
කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන කොම්බෑන්ක් ඩිජිටල් කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) හා සම්බන්ධ වී ඇති බවත් ඒ ඔස්සේ සෘජුවම මූලික කොටස් නිකුතු (IPO) වලට අදාල ගෙවීම් කිරීමට බැංකු ගිණුම් හිමියන්හට අවස්ථාව සැලසී ඇති බවත් බැංකුව නිවේදනය කර ඇත.
කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය සහ ලංකා පේ රජයේ ගෙවීම් දොරටුවෙන් (LPOPP) ඒකාබද්ධ වීම තුළින් මෙම විශේෂාංගය බැංකුවේ මාර්ගගත බැංකු නාලිකා හරහා ලබා දීම හැකි වී තිබේ.
“මූලික කොටස් නිකුතු හරහා කොටස් මිලදී ගැනීමේ හැකියාව කොම්බෑන්ක් ඩිජිටල් හි වැදගත් එකතු කිරීමක් වන අතර, තම ආයෝජන විවිධාංගීකරණය කිරීමට අපේක්ෂා කරන බොහෝ ගනුදෙනුකරුවන්ට එය සතුටට කරුණක් වනවා,” කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ඩිජිටල් බැංකුකරණ ප්‍රදීප් බන්දුවංශ මහතා පැවසීය. “එය තවදුරටත් කොම්බැන්ක් ඩිජිටල් වේදිකාවේ බහුකාර්යතාව වැඩිදියුණු කරන අතර ජාතික වශයෙන් වැදගත් තත්ත්වයක් වන කොටස් හිමිකාරීත්වය ජනතාව අතර ප්‍රචලිත කිරීමට සහාය වනු ඇත.”
“මුදල් නෝට්ටු භාවිතය අඩු සමාජයක් කරා යන ගමනේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ලංකා පේ රජයේ ගෙවීම් දොරටුව ඔස්සේ කොළඹ කොටස් හුවමාරු කටයුතු සඳහා මාර්ගගත ගෙවීම් පහසුකම් සැලසීමට කොමර්ෂල් බැංකුව සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සතුටට කරුණක් වන්නේය. ආර්ථිකයේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරමින් කොම්බෑන්ක් ඩිජිටල් අපගේ හවුල්කරුවා වශයෙන් සම්බන්ධ වීම හා මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) සමග ඒකාබද්ධ වීම කොමර්ෂල් බැංකුවේ ගණුදෙනුකරුවන්ට සහ කොළඹ කොටස් හුවමාරු මෙහෙයුම් සඳහා අති මහත් වටිනාකමක් ගෙන දෙනවා,” යැයි කොම්බෑන්ක් ඩිජිටල් හි නවතම විශේෂාංගය පිළිබඳව අදහස් දක්වමින් ලංකා පේ හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී දිනුක පෙරේරා මහතා අදහස් දැක්වූයේය.
කොම්බෑන්ක් ඩිජිටල් ප්‍රතිචාරාත්මක වෙබ් යෙදවුමක් සහ ජංගම යෙදවුම් තුනක් (iOS” Android සහ Huawei) හරහා පිරිනැමෙයි. ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් සහ ස්මාර්ට්ෆෝන් වැනි සියලුම උපාංග හරහා ප්‍රවේශය විවර කර ඇත.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.