හැටන් නැෂනල් බැංකුවේ (HNB) සන්නිවේදන සේවා සහකරු ලෙස මොබිටෙල් පත්කෙරේ

Image 1
මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා සහ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා අවබෝධතා ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව. හැටන් නැෂනල් බැංකුවේ කාර්යමණ්ඩල සාමාජිකයින් (දකුණේ) සහ මොබිටෙල් කාර්යමණ්ඩල සාමාජිකයින් (වමේ)

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ව්‍යාපාර සන්නිවේදන විසදුම් සැපයුම්කරුවෙකු වන Mobitel Enterprise Business (MEB) හැටන් නැෂනල් බැංකුවේ සන්නිවේදන සේවා සහකරු වශයෙන් සිය ගමන් මගෙහි තවත් වැදගත් පියවරක් තබා තිබේ. මෙම සහයෝගීතාවය අනුව බැංකුවේ නිල ජංගම දුරකථන සන්නිවේදන සහකරු බවට පත්වෙමින් දුරකථන ඇමතුම්, SMS” Data” WIFI සහ වෙනත් සන්නිවේදන අවශ්‍යතා සියල්ල Mobitel Enterprise Business විසින් ඉහළ ඵලදායීත්වයකින් සවිබලගන්වනු ඇත. ලෝකයේ දැනට භාවිතා වන ජංගම දුරකථන සන්නිවේදන තාක්ෂණයන් සහ ඊට අදාල යටිතල පහසුකම් සපයමින් සිය උපරිම සහයෝගය ව්‍යාපාරයක දියුණුව වෙනුවෙන් යෙදවීමට MEB කටයුතු කරනු ඇත.

මෙම සහයෝගීතාවය පිළිබදව අදහස් දක්වන මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නලීන් පෙරේරා මහතා ‘‘මුල්‍ය සේවා ක්ෂේත‍්‍රයෙහි දැවැන්ත සන්නාමයක් වන හැටන් නැෂනල් බැංකුව සමග සහයෝගීතාවයකට එළඹෙන්නට ලැබීම ගැන අපි ඉතාමත් සතුටට පත්වෙනවා. නවතම බැංකුකරණ විසදුම් පාරිභෝගිකයා වෙත රැගෙන එන හැටන් නැෂනල් බැංකුව දේශීය සහ ජාත්‍යන්තර ඇගයීම් රැසකින් පිදුම් ලබමින් සිය කීර්තිනාමය ඉහළ නංවාගත් සමාගමක්. ඔවුන්ගේ සන්නිවේදන සහකරු වශයෙන් කටයුතු කරන්නට ලැබීම අප ලද භාග්‍යයක් ලෙසයි අපි දකින්නේ. MEB සෑම විටම සිය පාරිභෝගිකයින් වෙත විශිෂ්ට ICT සේවා විසදුම් රැගෙන එන අතර, big data, data science සහ advance data analytics භාවිතා කරමින් දැවැන්ත පරිමාණයේ ව්‍යවසායන් වෙත සන්නිවේදන සේවා සැපයීම හරහා ඔවුන්ගේ සන්නිවේදන සහයෝගීතාකරු වශයෙන් ඉහළ විශ්වාසයක් දිනාගැනීමට සමත්ව සිටිනවා. හැටන් නැෂනල් බැංකුවේ වර්තමාන හා ඉදිරි අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය කරන සන්නිවේදන සේවා සපයමින් ඔවුන්ගේ ව්‍යාපාරික විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරන්නට අප සතු අත්දැකීම් යොදාගන්නවා. නවීන තාක්ෂණය සමගින් MEB ලබා දෙන පුළුල් පරාසයක සේවා නිසා පාරිභෝගිකයින්ගේ ලාභදායීත්වය ඉහළ යාම මෙන්ම ඔවුහු නව සන්නිවේදන තාක්ෂණික භාවිතාවන් වෙත යොමුවීමද සිදුවෙනවා. අපගේ ක‍්‍රමෝපායික විසදුම් නිසා හැටන් නැෂනල් බැංකුව වැනි ප‍්‍රමුඛ පෙළේ සමාගම් ඇතුළු පාරිභෝගික පදනම තවදුරටත් ශක්තිමත් වෙනවා.’’

පුද්ගලික අංශයේ දැවැන්ත සමාගම්, රාජය ආයතන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සහ උසස් අධ්‍යාපන ආයතනයන් වැනි පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික පදනමක් තමන් සතු කරගන්නට ගතවූ වර්ෂ කිහිපය පුරාවට MEB සමත්ව සිටී. ජාතික ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන මොබිටෙල් සමාගමේ ව්‍යාපාරික සන්නිවේදන සේවා සැපයුම්කරුවන MEB, වැවිලි කර්මාන්ත, පුද්ගලික සහ නිවාස ආරක්ෂක, ගබඩා සේවා, ප‍්‍රවාහන ආදී අංශයන් වෙත සිය සේවාවන් ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබේ.

Mobitel Enterprise Business විශිෂ්ටත්වය දේශීය මෙන්ම ජාත්‍යන්තර සම්මානනීය ඇගයීම් රාශියකින් පිදුම් ලබා තිබෙන අතර, සිය මහජන සේවාවන් වන “Tell the President” ව්‍යාපෘතිය, iCard සහ mChannelling සේවාව වෙනුවෙන් ඉ – ස්වාභිමානී සම්මානයෙන් පිදුම් ලැබීම ඉතාම මෑතකදී ලද ජයග‍්‍රහණයකි. ISO 9001ථ2015 හිමිකර ගැනීමට සමත්වීම MEB හි තත්ත්ව පාලන ක‍්‍රියාවලියේ විශිෂ්ටත්වය පෙන්නුම් කිරීමකි. 2019 දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී විශිෂ්ටතම ව්‍යාපාර විසදුම් සැපයුම්කරුවා සම්මානය හිමිකරගනිමින් දකුණු ආසියානු කලාපය තුළ තම විශිෂ්ටත්වය ඉදිරියෙන්ම සටහන් කිරීමටද MEB සමත්ව සිටී.

ආයතනික පාරිභෝගිකයින්ට සන්නිවේදන සේවා සැපයීමේ වගකීම මොබිටෙල් සමාගම වෙනුවෙන් ඉටුකරන Mobitel Enterprise Business විශිෂ්ටතම ජංගම සන්නිවේදන තාක්ෂණයන් හා විසදුම් සමග එම ව්‍යාපාරික ආයතනයන්ගේ ඉදිරි ගමනට විශාල ශක්තියක් ලබා දෙයි. පුළුල් පරාසයක පැතිර සිටින සිය පාරිභෝගික පිරිසට ඔවුන්ගේ ව්‍යාපාරික ඉලක්කයන් වෙත ළ`ගාවීම තවදුරටත් පහසු කරමින් උපයෝගීතා සේවා, සහයෝගීතා සේවා හා ස්වයංක‍්‍රීයකරණ සේවා සැපයීමෙහි MEB නිරතව සිටී.

පාරිභෝගිකයින් සිටින තැන පිළිබදව සිතීමකින් තොරව අවශ්‍ය සේවාව ලබා දීම සදහා දිවයින පුරා සෑම ප‍්‍රධාන දිස්ත‍්‍රික්කයකම MEB සිය සේවාව ලබාදීමට කටයුතු කරයි. ජංගම සන්නිවේදන ක්ෂේත‍්‍රයෙහි නවතම නිපැයුම් හා තාක්ෂණයන් සමගින් ව්‍යාපාරික ආයතනයන් වෙත අවශ්‍ය සේවාව ඉතාමත් විශිෂ්ට මට්ටමින් ලබා දීමට මෙවැනි සහයෝගීතාවයන් හරහා MEB කටයුතු කරමින් සිටී. ලොව ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණ සේවා සැපයුම්කරුවෙකු වන මයික්‍රොසොෆ්ට් සමාගම සමගින් විශිෂ්ට සහයෝගීතාවයක් පවත්වාගෙන යමින් ඔවුන්ගේ සේවා සැපයීම තවත් සවිබලගන්වන්නට හැකිවීමද MEB ලද ජයග‍්‍රහණයකි.

Mobitel Enterprise Business (MEB) යනු මොබිටෙල් සමාගමේ ආයතනික සන්නිවේදන සේවා සැපයුම් අංශය වන අතර, තොරතුරු සන්නිවේදන තාක්ෂණ විසදුම් සමගින් ජංගම සන්නිවේදන තාක්ෂණයන් උපයෝගී කරගනිමින් පාරිභෝගිකයින්ගේ ඉදිරි ගමන වඩාත් සාර්ථක කරවීමට කැපවීමෙන් කටයුතු කරයි. 0711 717171 යන සෘජු දුරකථන අංකයෙන් හෝ mbs@mobitel.lk ඊමේල් ලිපිනයෙන් MEB සමග සම්බන්ධ වීමට හැකියාව තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව