දේශීය විලාසිතා නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වෘත්තීය ගමන් මගක් උරුම කර දීමට සිංගර් ෆැෂන් ඇකඩමිය සුදානමින්

1

ගෝලීයව නිමි ඇඳුම් සඳහා පවතින දැඩි ඉල්ලුම හමුවේ ඇඟලුම් කර්මාන්තයේ නිරත වෘත්තිකයන් දිවා රෑ නොබලා සේවය කරමින් උසස්ම නිෂ්පාදන සිය පාරිභෝගිකයා වෙතට ළඟා කිරීමේ ක්‍රියාවේ නිරත වන මොහොතක, දේශීය ආරථිකය පණ ගැන්වීම උදෙසා ඇගළුම් ක්ෂේත්‍රයෙන් සිදු කරන දායකත්වය වෙනත් සෑම ක්ෂේත්‍රයකම දායකත්වය අභිබවා යයි. තවද වර්තමානය වන විට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය හා බැඳුනු ව්‍යාපාරයන්හි නිෂ්පාදන සඳහා ලොව පුරා වෙසෙන පාරිභෝගිකයින්ගෙන් ඉහළ ඉල්ලුමක් පවතින අතර, මෙම වර්ධනය ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම සඳහා අවශ්‍ය නිර්මාණාත්මක කුසලතාවයන්ගෙන් පිරිපුන් ශ්‍රම බලකායේ අවශ්‍යතාවන් ඉහළ යමින් පවතී.

නිර්මාණාත්මක කුසලතාවයන්ගෙන් පිරිපුන් ප්‍රජාවකට හිමි කම් කියන දේශයක් වශයෙන් ශ්‍රී ලංකාව තුල වූ මානව සම්පත් නිසි අයුරින් අදාළ ව්‍යපාරික ක්ෂේත්‍රයන්හි වර්ධනය උදෙසා භාවිත කර ඇත්ද යන්න පිළිබඳ ගැටළුවක් පවතී.  මෙහිදී මෙම පුද්ගල සම්පත් දියුණු කිරීමට අවශ්‍ය සහයෝගය දක්වමින්,  දේශීයව පමණක් නොව ජාත්‍යන්තරව ද ඔවුන්ට ඉහළ වෘත්තීය ගමනක් උරුම කර දීමට කැප වී සිටින ආයතනයක් ලෙස සිංගර් ෆැෂන් ඇකඩමිය නම් දරා ඇත. වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන්ගේ සිහින යථාර්තයක් බවට පත් කරමින් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සුවිශාල ජාතික මෙහෙවරක් ඉටු කරයි.

ගෝලීයව විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය හා සම්බන්ධ දත්ත පරීක්ෂා කිරීමේදී දැක ගත හැකි වුයේ ගෝලීය ඇඟලුම් නිෂ්පාදන වෙළද පොළ  ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3ක සිට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5ක් දක්වා 2020 වර්ෂය වන විට වර්ධනය වනු ඇති බවයි. මෙයට සමගාමීව  මිලියන 4.2 කට රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමට ගෝලීය විලාසිතා නිර්මාණකරණය හා බැඳුණු ව්‍යාපාර සමත් වී ඇත.  කලාපීය වශයෙන් ගතහොත් ආසියානු පැසිෆ්ක් කලාපය තුලින් ඉහළ ඇඟලුම් ඉල්ලුමක් වාර්තා වන අතර යුරෝපය, එක්සත් ජනපදය, චීනය පිළිවලින් ලොව ඉහළම ඇඟලුම් වෙළද පොළ අගයන්  වාර්තා කරයි. ලොව පුරා ප්‍රසිද්ධ ඇඟලුම් සන්නාම දෙස බැලීමේදී Louis Vuitton වෙළද පොළ සන්නාමය ඇමරිකානු ඩොලර් බිලියන 37ක අදායමකට හිමිකම් කියමින් ලොව ජනප්‍රියම ඇඟලුම් සන්නාමය බවට පත් වී ඇත.

දේශීයව ප්‍රජාව  සිය ඇඳුම් පැළදුම් භාවිතයේදී සහ මිලදී ගැනීමේදී අන් අය අනුකරණය සහ අනුගමනය කිරීම, අධි අපේක්ෂාවන් පවත්වා ගැනීම, ඔවුන්ටම අවේණික වූ ඇඳුම් පැළදුම් සහ සන්නාමයන්  සොයා යන යුගයක සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් ඒ සඳහා අවශ්‍ය ශ්‍රම බලකාය නිර්මාණය කිරීමෙහිලා විශාල පරාසයක විහිදුණු පාඨමාලා රැසක් මෙහෙයවයි.

විලාසිතා නිර්මාණකරණයට පමණක් සීමා නොවූ විෂය නිර්දේශයන් සමගින් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම, කුසලතා සහ නිර්මාණශිලිත්ව හැකියාවන්  වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරම් ඔස්සේ සිසුන්ට ඔවුන් විසින් තෝරා ගත යුතු මග පිළිබඳ මනා අවබෝධයක් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් ලබා දේ. විලාසිතා නිර්මාණකරණයෙන් ඔබ්බට ගොස් නව පරපුර තුල වූ හැකියාවන්  සහ කාලීන අවශ්‍යතාවන් එකිනෙක සම්මිශ්‍රණය කරමින් මෑතකදී හඳුන්වා දුන් විලාසිතා නිර්මාණකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව එහි  ඩිප්ලෝමා පාඨමාලාව සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාව ඉතා ආකර්ෂණිය පාඨමාලා ත්‍රිත්වයකි.  මෙහිදී සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිම කරන්නන් සඳහා ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා  පාඨමාලාව සදහා යොමු වීමේ හැකියාව පවතී.  සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් පවත්වනු ලබන පාඨමාලා හයක්  වෙනුවෙන් එක්සත් රාජධානියේ වරලත් නිර්මාණකරුවන්ගේ සංගමයේ (Chartered Society of Designers-UK)  CSD Validation තත්වය හිමි වී ඇති අතර එම සංගමයෙන් ඇගයීමට පාත්‍ර වූ  මෙරට ප්‍රථම ආයතනය බවට පත්වී ඇත්තේ සිංගර් ෆැෂන් ඇකඩමියයි.

විලාසිතා නිර්මාණකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව තුළ  විලාසිතා නිර්මාණකරණ වෙළද පොළ සහ විෂය පථය පිළිබඳ ගැඹුරු අධ්‍යනයක්,   textile and fabrics, pattern production සහ  garment construction ඇතුළු පුළුල් පරාසයක විහිදුණු විෂයන් රැසක් පිළිබඳ ඉගෙනුම් කටයුතු සිදු කරයි.  වෙනස් වන සමාජයට උචිත පාඨමාලා අවම පිරිවැයකින් අවසන් කිරීමේ හැකියාව ලබා දෙන පුරෝගාමී ආයතනය වනුයේ සිංගර් ෆැෂන් ඇකඩමියයි.සිසුන්  සඳහාම කැපවූ දක්ෂ, පළපුරුදු, සුහදශීලී උපදේශිකාවන් පිරිසක්  සිංගර් ෆැෂන් ඇකඩමිය හා  අත්වැල් බැදගෙන සිටී. ශාස්ත්‍රීය හා වෘත්තීය දැනුම සම්මිශ්‍රණය වූ ඉහළ ගුණාත්මක බවකින් යුත් අධ්‍යාපනයක් ලබා දීම සඳහාත්, ඒ සඳහා සුදුසු වටපිටාවක් නිර්මාණය කිරිමත් සිංගර් ෆැෂන් ඇකඩමියෙහි ඒකායන අභිලාෂය වේ.

සිංගර් ෆැෂන් ඇකඩමියේ මීළඟ බඳවා ගැනීම දැන් ආරම්භ වී ඇති අතර මාර්තු 31 දක්වා ඕනෑම සිංගර් ෆැෂන් ඇකඩමි යකට පැමිණ හෝ sbs@singersl.com හරහා ලියාපදිංචි විය හැක. ඉතා පහසු සහ දැරිය හැකි පිරිවැයකට මෙම පාඨමාලා සදහා ඕනෑම වයස් කාණ්ඩයක අයකුට ලියාපදිංචි විය හැකි අතර පාඨමාලා සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශණාගාර වලට අනුබද්ධිතව පිහිටුවන ලද  ෆැෂන් ඇකඩමි 62 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිසු සිසුවියන්ට පහසුවෙන් ළගා විය හැකි නගර වලදී සිය කුසලතාවන් වර්ධනය කරගැනීමේ  අවස්ථාව සිංගර් ෆැෂන් ඇකඩමි තුළින් හිමිවෙයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව