හච්, රීචාර්ජ් කාඩ්පත් පාරිභෝගිකයින් හටබෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගනියි

SLpost

කොවිඩ්-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ඉල්ලීම මත, තොරතුරු, ජනමාධ්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, හච් පාරිභෝගිකයින් සඳහා රීචාර්ජ් කාඩ්පත් නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන්හච්,‍ තැපැල් දෙපාර්තමේන්තුව සමග අත්වැල් බැඳ ගෙන තිබේ. ඒ අනුව රට පුරා තැපැල් ස්ථාන මගින්, හච් රීචාර්ජ් කාඩ්පත් සිය නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ පහසුකම ඉදිරියේදී හච් පාරිභෝගිකයින් හට හිමි වේ.

මෙම රීලෝඩ් කාඩ්පත් සේවාව, 078 හා 072 අංක භාවිත කරන පාරිභෝගිකයින් හට පිරිනැමෙන්නේ, මෙකී තීරණාත්මක කාල සීමාවේ අඛණ්ඩ සබඳතාව පවත්වා ගැනීම පිණිස වසරක් සඳහා වලංගු කාල සීමාවක්ද සමගිනි.

පාරිභෝගිකයින් හට ළඟම තැපැල් ස්ථානය හා සම්බන්ධ වී තැපැල් දෙපාර්තමේන්තුව මගින් දිවයින පුරා බෙදා හැරෙන ඖෂධ සමගම, රීචාර්ජ් කාඩ්පත්ද ලබා ගැනීමේ හැකියාව පවතී. ඉදිරියේදී රටපුරා තැපැල් ස්ථාන වැඩි ප්‍රමාණයක් මගින් හච් රීචාර්ජ් කාඩ්පත් ලබා ගැනීමේ හැකියාව පවතී. දිවයින පුරා තැපල් ස්ථාන උප තැපැල් ස්ථාන හරහා අංග සම්පූර්ණ බෙදා හැරීමේ ක්‍රමවේදයක් පසුව සකස් කිරීමටද නියමිතය.

හච් පාරිභෝගිකයින් හට නිවෙස්වල රැඳී සිටින කාල සීමාව තුළ රීචාර්ජ් කාඩ්පත් මිලදී ගැනීමේ පහසුව සලසමින්, දිවයින පුරා ප්‍රාදේශීය තැපැල් ස්ථාන 15 ක්, ප්‍රධාන තැපැල් ස්ථාන 653 ක් හා උප තැපැල් ස්ථාන 3410 ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.

“වත්මන් තත්ත්වය හමුවේ පෙරමුණ ගන්නා සෞඛ්‍ය අංශ හා තැපැල් දෙපාර්තමේන්තුව වැනි රජයේ බලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියාවට නැංවෙන මෙම කටයුත්තට සම්බන්ධ වීම අපට ආඩම්බරයක්. වගකිව යුතු පෞද්ගලික ආයතනයක් ලෙසින්, මෙම අතිශය තීරණාත්මක කාල සීමාවේ රටේ සෑම ප්‍රදේශයකම සිටිනා අපගේ වටිනා පාරිභෝගිකයින් සන්නිවේදන අවශ්‍යතා අතින් බල ගැන්වීමට අපි මෙම කටයුත්තත් සමග සම්බන්ධ වී සිටිනවා. අපගේ පාරිභෝගිකයින් හට අඛණ්ඩව සම්බන්ධතාව ලබා දීමට අවස්ථාව සැලසීම පිළිබඳ තොරතුරු හා ජන සන්නිවේදන, උසස් අධ්‍යාපන,‍් තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට හා තැපැල් දෙපාර්තමේන්තුවට මාගේ කෘතඥතාවය පිරි නැමීමටත් මම කැමතියි. රට යථා තත්ත්වයට පත් වීමත් සමග මෙම අගනා කටයුත්තසමස්ත ශ්‍රී ලංකාවටම වඩාත් පහසු සේවාවක් ලෙසින් දිගටම පවත්වාගෙන යා හැකි බව අපට විශ්වාසයි.” හච් අලෙවි සාමාන්‍යාධිකාරී මනෝජ් කුමාර් මෝසෙස් සඳහන් කළේය.

කොව්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, ඔසුසල හා එක්ව වට්ස්ඇප්, වයිබර් හා එම්. එම්. එස් මගින් ඇණවුම් කෙරෙන ඖෂධ නිවෙස්වලට බෙදා හැරීමේ ක්‍රම වේදයක් සකස් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රටපුරා ඇති ඖෂධ හල් හඳුනා ගෙන ඇති අතර, www.health.gov.lk මගින් එම ඖෂධ හල් ලැයිස්තුව වෙත ප්‍රවේශ වීමට හැකිය.

තැපැල් දෙපාර්තමේන්තුව සමග ඇති කරගත් මෙම සුවිශේෂි සම්බන්ධතාවය හච් හි “Be. Anywhere” තේමා පාඨය තවදුරටත් ශක්තිමත් කරමින්, “දැවැන්ත හා සමීප” සබඳතාව තවදුරටත් රටපුරා ව්‍යාප්ත කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව