එයාර්ටෙල් සේවකයින්ට oDoc යෙදුම හරහා නොමිලේ ටෙලිමිඩිසින් වෛද්‍ය උපදේශනය

airtel-odoc

ජනප‍්‍රියතම සේවා සැපයුම්කරුවෙකු ලෙස සිය තත්වය තහවුරු කරමින් එයාර්ටෙල් ලංකා සමාගම සියලූම සේවකයින්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට සම්පූර්ණයෙන් ම නොමිලේ ටෙලිමෙඩිසින් වෛද්‍ය උපදේශනය ලබා දීම සඳහා විප්ලවීය ටෙලිමෙඩිසින් වේදිකාවක් වන oDoc සමඟ අත්වැල් බැඳ ගත් බව නිවේදනය කර ඇත. මෙම සහයෝගීතාවය 2020 මාර්තු මාසයේ සිට එනම් ශ්‍රී ලාංකිකයින් සමාජ දුරස්ථකරණයෙහි නිරතවීම සහ නිවසේ සිට වැඩ කිරීම ආරම්භ කිරීමත් සමඟ ක‍්‍රියාත්මක විය.

මෙම ටෙලිමෙඩිසින් පහසුකමට ඉංග‍්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් දුරස්ථ පිවිසුම ඇතුලත් අතර එමඟින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි සාමාන්‍ය හා විශේෂඥ වෛද්‍යවරුන් 600කට වැඩි පිරිසකට මෙන්ම දුරස්ථ රසායනාගාර සේවාවලට සහ නිවෙස්වලටම බෙහෙත් වට්ටෝරු ලබා දීම යන සේවාවලට ප‍්‍රවේශය ලබා දෙයි.

‘‘අපගේ කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුගේම ආරක්ෂාව, සෞඛ්‍ය සහ යහපැවැත්ම සැමවිටම එයාර්ටෙල් ලංකා සමාගමේ ඉහළම ප‍්‍රමුඛතාවයක් වේ. විශේෂයෙන්ම දැනට පවතින කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානම හමුවේ අපගේ සේවකයින් සහ ඔවුන්ගේ ආදරණීයයන් හොඳින් රැකබලා ගන්නා බවට සහතික කිරීමට අපට අවශ්‍ය වූ අතර පුරෝගාමී oDoc යෙදුම හරහා අවශ්‍ය විටෙක ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවා සඳහා දුරස්ථ ප‍්‍රවේශයක් ලබා දී ඇත. පුද්ගලයින් එකිනෙකා සම්බන්ධ කිරීමට සහ සැබෑ ලෝකයේ ගැටළු විසඳීමට විදුලි සංදේශවල හා ජංගම තාක්ෂණයේ බලය උපයෝගී කර ගනිමින් oDoc යෙදුම සෞඛ්‍ය සේවාවට පිවිසීමේදී ඇති බහුවිධ අභියෝගයන්ට මනා විසඳුමක් සපයයි. ශ්‍රී ලංකාව යථා තත්වයට පත්වීම ක‍්‍රමයෙන් ආරම්භ වුවත්, එම ප‍්‍රයත්නයන් වේගවත් කිරීම සඳහා මෙවැනි නවෝත්පාදන ඉවහල් වන බව අප විශ්වාස කරනවා.’’ යනුවෙන් එයාර්ටෙල් ලංකා සමාගමේ, මානව සම්පත් ප‍්‍රධානී, කනිෂ්ක රණවීර මහතා පැවසුවේය.

එයාර්ටෙල් සේවකයින් සඳහා හඳුන්වා දුන් මෙම කාලෝචිත සේවාව මූලික වශයෙන් ජංගම දුරකථනය හරහා වීඩියෝ තාක්ෂණයෙන් වෛද්‍ය උපදේශනය සිදු වනු ඇති අතර සේවකයින්ගේ අනවශ්‍ය ගමන් බිමන් හා සමාජයට නිරාවරණය වීම වැළකෙන බැවින් සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් ඵලදායී ශ‍්‍රම බලකායක් ඇති කිරීමට එමඟින් හැකි වේ.

නොමිලේ ලබා දෙන මෙම වෛද්‍ය උපදේශන සේවාව යනු සේවකයින් හට සමාජ දුරස්ථභාවය පුහුණු කරන අතරම වැඩි සේවක පිරිසක් සේවා ස්ථානයන් වෙත ආපසු පැමිණෙන බැවින් සේවකයින්ට සහාය වීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගමේ බහුකාර්ය උපාය මාර්ගික කොටසක් වේ. සම්බන්ධතාවය සඳහා ඇති අධික ඉල්ලූමට සරිලන පරිදි ස්ථාවර හා උසස් තත්වයේ සේවාවක් සහතික කිරීම සඳහා පැය 24 පුරා වැඩකරන සියලූම එයාර්ටෙල් සේවකයින් සඳහා දැඩි සනීපාරක්ෂක සහ ආරක්ෂක විධිවිධාන ක‍්‍රියාත්මක කර ඇත.

එයාර්ටෙල් පාරිශීලකයින්ට ද ඔවුන්ගේ හරපත් හා ණයපත් භාවිතා කර oDoc වෛද්‍ය උපදේශන සඳහා ගෙවීම් ද කළ හැකිය. Google Play Store වෙතින් oDoc යෙදුම බාගත කර පරිශීලකයින්ට ටෙලිමෙඩිසින් පහසුකම වෙත පිවිසිය හැකිය.

2017 දී ආරම්භ කරන ලද oDoc යනු ශ්‍රී ලංකාවේ විශාලතම ටෙලිමෙඩිසින් සමාගම වන අතර එමඟින් වීඩියෝ/ශ‍්‍රව්‍ය මාධ්‍ය හරහා වෛද්‍ය උපදේශනය සඳහා රෝගීන් වෛද්‍යවරුන් සමඟ සම්බන්ධ කරන අතර එමගින් ඔබට නිවෙසින් බැහැර නොගොස් වෛද්‍ය උපදෙස් හා ඖෂධ ලබා ගත හැකිය. oDoc ශ්‍රී ලාංකිකයින් 200,000 කට වැඩි සංඛ්‍යාවකට සේවය සලසන අතර මෑතකදී ඉන්දියාවේ හා මාලදිවයිනේ ජාත්‍යන්තර මෙහෙයුම් දියත් කළේය. oDoc, ටෙලිමෙඩිසින් සම්බන්ධව පොදුරාජ්‍ය මණ්ඩලීය ඩිජිටල් සෞඛ්‍ය සම්මානය (Commonwealth Digital Health Award)  මෙන්ම ඊ-ස්වාභිමානී ඩිජිටල් සමාජ බලපෑම් සම්මානය (e-Swabhimani Digital Social Impact Award) ද දිනා ගෙන ඇත.

 

භාරතී එයාර්ටෙල් ලංකා සමාගම   

2009 ජනවාරි 12 වැනි දින ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ භාරතී එයාර්ටෙල් ලංකා, ග‍්‍රාහකයින් මිලියනයක් ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණ කළ ජංගම සන්නිවේදන සේවා සමාගමයි. වර්ෂ තුනක් වැනි කාලසීමාවක් තුළ සිය ශ්‍රේණිගතවීම ඉහළ නංවාගත් එයාර්ටෙල් සමාගම රට පුරාම සිය ආවරණය පුළුල් කරගනිමින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම ජංගම සන්නිවේදන සේවා ජාලය බවට පත්විය. වර්තමානයේදී එයාර්ටෙල් සමාගම උසස් තත්ත්වයේ සහ සාධාරණ මිල ගණන් යටතේ හ`ඩ සහ දත්ත සේවාවන් ලබා දෙන අතර, ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ලියාපදිංචි වෙමින් මෙරට වඩාත් වේගවත් හා පුළුල් ආවරණයක් හිමි ජංගම විදුලි සංදේශ සේවා සමාගමක් බවට පත්ව තිබේ. වැඩි විස්තර සදහා www.airtel.lk වෙත පිවිසෙන්න.

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව