
මැයි 20 2025, ශ්‍රී ලංකාවේ කොළඹදී, – ශ්‍රී ලංකාව පුරා කඩිනම්, ආරක්ෂිත සහ වඩාත් විශ්වාසදායී බැංකු සේවාවක් ලබා දීමේ අරමුණින්, පෑන් ඒෂියා බැංකුව සිය ඩිජිටල් යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා IBM ආයතනය සමග සහයෝගීතාවයකට එළැඹ තිබේ.
ශ්‍රී ලංකාවේ නූතන ගනුදෙනුකරුවන් පුද්ගලානුබද්ධ නිෂ්පාදන සේවාවන් සහ විනිවිදභාවයෙන් යුතු ආරක්ෂිත බැංකු සේවාවක් අපේක්ෂා කරන බැවින්, ඔවුන්ගේ එම අවශ්‍යතාවයන් කාර්යක්ෂම සැපයීම උදෙසා පෑන් ඒෂියා බැංකුව මෙම නවෝත්පාදන පියවර ගෙන ඇත. IBM ආයතනය සමග ඇති කරගත් සහයෝගීතාවය ඔස්සේ පැය 24/7 පුරාම අඛණ්ඩ බැංකු සේවාවක් ලබා දීමට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සිය බැංකු පද්ධතියේ කාර්ය සාධනය නිරීක්ෂණය කරමින් දත්ත ගබඩාවන් පුළුල් කිරීමට සැලසුම් යොදා තිබේ. මෙම වැඩිදියුණු කිරීම් හරහා බැංකුවේ Cloud තාක්ෂණය මත පදනම් සේවාවන් වෙත ප්‍රවේශ වීමට සහ අඩු කාල සීමාවකදී වඩාත් විශ්වාසදායී සේවාවක් තම ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට උපකාරී වනු ඇත.
IBM හි ව්‍යාපාරික සහකරු වන South Asian Technologies (SAT) සමග හවුල් වෙමින් පෑන් ඒෂියා බැංකුවේ කාර්ය සාධන අධීක්ෂණය සඳහා තත්‍ය කාලීන full stack නිරීක්ෂණයෙන් සමන්විත IBM Power10 servers, IBM FlashSystem සහ IBM Instana ඇතුළු දෙමුහුන් Cloud තාක්ෂණික විසඳුම් මෙහිදී ස්ථාපිත කරන ලදී.
මෙම පරිවර්තනය තුළින් දැනටමත් පෑන් ඒෂියා බැංකුව තුළ ශක්තිමත් ප්‍රතිඵල පෙන්නුම් කර ඇත. ඒවා අතරින්:
- යෙදුම් කාර්ය සාධනය 40% කින් වැඩිවීම
- නව බැංකු සේවාවේ 50%ක වේගවත් ව්‍යාප්තිය
- වැඩිදියුණු කළ සේවා කාලය සහ මෙහෙයුම් පිරිවැය අඩු කිරීම
මෙම නව්‍යකරණයත් සමගින් ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ගේ ගතික අවශ්‍යතාවයන් සපුරාලීමට සහ ඩිජිටල් නවෝත්පාදන මෙහෙයවීමේ ප්රමුඛයෙකු ලෙස බැංකු ක්ෂේත්රයේ මැනවින් ස්ථානගත වීමට පෑන් ඒෂියා බැංකුවට හැකියාව ලැබේ.
‘‘අපගේ ගනුදෙනුකරුවන්ට සහ කොටස්කරුවන්ට වඩාත් ප්‍රයෝජනවත්, නව්‍යකරණයෙන් යුත් වගකීම් සහගත බැංකු සේවාවක් ලබා දීමේ දී අපගේ තාක්ෂණික පද්ධතිය වැඩිදියුණු කිරීමට අවශ්‍යතාවයක් මතු විය. ලෝකය පුරා තිබෙන බැංකුවල ඩිජිටල් පරිවර්තනයක් උදෙසා මනා තාක්ෂණික සහයෝගයක් ලබා දීමේ ඉතිහාසයක් IBM ආයතනය සතුව පවතී. එමනිසා මෙම සහයෝගීතාවය තුළින් අපගේ ගනුදෙනුකරුවන්ගේ සබඳතාවන් ශක්තිමත් කරමින්, ඔවුනට නවෝත්පාදනයෙන් යුතු වඩා හොඳ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අපට හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු’’ යැයි පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන තොරතුරු නිලධාරී කාංචන දේවසුරේන්ද්‍ර මහතා පැවසීය.
මෙම සහයෝගීතාව පිළිබද අදහස් දක්වමින් IBMහි ඉන්දියානු සහ දකුණු ආසියාවේ කළමනාකාර අධ්යක්ෂ සන්දීප් පටෙල් මහතා මෙසේ පැවසීය.
‘‘ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කර ගැනීම සඳහා සුවිසල් අවස්ථාවන් රැසක් පවතින අතර, කෘත්‍රිම බුද්ධිය (AI) සහ දෙමුහුන් Cloud තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් පෑන් ඒෂියා වැනි දූරදර්ශී ආයතන සමග කටයුතු කරන්නට ලැබීම සම්බන්ධයෙන් අප ආඩම්බරයට පත් වන්නෙමු. දේශීය විශේෂඥයින් සමඟ අපගේ පද්ධති, මෘදුකාංග හා සේවාවන් ඒකාබද්ධ කොට ශ්‍රී ලාංකික ව්‍යවසායකත්වය මුහුණ දෙන සංකීර්ණ අභියෝග හමුවේ සාර්ථක විසඳුම් සෙවීමට නව හැකියාවන් හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින්නෙමු. එ් ඔස්සේ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආර්ථික වර්ධනයක් ගොඩනැගීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි’’
ශ්‍රී ලාංකේය වෙළඳපොළට අනන්‍ය වූ අවශ්‍යතාවන් හඳුනා ගනිමින්, IBM ආයතනය විසින් උපාය මාර්ගික සහයෝගීතාවයන් පෝෂණය කිරීමට සහ දේශීය ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව දේශීය කර්මාන්ත තුළින් තිරසාර වර්ධනයක් කරා ළඟා වීමට අවශ්‍ය සියලු ක්රමෝපායයන් හා විසඳුම් නිර්මාණය කර දීමට IBM ආයතනය අඛණ්ඩව සිය දායකත්වය සපයනු ඇත.
පෑන් ඒෂියා බැංකුව පිළිබඳව
සැබෑම ශ්‍රී ලාංකික බැංකුව වන පෑන් ඒෂියා බැංකුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල්‍ය ආයතනයක් වන අතර, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදන සහ සේවාවන් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලයි. මෙරට බැංකු ක්ෂේත්රයේ පුරෝගාමීයෙකු වශයෙන් පෑන් ඒෂියා බැංකුව, තාක්ෂණය, නවෝත්පාදනය සහ විශිෂ්ට සේවාවන් පිරිනැමීමෙහිලා ප්රමුස්ථානයක් හිමි කරගෙන තිබේ. සිය අභිලාෂකාමීත්වය තුළින් සිය පාරිභෝගිකයින්ගේ නොමද ගෞරවය දිනා ගනිමින් සහ දේශීය වටිනාකම්වලට මුල්තැන දෙමින් සැබවින්ම ශ්‍රී ලාංකේය බැංකුවක් වශයෙන් සිය අනන්‍යතාවය තහවුරු කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයෙහි අභියෝගාත්මක කාලවකවානුවලදී පෑන් ඒෂියා බැංකුව, නවෝත්පාදන හා විචක්ෂණශීලි කළමනාකරණය ඔස්සේ විශිෂ්ට කැපවීමක් සිදු කර තිබේ. පෑන් ඒෂියා බැංකුවේ සාර්ථකත්වය ඔවුන් සමඟ අත්වැල් බැඳන් සිටින ප්‍රජාවන්ට සමීපව සම්බන්ධ වන අතර, තිරසාර ව්‍යාපෘති වෙනුවෙන් අරමුදල් සැපයීමෙන් හා ආයතනික සමාජ වගකීම් වැඩසටහන් පවත්වමින් ඔවුනගේ ජීවන තත්ත්වයන් උසස් කිරීමට සහාය වේ.
IBM සංවිධානය පිළිබඳව
IBM යනු ගෝලීය වශයෙන් දෙමුහුන් Cloud තාක්ෂණයන් සහ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ උපදේශන විශේෂඥතාවයන් සපයන ප්රමුඛ පෙළේ සැපයුම්කරුවෙකි. ඔවුන් රටවල් 175කට වඩා වැඩි ගණනක සිටින තම සේවාදායකයින්ගේ දත්තවල තීක්ෂණ බුද්ධිය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යාපාරික කටයුතු විධිමත් කිරීමටත්, පිරිවැය අඩු කිරීමටත් සහ කර්මාන්තයන්හි තරඟකාරී වාසියක් ලබා ගැනීමට සහාය වෙමින් සිටියි. මුල්‍ය සේවා, විදුලි සංදේශන සහ සෞඛ්‍ය සේවා වැනි තීරණාත්මක යටිතල පහසුකම් ක්ෂේත්රයන්හි රාජ්‍ය පද්ධති හා ආයතනික පද්ධති දහස් ගණනක්, ඔවුනගේ ඩිජිටල් පරිවර්තනය කඩිනමින්, කාර්යක්ෂමව සහ සුරක්ෂිතව පවත්වා ගෙන යාම සඳහා IBM හි දෙමුහුන් Cloud තාක්ෂණය හා Red Hat OpenShift මත විශ්වාසය තබා තිබේ. AI, ප්‍රමාණාත්මක පරිගණනය, කර්මාන්ත සඳහා විශේෂිත වූ Cloud විසඳුම් සහ උපදේශනය යන IBM හි අද්විතීය නවෝත්පාදනයන් තුළින් ඔවුනගේ සේවාදායකයින්ට විවෘත හා පහසු විකල්පයන් ලබා දෙයි. මේ සියල්ල සමගින් IBM හි විශ්වාසය, විනිවිධභාවය, වගකීම, සහ ගුණාත්මක සේවාවක් වෙනුවෙන් ඔවුන් දක්වන කැපවීම මනාව ඉස්මතු වේ. වැඩිදුර තොරතුරු සඳහා www.ibm.com වෙත පිවිසෙන්න.