රාජා ජුවලර්ස් 2024 වසරේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමයට හිමි සම්මානය දිනා ගනියි

Image (LBN)

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ රජ කිරුළු  පැළඳි  රාජා ජුවලර්ස්  2024 වසරේ හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති මෙම සම්මාන උළෙලේ  ප්‍රධාන ආරාධිතයන් ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහභාගී වූ අතර තවත්  ව්‍යවසායකයන් රැසක් මෙම අවස්ථාවට එක් වී සිටියහ.

 



 
කර්මාන්ත අමාත්‍යාංශයේ කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) විසින්  සංවිධානය කරන ලද  මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වූයේ අර්බුදකාරී කාලය තුළදී ද රටේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා අදාළ අංශයන්හි කැපී පෙනෙන කාර්ය සාධනයක් දැක්වූ කර්මාන්තයන්ට උපහාරයක් ලෙස ඔවුන් ඇගයීම සහ දිරිමත් කිරීමයි.

සියලුම ජයග්‍රාහකයන් වෙත සිය හෘදයාංගම සුබ පැතුම් එකතු කරමින් රාජා ජුවලර්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ අතුල එළියපුර මහතා මෙසේ පැවසුවේය. “පාරිභෝගික තෘප්තිය ගොඩනැගීම සඳහා කර්මාන්ත ආයතන විසින් දක්වන ලද  කැපවීම ශක්තිමත් කරමින් , ඔවුන්ගේ සාර්ථකත්වය සහ වෙහෙස මහන්සිය සඳහා නිසි ඇගයීමක් සහ පිළිගැනීමක් ලබා දීම වෙනුවෙන්  ජාතික කර්මාන්ත සන්නාම සම්මාන උළෙලේ සංවිධායකයන්ට,  විනිශ්චය මණ්ඩලයට මෙන්ම IDB ආයතනය වෙත මගේ අවංක ස්තූතීය ප්‍රකාශ කිරීමට  මම කැමතියි”

මෙම ජයග්‍රහණයට අමතරව  2024 දී පැවැති  කීර්තිමත් ජාතික කර්මාන්ත සන්නාම සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩය යටතේ (මැණික් සහ ස්වර්ණාභරණ අංශය) හොඳම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස ද සම්මාන දිනා ගැනීමට රාජා ජුවලර්ස් සමත් විය. එය තවත් එක් සම්මානයක්  පමණක් නොව,  1928 වසරේ ආයතන ආරම්භයේ  සිට එහි ශිල්පීය හැකියාව, නවෝත්පාදනය සහ ස්වර්ණාභරණ කර්මාන්තයේ උරුමය මැනවින් ප්‍රදර්ශනය කළ සාක්ෂියකී.

මෙම අවස්ථාව සඳහා අපක්ෂපාතීව සහ ස්වාධීනව IDB සමඟ එක්ව කටයුතු කළ වෘත්තිකයන් 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කීර්තිමත් විනිශ්චය මණ්ඩලයට සම්බන්ධ වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයට (SLIM) එළියපුර මහතා වැඩිදුරටත් සිය කෘතවේදීත්වය ප්‍රකාශ කළේය.

සියවසකට ආසන්න කාලයක් පුරාවට  සදාතනික ස්වර්ණාභරණ නිර්මාණය පිළිබඳව ඉහළම විශ්වාසයක් සහ පාරිභෝගික තෘප්තියක් ගොඩනගා ගැනීමට  රාජා ජුවලර්ස් සමත් වී ඇති අතර ඔවුන්  ඉහළම ගුණාත්මකභාවය,නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය සඳහා දක්වන ලද කැපවීම මෙම ඇගයීම තුළින් මැනවින් පිළිබිඹු වේ.අනාගතයේදී ද මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය තුළ  ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය සහ ආදරණීය සන්නාමය ලෙස තම පැවැත්ම සවිමත්ව කිරීමට සහ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල් කිරීමට රාජා ජුවලර්ස් සැලසුම් කරන අතර  නව ස්වර්ණාභරණ හඳුන්වාදෙමින්  නවෝත්පාදන කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමට සූදානම් වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව