කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඊ-වාණිජ්‍ය වේදිකාවන් වෙත පහසු ප‍්‍රවේශයක් ලබා දීම සඳහා HNB, Daraz සමඟ අත්වැල් බැඳගනී

HNB_Daraz picture (LBN)

 



 

 

අන්තර්ජාලය ඔස්සේ මෙරට ව්‍යාපාරවල ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාලගත පාරිභෝගික භාණ්ඩ අලෙවි කරන ඊ-වාණිජ්‍ය වේදිකාව වන Daraz සමඟ පසුගියදා අත්වැල් බැඳ ගත්තේය.

මෙම හවුල්කාරීත්වය මගින් HNB SME ව්‍යවසායකයින්ට අන්තර්ජාලය ඔස්සේ තම ව්‍යාපාරික කටයුතු සඳහා ආරම්භයක් ලබා ගැනීමට පුළුල් පරාසයක සේවා සහ පහසුකම් සඳහා ප‍්‍රවේශය ලබා ගැනීම සඳහා ඔවුන්ට හැකියාව ලබා දෙයි. HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ Kaymu Lanka පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රඛිල් ප‍්‍රනාන්දු යන මහත්වරුන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයට සහභාගී විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරී, කයිලවාසන් ඉන්ද්‍රවාසන් පැවසුවේ ”වත්මන් ආර්ථික වාතාවරණයන් සැලකිල්ලට ගෙන, online නොවන අලෙවිසැල් විවෘත කිරීමේ හැකියාව ඉතා අඩුයි. නමුත් දැන් තාක්ෂණය නිසා ව්‍යාපාරවලට අන්තර්ජාලය ඉතා පහසු වේදිකාවක් වී තිබෙනවා. විශාල SME ව්‍යවසාය කළඹක් ඇති බැංකුව ලෙස, අපි අපගේ ගනුදෙනුකාරභවතුන්ට නව අවස්ථාවන් සඳහා ප‍්‍රවේශය ලබා දිය යුතු අතර ඔවුන්ගේ දියුණුව සඳහා මාර්ගය සකස් කළ දිය යුතු යැයි අපි විශ්වාස කරනවා. Daraz සමඟ වන අපගේ හවුල්කාරීත්වය මගින් අපගේ ගනුදෙනුකාරභවතුන් සඳහා කලාපීය වශයෙන් නව මාර්ග සහ වෙළෙඳපලවල් විවෘත කරනවා. එනිසා බොහෝ දෙනෙක් අන්තර්ජාලය ඔස්සේ සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් පුළුල් කිරීම සඳහා මෙම සුවිශේෂී අවස්ථාව යොදා ගනු ඇතැයි අප බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

තවද, මෙම ගිවිසුම හරහා HNB පාරිභෝගිකයින් පළමු මාස තුන සඳහා ගෙවිය යුතු ගාස්තුවෙන් නිදහස් කර ඇත. නව ව්‍යාපාර ස්ථාපිත කර ඇති පාරිභෝගිකයින්ට Daraz විශ්ව විද්‍යාලය විසින් සපයනු ලබන අධ්‍යාපනික පහසුකම් සඳහා අසීමිත ප‍්‍රවේශයක් ලබා දී ඇත.

”HNB හි පුළුල් පරාසයක විසිරුනු කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ඊ-වාණිජ්‍ය හැකියාවන් ශක්තිමත් කිරීමට අවස්ථාව ලබා දෙන බැංකුව සමඟ ඇති මෙම හවුල්කාරීත්වය පිළිබඳව අප සතුටු වනවා. සියලූම ආකාරයේ හා ප‍්‍රමාණයේ ව්‍යාපාරවල ජීවන තත්වය නංවාලීමට හැකියාව ඊ-වාණිජ්‍යයට හැකියාව තිබෙනවා. ඒවගේම එය SMEs හට නව වෙළඳපලවල් පිළිබඳව සොයා බැලීමට ලාබදායී වේදිකාවක් ද සපයනවා. පුළුල් ප‍්‍රවේශය, විශාල ක‍්‍රියාකාරී ගැනුම්කරුවන් සහ එම වේදිකාව සතු ප‍්‍රබල තාක්ෂණය සැලකිල්ලට ගනිමින්, මෙම හවුල්කාරීත්වය හරහා අලෙවිකරණය සහ සැපයුම් සඳහා අපගේ තාක්ෂණික සහාය උපයෝගී කර ගනිමින් දිවයින පුරා මිලියන ගණනක් පාරිභෝගිකයින් වෙත ළඟා වීමට කුඩා ව්‍යාපාරවලට හැකි වනවා’’. යනුවෙන් Daraz හි කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතා පැවසුවේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව