කුබෝටා, ඇග්‍රොටෙක් සහ ෆාම්ට‍්‍රැක් කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ලීසිං දීමනා ලබා දීමට HNB, හේලීස් ඇග‍්‍රි සමඟ එක් වෙයි

Image 01

 




ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), කුබෝටා, ඇග්‍රොටෙක් සහ ෆාම්ට‍්‍රැක් කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකරුවන්ට පහසු ලීසිං විසඳුම් සහ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ලබා දීමට හේලීස් ඇග‍්‍රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඞ් (Hayleys Agriculture Holdings Ltd) සමඟ වන සිය සහයෝගීතාවය පසුගියදා අලූත් කරන ලදී.

ට‍්‍රැක්ටර් යන්ත‍්‍ර, ගොයම් සිටුවන යන්ත‍්‍ර සහ ගොයම් කපන යන්ත‍්‍ර සඳහා HNB ගනුදෙනුකාරභවතුන්ට විශේෂ වට්ටම් ලබා දෙන මෙම හවුල්කාරීත්වය ඞීන්ස් පාරේ පිහිටි හේලීස් ඇග‍්‍රිකල්ච ප‍්‍රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී අත්සන් තබන ලදී. HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා සහ හේලීස් ඇග‍්‍රිකල්ච හෝල්ඩින්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ, ජයන්ති ධර්මසේන මහත්මිය ගෞරවනීය අමුත්තන් ලෙස මෙම උත්සවයට සහභාගී වූහ.

මේ පිළිබඳව අදහස් දැක් වූ HNB පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා ‘‘පසුගිය වසර අප සියලූ දෙනාටම අභියෝගාත්මක වසරක් වුනා. ඒ කෙසේවෙතත් අපගේ ගනුදෙනුකාරභවතුන්ට වෙළෙඳපොලේ හැකි උපරිම ප‍්‍රතිලාභ ලබා දීමට අප අඛණ්ඩව කටයුතු කළා. එනිසා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සිටින ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් ශක්තිමත් කිරීමට හා පුළුල් කරගැනීමට මෙම ලීසිං දීමනා උපයෝගී කරගනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

එක් එක් ගනුදෙනුකරුවන්ගේ ආදායමට හා වියදමට සරිලන පරිදි සකස් කළ ආකර්ෂණීය ලීසිං පැකේජ ඇතුළුව අඩු පොළී අනුපාත, ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි නැවත ගෙවීමේ පහසුකම් ආදී ප‍්‍රතිලා රැසක් මෙම හවුල්කාරීත්වය මගින් HNB ගනුදෙනුකාරභවතුන්ට ලබා දෙනු ඇත. එමෙන්ම, ලීසිං ගනුදෙනුකාරභවතුන්ට කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇති අතර මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

‘‘කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ නියැලෙන අපගේ ගනුදෙනුකාරභවතුන් සංවර්ධනය කිරීමට හා ශක්තිමත් කිරීමට හේලීස් අප ප‍්‍රමුඛතාවය ලබා දෙනවා. මෙවැනි හවුල්කාරීත්වයන් තුළින් අපගේ ගනුදෙනුකාර පදනමට ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට අවශ්‍ය ආකර්ෂණීය ප‍්‍රතිලාභ සහ දැරිය හැකි ලීසිං පහසුකම් ලබා දෙනු ඇතැයි ද අප තරයේ විශ්වාස කරනවා,’’ යනුවෙන් හේලීස් ඇග‍්‍රිකල්ච හෝල්ඩින්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ, ජයන්ති ධර්මසේන මහත්මිය පැවසුවාය.

හේලීස් ඇග‍්‍රිකල්ච විසින් ගනුදෙනුකාරභවතුන්ට නොමිලේ බැටරියෙන් ක‍්‍රියාකරන ඇග්‍රොස්පේ‍්‍ර යන්ත‍්‍රයක් ද ලබා දෙනු ඇත.

මෙම ලීසිං ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර දිවයින පුරා පිහිටි HNB පාරිභෝගික ඒකකවලින් 011-2660330 ඇමතීමෙන් හෝ හේලීස් ඇග‍්‍රිකල්ච ප‍්‍රදර්ශනාගාරවලින් 0772893387 ඇමතීමෙන් ලබා ගත හැකිය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව