය ප්‍රදේශයේම තමන්ගේ ව්‍යාපාරික ස්ථානය ආරම්භ කළාය. එහි උපයන ආදායමෙන් අද වන විට වැඩිම ප්‍රමාණය ඇය උපයා ගන්නේ, මංගල ඇඳුම් හා සාරි කුලියට දීමෙනි.

“මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රයට එක් වුණු මගේ පුංචි තැන මගින් බලාපොරොත්තු වෙන්නෙ සිංගර් ෆැෂන් ඇකඩමියෙන් ඉගෙන ගත් දේට අමතරව නිර්මාණාත්මක දේ ඉදිරිපත් කරන්න. හලාවත ප්‍රදේශයේ සිටින මනාලියන්ට, තමන්ගේ මංගල ඇඳුම් සිහිනය සැබෑවක් කරන සුවිසල් මංගල ඇඳුම් සාප්පුවක් දක්වා මෙය දියුණු කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. අපගේ වෘත්තිය මාර්ගය දියුණු කිරීම සඳහා උපකරණ සපයමින් උදව් කළ සිංගර් ෆැෂන් ඇකඩමියේ කළමණාකාරිත්වය ඇතුළු සියලුම දෙනාට මගේ කෘතඥතාව පිරි නමන්න කැමතියි.”

සිය අනාගත සැලසුම් පිළිබඳ විමසද්දී හන්සනී කියා සිටියේ, “හන්සි බ්‍රයිඩ්ල් පැලස් ” තව දුරටත් ව්‍යාප්ත කිරීම පිණිස, සිංගර් ෆැෂන් ඇකඩමියෙහිම, ෆැෂන් ඩිසයින් ඩිප්ලෝමා පාඨමාලාව හා උපාධි පාඨමාලාව හැදෑරීමට අදහස් කර සිටින බවයි. සිංගර් ෆැෂන් ඇකඩමිය සිය ව්‍යාපාරික ස්ථානය වැඩි දියුණු කර ගැනීම පිණිස, අත්‍යවශ්‍ය උපකරණද සපයමින් වෘත්තීය දියුණුවේ මාවත සකස් කර දෙන බව ඇගේ විශ්වාසයයි.

ඩිප්ලෝමා පාඨමාලා 03 ක්, සහතික පත්‍ර පාඨමාලා 08 ක් හා කෙටි කාලීන පාඨමාලා 11 ක් ඇතුළුව, විවිධ පාඨමාලා 20 කට අධික සංඛ්‍යාවක් සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් පිරිනැමේ. එමෙන්ම, ඉතා පහසු දැරිය හැකි මිලකට,‍් උපාධිය සඳහා මග පාදන නවතම මෝස්තර නිර්මාණකරණ පාඨමාලාද එමගින් පිරි නැමේ. සිංගර් ෆැෂන් ඇකඩමියේ ශාඛා දිවයින පුරා ප්‍රදේශ 62 කදී පැවැත්වෙන අතර, සිය අභිමතය පරිදි පාඨමාලා තෝරා ගැනීමේ පහසුකම එමගින් සිසු- සිසුවියන්ට පිරි නැමේ. එම පාඨමාලාවන්හි විශේෂත්වය වන්නේ, න්‍යායාත්මක දැනුම හා කර්මාන්ත පදනම් කර ගත් ප්‍රායෝගික දැනුම යන ද්විත්වයම ලබා දෙන සේ සැකසුණු පාඨමාලා අන්තර්ගතයයි.

සිංගර් ෆැෂන් ඇකඩමිය, බ්‍රිතාන්‍යයේ Chartered Society of Designers (CSD)  මගින් ඇගයීමට ලක් වන සහතික පත්‍ර පිරි නැමෙන එකම දේශීය ආයතනය ලෙසින්ද, නමක් දිනාගෙන තිබේ. එම ඇගයීම සිංගර් ෆැෂන් ඇකඩමිය මගින් පවත්වන මෝස්තර නිර්මාණ සහතික පත්‍ර පාඨමාලාව, විද්‍යාත්මක ඇඳුම් නිර්මාණ සහතික පත්‍ර පාඨමාලාව, මැෂින් එම්බ්‍රොයිඩර් සහතික පත්‍ර පාඨමාලාව, සාරි හැට්ට නිර්මාණකරණ සහතික පත්‍ර පාඨමාලාව, විද්‍යානුකූල ඇඳුම් නිර්මාණකරණ ඩිප්ලෝමා පාඨමාලාව හා මැෂින් එම්බ්‍රොයිඩර් ඩිප්ලෝමා පාඨමාලාව ආදියට හිමි වේ. එබැවින් ඉහත පාඨමාලාවන්ගෙන් ඕනෑම පාඨමාලාවක් හදාරන සිසු- සිසුවියන්ට සිංගර් මගින් හිමි වන සහතිකයට අමතරව, බ්‍රිතාන්‍යයේ The Chartered Society of Designers මගින් පිරි නැමෙන සහතිකයද හිමි කර ගැනීමේ අවස්ථාව උදා වේ. එවැනි සහතිකයක් ක්ෂේත්‍රයේ ආධුනිකයකුට, ජාත්‍යන්තර මෝස්තර නිර්මාණ ක්ෂේත්‍රය තුළ ගමන්මග සකස් කර ගැනීමට මාහැඟි පිටුබලයක් සපයයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු sbs@singersl.com යන ඊ මේල් ලිපිනය හරහා ලබා ගත හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව