සොෆ්ට්ලොජික් ලයිෆ් COVID-19 වසංගත සමයේදී සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ‘Call a Doctor’ පහසුකම දියත් කරයි

Image 1

 




 

 

ශ‍්‍රී ලංකාවේ සීඝ‍්‍රයෙන් වර්ධනය වන සහ හොඳම සෞඛ්‍ය රක්ෂණය හිමි සොෆ්ට්ලොජික් ලයිෆ් ආයතනය සිය රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍ය යහ පැවැත්ම වෙනුවෙන් තවදුරටත් කැපවෙමින් නවතම සේවාවක් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ, සතියේ දින 7 පුරාත් දවසේ පැය 24 පුරාත් නොමිලේ ක‍්‍රියාත්මක වන ‘Call a Doctor’ සේවාවයි. විශේෂයෙන් පවතින COVID-19 වසංගත කාලය තුළ රක්ෂණ ඔප්පු හිමියන්ගේ සහ සොෆ්ට්ලොජික් ලයිෆ් කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව හා සුව පහසුව වෙනුවෙන් හඳුන්වා දෙනු ලැබූ මෙම සුවිශේෂී සේවාව හරහා දවසේ ඕනෑම වේලාවක දුරකතන ඇමතුමක් හරහා වෛද්‍යවරුන්ගේ විශේෂඥ දැනුම තුළින් තමන්ගේ හෝ පවුලේ සාමාජිකයකුගේ සෞඛ්‍ය ගැටළු සඳහා අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව රක්ෂණ ඔප්පු හිමියන් හා සොෆ්ට්ලොජික් ලයිෆ් කාර්ය මණ්ඩලය වෙත උදා කර දී ඇත.

එසේම නිවසටම සීමා වී සිටින කාලය තුළදී ‘Call a Doctor’ සේවාව තුළින් වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි අවශ්‍ය බෙහෙත් නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාවද රක්ෂණ ඔප්පු හිමියන් වෙත සලසා දී තිබීම විශේෂත්වයකි. තවද රක්ෂණ හිමිකරුවන්ට මෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ් කාර්ය මණ්ඩලය හටද මේ හරහා PCR පරීක්ෂණයක් සිදුකර ගැනීම සැලසුම් කරගැනීමට අවශ්‍ය සහාය ලබා ගත හැකි අතර, ඔවුන්ගේ රක්ෂණ ඔප්පුවේ ඇති කොන්දේසිවලට අනුව එම PCR පරීක්ෂණ වියදම පියවා ගැනීමටදල රෝහල් ගතවීමක් සැලසුම් කරගැනීමට අවශ්‍ය සහාය ලබා ගැනීමට ද හැකි වේ. මෙහි අන්තර්ගත සියලූ සේවාවන් දැනට පවතින රජයේ රෙගුලාසි, පහසුකම්වල ධාරිතාව මෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරනු ලැබේ.

මෙම නවතම සේවාව පිළිබඳව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ් හි කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘මේ වන විට පවතින වසංගත තත්වය හේතුවෙන් අපගේ ගනුදෙනුකරුවන් එදිනෙදා සෞඛ්‍ය යහ පැවැත්ම අතින් ඉමහත් දුෂ්කරතාවයකට මුහුණ දෙමින් සිටිනවා. ඔවුන් නිරන්තරයෙන් ඔවුන්ගේ සෞඛ්‍යය පිළිබඳව අවධානය යොමු කරමින් සිටියද ඔවුන්ගේ සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා වෛද්‍යවරයෙක් හමුවීමට නොහැකි වී තිබෙනවා. එවන් තත්වයක් තුළ “Doctor on Call” වැනි ඩිජිටල් සෞඛ්‍ය සේවා පහසුකමක් දියත් කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. රට තුළ සංචරණ සීමා ක‍්‍රියාත්මක කාලය තුළ ටෙලි මෙඩිසින් හා ඩිජිටල් සේවාවන් බලගැන්වීම හරහා රක්ෂණ ඔප්පු හිමියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම මෙම ‘Call a Doctor’ හි අරමුණයි. සමාජ දුරස්ථභාවය වැනි සංකල්ප එදිනෙදා ජීවිතයේ කොටසක් වන විට හා රෝහල් ඇතුළු වෙනත් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී ඉතිරී යමින් ඇති කාලයක ටෙලිහෙල්ත් වැනි සේවාවක් කෙතරම් වැදගත්දැයි යන්න COVID-19 වසංගතය අපට පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් අවදානමට ලක්ව ඇති ප‍්‍රදේශයන්හි සිර වී සිටින රෝගීන්ට අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට මේ තුළින් හැකියාව උදා වනවා. නවෝත්පාදනයන්ගෙන් සහ මනුෂ්‍යත්වය කෙරෙහි ඇති අන්‍යෝන්‍ය අවබෝධයෙන් ශක්තිමත් වූ අප මෙම COVID-19 වසංගත කාලය තුළ අපගේ සියලූම පාර්ශවකරුවන්ට මෙන්ම සෞඛ්‍ය සේවාවන්හි නියැලෙන සියලූ ප‍්‍රජාවන්ට අත්වැලක් වීමටත් ඔවුන් වෙනුවෙන් නැගී සිටීමටත් අපි අඛණ්ඩව කටයුතු කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

රට තුළ වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන COVID-19 වසංගත තත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවය හා සංචරණ සීමාවන්ද තව දුරටත් ක‍්‍රියාත්මක වෙමින් පවතින අතර ජනතාවගේ ශාරීරික මෙන්ම මානසික යහපැවැත්ම වෙනුවෙන් ටෙලි හෙල්ත් සඳහා  ඇති ඉල්ලූම දිනෙන් දින ඉහළ යමින් පවතී. එවන් තත්වයක් තුළ සෞඛ්‍යාරක්ෂාව හා රැකවරණය වෙනුවෙන් සොෆ්ට්ලොජික් ලයිෆ් වෙත යොමුවන ජනතාවට හඳුන්වා දෙනු ලැබූ මෙම ‘Call a Doctor’ සේවාව ඉතා කාලෝචිත පියවරක් ලෙස සඳහන් කළ හැකිය.

COVID-19 සඳහා වන රක්ෂණ ආවරණයක් මෙන්ම අතරමැදි සත්කාරක මධ්‍යස්ථානයන්හි ප‍්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ වෛද්‍ය වියදම් ආවරණයක් ලබා දුන් පුරෝගාමී රක්ෂණ ආයතනයන්ගෙන් එකක් ලෙසද සොෆ්ට්ලොජික් ලයිෆ් සඳහන් කළ හැකිය. ජීවිත රක්ෂණ මිලදීගැනීම් සඳහා රක්ෂණ නියෝජිතයකු හා සම්බන්ධ නොවී (contactless services) තමන්ගේ ජීවිත රක්ෂණ උපදේශක කණ්ඩායම හරහා ලබාදීමටද සොෆ්ට්ලොජික් ලයිෆ් පියවර ගෙන ඇති අතර ඩයලොග් පාරිභෝගිකයින් හට #107# ඇමතීම තුළින් නිවසේ සිටම ආරක්ෂිතව පහසුවෙන් ජීවිත රක්ෂණ මිලදී ගැනීමට ද හැකියි. 2017 වසරේ සොෆ්ට්ලොජික් ලයිෆ් ආරම්භයේ සිටම නිවසේ සිටම ඔන්ලයින් මාධ්‍යන් හරහා හිමිකම් පියවීම් හා වෙනත් ඩිජිටල් රක්ෂණ සේවාවන් සපයනු ලබන ඔවුන් සතු “Life Up App” අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මෙවන් අසීරු කාලයකදීත් ගනුදෙනුකරුවන් වෙත සුවිසල් වටිනාකමක් ලබා දී ඇත්තේ කොන්දේසි විරහිතව ගනුදෙනුකරුවන් හා සමාගම අතර වන බැඳීම තව තවත් වර්ධනය කරමිනි.

මෙම අලූත් ජීවන රටාව (New Normal) ජනතාවගේ රැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, ව්‍යාපාර යනාදී කටයුතු සහ සමාජ සබදතා කෙරෙහි අභියෝගාත්මකව බලපා ඇති අතර ඒතුලින් පෙර නොතිබූ අභියෝග සහ මානසික පීඩාවන් රැසකට මුහුණ දීමට ඔවුන්ට සිදු වී ඇත. එවන් පරිසරයක් තුළ වගකීමක් සහිත සන්නාමයක් ලෙස සියලූ ශ‍්‍රී ලාංකිකයින් වෙත ඉහළ ජීවන තත්වයක් ළඟා කිරීම වෙනුවෙන් කැපවී ක‍්‍රියා කරන සොෆ්ට්ලොජික් ලයිෆ් COVID-19 හේතුකොටගෙන පැන නැගුණු සීඝ‍්‍රයෙන් වෙනස් වන අභියෝගවලට මුහුණ දීමටත් ඒවා ජය ගැනීමටත් නව්‍යකරණ සේවාවන් රැසක් හඳුන්වාදීමට කටයුතු කර ඇත.

එක් දින හිමිකම් ගෙවීමේ ක‍්‍රියාවලිය, ලෝකයේ ඕනෑම රටකට ගොස් රෝහල් ප‍්‍රතිකාර ලබාගත හැකි පරිදි රුපියල් මිලියන 50ක් දක්වා වන ලංකාවේ විශාලතම සෞඛ්‍ය රක්ෂණ විසඳුම, විප්ලවීය ජංගම රක්ෂණ විසඳුම් ඇතුළු තවත් බොහෝ රක්ෂණ සේවාවන් සොෆ්ට්ලොජික් ලයිෆ් විසින් ශ‍්‍රී ලාංකේය ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දී ඇත්තේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ සම්මතයන්ද අභිබවා යමිනි. මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය තුළ බොහෝ හඳුන්වාදීම්හි ප‍්‍රමුඛත්වය ගෙන ඇති සොෆ්ට්ලොජික් ලයිෆ් ජාත්‍යන්තර වශයෙන්ද ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව හා යහ පැවැත්ම වෙනුවෙන් ඉහළ සේවාවක් ලබා දීමට කටයුතු කර ඇත්තේ වගකිව යුතු ආයතනයක කාර්යභාරය මනාව හදුනාගනිමිනි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව