
ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත් ජාත්‍යන්තර තලයේ කැපීපෙනෙන ජයග‍්‍රහණ යුගලක් වාර්තා කළේය. සැප්තැම්බර් 21 සිංගප්පූරුවේ ෂැංග‍්‍රිලා හෝටලයේ ටවර් බෝල්රූම් හි පැවති 2022 ඒෂියාමනි සම්මාන උළෙලේ දී ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සඳහා හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන සම්මාන ද්විත්වය බැංකුවට පිරිනමන ලදී. සේයාරුවෙන් දැක්වෙන්නේ සම්මාන උළෙලට සහභාගි වූ කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතායි.