පික්සල් බ්ලූම්: දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් වෙසක් කලාපය කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේදී

Image 1 (LBN)

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේදී ඉපැරණි සංස්කෘතිය හා නවීන තාක්ෂණය එකට මුසු වූ නවීනතම අත්දැකීමක් දැක බලා ගැනීමට ජනතාවට හැකියාව ලැබෙනු ඇත. මැයි මස 10 වැනි දින සිට 18 වැනි දින දක්වා, නෙළුම් කුලුණ පරිශ්‍රයට පැමිණෙන ඕනෑම බැතිමතෙකුට, දකුණු ආසියාවේ ප්‍රථම වරට ඉමර්සිව් තාක්ෂණය සමග නිර්මාණය වූ  ‘One Day in Life’ නම් ඩිජිටල් වෙසක් කලා නිර්මාණය දැක බලා ගැනීමට අවස්ථාව හිමි වේ.
 



 

මෙම නිර්මාණය නැරඹීමට පැමිණෙන බැතිමතුන් හට උදෑසන සිට රාත්‍රිය දක්වා වෙසක් උත්සවයේ අර්ථය කියා පාන මනරම් දර්ශන, ශබ්ද සහ සංවේදන මුසු වූ නවමු අත්දැකීමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

“මෙය කලා නිර්මාණයකින් එහාට ගිය අලුත්ම අත්දැකීමක්. මෙය අපගේ අනන්‍යතාව පිළිබඳ අපිට නැවතත් මතක් කරවන නිර්මාණයක්. මෙම නිර්මාණය නැරඹීමට පැමිණෙන බැතිමතුන් හට බෞද්ධ සම්ප්‍රදාය, ඩිජිටල් නිර්මාණයක් ලෙස නැරඹීමට හැකි වේවි.” ලෙස කොළඹ නෙළුම් කුලුණ ප්‍රධාන විධායක නිලධාරි, ජ්‍යේෂ්ඨ මහාචාර්ය, ආචාර්ය චමරු ද අල්විස් මහතා ප්‍රකාශ කර සිටියේ ය.

මෙම ඩිජිටල් අත්දැකීම දිනපතා උදෑසන 9 සිට මැදියම් රැය දක්වා විවෘතව පවතින අතර, මෙහි එන බැතිමතුන් හට ඩිජිටල් කලා නිර්මාණය නැරඹීමට මෙන්ම නෙළුම් කුලුණ නැරඹීමට ද මෙය අගනා අවස්ථාවක් වනු ඇත.

“අපගේ ඉලක්කය වන්නේ මතකයේ රැඳෙන අත්දැකීමක් ජනතාවට තිළිණ කිරීමයි. කුඩා ළමුන්ගේ සිට විදෙස් සංචාරකයින් දක්වා වන ඕනෑම අයෙකුට එම අත්දැකීම විඳ ගැනීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර තිබේ.” නෙළුම් කුලුණ අලෙවිකරණ කළමනාකරු, යොගේෂ්වරන් නිරෝජන් මහතා ප්‍රකාශ කරන ලදි.

මෙම නවීන අත්දැකීම සියලුම වයස් කාණ්ඩවලට අයත්, දෙස් විදෙස් සංචාරකයින් සෑම දෙනෙකු හටම විවෘත වන අතර, ඔවුන් බෞද්ධ සංස්කෘතිය නවීන තාක්ෂණය ඔස්සේ විඳ ගැනීමට මෙය හොඳම අවස්ථාවක් වනු ඇත.

ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන නවමු අත්දැකීමක් සමගින් පින් බර වෙසක් උත්සවය සැමරීම සඳහා කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේ Pixel Bloom වෙත සියල්ලටම නෙළුම් කුලුන කාර්ය මණ්ඩලය ඉත සිතින් ආරාධනා කරනු ලබයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව