කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන්ට දැනුම බෙදාගැනීමේ සැසියක් සමඟ කොමර්ෂල් බැංකුව කාන්තා දිනය සමරයි

Women's Day 2024 (LBN)

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොමර්ෂල් බැංකුව විසින් සංවිධානය කරන ලද දැනුම බෙදාගැනීමේ සැසියකට කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායිකාවන් (WSMEs) 200 කට අධික පිරිසක් සහභාගී විය.

වෝටර්ස් එජ් හි පැවති මෙම සැසියට කාන්තා ගනුදෙනුකරුවන් සඳහා පමණක් වන බැංකු නිෂ්පාදන සහ සේවා කළඹ වන ‘අනගි’ කාන්තා බැංකුකරණ කළඹ විසින් සහාය දක්වන ලදී.

 



 

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය La Vivente (Pvt) Ltd හි සම නිර්මාතෘ ආචාරිනි දිලේෂා පෙරේරා පැවැත්වූ අතර, කාර්මික සංවර්ධන මණ්ඩලයෙහි (IDB) සභාපති ආචාර්ය සාරංග අලහප්පෙරුම, Satynmag නිර්මාතෘ නයෝමිනි වීරසූරිය මහත්මිය සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය සංවර්ධන (EDB) හි අධ්‍යක්ෂිකා සේපාලිකා ජයවර්ධන මහත්මිය විද්වත් මඩුල්ලේ සමාජිකයින් විය. දැනුම බෙදාගැනීමේ සැසියේ ඉදිරිපත් කිරීම් මඟින් අපනයන ව්‍යාපාරයක් පිහිටුවීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පළාත් පාලන ආයතන සමඟ ගනුදෙනු කිරීම පිළිබඳ කර්මාන්ත තීක්ෂණ බුද්ධිය, විස්තර සහ මාර්ගෝපදේශ ආවරණය කරන ලදී. අනතුරුව පැවති ප්‍රශ්නෝත්තර සැසියකට ආරාධිතයින්ගේ සක්‍රීය සහභාගීත්වය දක්නට ලැබිණි.

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා සහ ජ්‍යෙෂ්ඨ, ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා බැංකුව ලබා දී ඇති වැදගත්කම එයින් පෙන්නුම් කරන ලදී.

කොමර්ෂල් බැංකුවේ අනගි කාන්තා බැංකුකරණ කළඹ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගයෙන් නිර්මාණය කරන ලද අතර, කාන්තාවන් සඳහා මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය වැඩි කිරීම සඳහා එම ආයතනයේ ප්‍රවීණත්වය ඒ සඳහා ලැබී ඇත.

‘අනගි කාන්තා ඉතුරුම් ගිණුම’, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් සඳහා වන ‘අනගි ව්‍යාපාරික ණය,’ ක්‍රෙඩිට් කාඩ්පත් සහ කාන්තාවන් සවිබල ගැන්වීමට සහ උපකාර කිරීම සඳහා ඔවුන්ගේ මූල්‍ය සීමාවන් පුළුල් කිරීමට නිර්මාණය කර ඇති මූල්‍ය නොවන ප්‍රතිලාභ ඇතුළු අනෙකුත් නිෂ්පාදන සහ සේවාවන්ගෙන් අනගි කාන්තා බැංකුකරණ කළඹ සමන්විත වේ.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව