ශ්‍රී ලාංකික ව්‍යවසායකයන් සවිබල ගන්වමින් SLT-MOBITEL mSpace Code Blast Hackathon 2023 සාර්ථක ලෙස නිමාව දකී

Winners - Code Blast Hackathon (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, hSenid Mobile සමග එක්ව සංවිධානය කළ SLT-MOBITEL mSpace Code Blast Hackathon 2023 තරගය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. නවෝත්පාදකයන්ට සහ Coding සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට තම නවෝත්පාදන එළිදක්වමින් රටේ ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයට දායක වීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ වී තිබිණි. මෙය නවෝත්පාදකයන් රැසකට සාමූහිකව කටයුතු කරමින්, නව්‍ය චින්තනය ඔස්සේ තාක්ෂණය මූලික කරගත් විසඳුම් නිර්මාණය කිරීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

මෙහිදී කණ්ඩායම් අතර උණුසුම් තරගයක් දක්නට ලැබුණු අතර, ඒ අතරින් කණ්ඩායම් තුනක් ඉදිරියෙන්ම විය. තරගාවලියේ සමස්ත ජයග්‍රහණය හිමිකර ගන්නා ලද්දේ, මෙරට ගමනාගමනයේ යෙදෙන බොහෝ දෙනෙකු මුහුණ දෙන පොදු ගැටලුවකට විසඳුමක් යෝජනා කළ Team Denkers විසිනි. භාෂාමය විවිධත්වයේ වැදගත්කම නිරූපණය කරමින්, පුරවැසියන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා භාෂාමය ගැටලු විසඳීමේ යෝජනාවක් ඉදිරිපත් කළ Team SinhalaGPT කණ්ඩායමට දෙවැනි ස්ථානය හිමි වූ අතර, මෙරට තුළ දඩ මුදල් ගෙවීම සරල කිරීම සඳහා දීර්ඝ කාලයක පටන් පැවති අවශ්‍යතාවක් සපුරාලීමේ අරමුණින් පෙරළිකාරී ජංගම යෙදවුමක් යෝජනා කළ Team Fine Pay කණ්ඩායමට තුන්වන ස්ථානය හිමි විය.

SLT-MOBITEL mSpace Code Blast Hackathon 2023 තරගය, මෙරට තාක්ෂණික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් ලබමින් ක්ෂේත්‍රය තුළ ශක්තිමත් සම්බන්ධතා ගොඩනංවා ගැනීමට තරගකරුවන්ට ලැබුණු මහඟු අවස්ථාවක් වූ අතරම, එය නවෝත්පාදනය හා තාක්ෂණික ව්‍යවසායිකත්වය දිරිගන්වමින් නිර්මාණශීලීත්වය හා ගැටලු විසඳීමේ හැකියාව වැඩිදියුණු කරගැනීමට අවස්ථාව සලසා දුන් සුවිශේෂී වැඩසටහනක් විය.

SLT-MOBITEL mSpace යනු විවිධ තරාතිරම්වලට අයත් පුද්ගලයන්ට භාවිතා කළ හැකි නම්‍යශීලී හා සුවිශේෂී තාක්ෂණික පදනමකි. එය මෘදුකාංග නිර්මාණකරුවන්ට මෙන්ම වෙනත් තාක්ෂණික අංශ කෙරෙහි අවධානය යොමුකරන පුද්ගලයන්ට විවිධාකාර වූ විසඳුම් නිර්මාණය කරමින් එම විසඳුම් වාණිජ මට්ටමකට දියුණු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙයි. නිර්මාණකරුවන්ට තම Coding හැකියා මෙහි API සමග පහසුවෙන් ඒකාබද්ධ කරමින් නවීන විසඳුම් නිර්මාණය කළ හැකි අතර, Coding ක්ෂේත්‍රයට සම්බන්ධ නොමැති පුද්ගලයන්ට mSpace හි සුවිශේෂී අතුරු මුහුණත භාවිතා කරමින් ඉතාමත් පහසුවෙන් විවිධ යෙදවුම් නිර්මාණය කළ හැකි වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව