කොමර්ෂල් බැංකුවේ ‘Goldnet’ 16 වසරක් පුරා කාඩ්පත් ගනුදෙනු සඳහා විසඳුම් ලබාදීම සමරයි

Goldnet Symposium 2024 (LBN)

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් සේවා සපයන ඩිජිටල් වේදිකාව වන Goldnet හි වසර 16 ක සාර්ථක මෙහෙයුම් මෑතකදී සමරන ලදි. මේ වන විට දේශීය බැංකු හා මූල්‍ය ආයතන 6ක් මෙන් ම මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සේවා සපයන්නන් දෙදෙනාට මෙම පද්ධතිය සේවා සපයයි.

Goldnet සාමාජිකයින් උදෙසා බැංකුව විසින් සංවිධානය කරන ලද 2024 Goldnet සම්මන්ත්‍රණය ගෙවීම් කාඩ්පත් සම්බන්ධ මාතෘකා පිළිබඳ තාක්ෂණික වැඩසටහන් මාලාවකින් සමන්විත විය. තවද මෙහිදී, Goldnet සාමාජිකයින් හට ඇගයුම් පලක පිරිනමන ලද්දේ කොමර්ෂල් බැංකුව සමඟ ඇති නොසැලෙන හා අඛණ්ඩ හවුල්කාරීත්වය සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් ලබාදෙන දායකත්වය අගය කොට සලකමිනි.

 



 

2024 Goldnet සම්මන්ත්‍රණයේ සන්ධ්‍යාවේ පැවති සැසියේදී අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණයේ පුරෝගාමියෙකු හා වසර 103ක උරුමයක් ඇති මෙරට විශාලතම පුද්ගලික බැංකුව ලෙස, ඩිජිටල් ක්ෂේත්‍රයේ සුමට ගනුදෙනු ප්‍රවාහයක් පවත්වාගෙන යාමට පහසුකම් සැලසීම අපගේ යුතුකම බව අපි විශ්වාස කරමු. එය කුමන මූල්‍ය සංවිධානයක් විසින් සිදු කළත් පාරිභෝගිකයින් හට පරිශීලක හිතකාමී සේවා ප්‍රතිලාභ ලැබෙන බව සහතික කළ යුතුයි.”

කොමර්ෂල් බැංකුවේ Goldnet පද්ධතිය මගින් දැනට කාඩ්පත් නිකුත් කිරීමේ සිට කාඩ්පත් පුද්ගලීකරණය කිරීම, ATM සේවා හා කාඩ්පත් රහිත මුදල් ආපසු ගැනීමේ පහසුකම් දක්වා ගෙවීම් කාඩ්පත් ආශ්‍රීත සේවාවන් සපයයි. මෙම පද්ධතියෙන් සේවා ලබා ගන්නා සාමාජිකයින් අතර ඩයලොග්, SLT මොබිටෙල්, අමානා බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, සෙන්කඩගල ෆිනෑන්ස්, සණස සංවර්ධන බැංකුව, සිටිසන් ඩෙවලප්මන්ට් බෑන්ක් (CDB), සහ LOLC ෆිනෑන්ස් ද වේ.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව