සොෆ්ට්ලොජික් ලයිෆ් CMA ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගනී

Softlogic

 



 

 

 

2022 නව වසර සැබෑ ජයග‍්‍රාහී හැඟීමකින් යුතුව ආරම්භ කරමින් ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් 2021 CMA ක්‍ඵ් ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ‘One Lankan’ යන තේමාව යටතේ ඉදිරිපත් කරන ලද සිය වාර්ෂික වාර්තාව සඳහා එම සම්මාන උළෙලේ සමස්ත රන් සම්මානය දිනා ගනිමින් ඉහළම පිළිගැනීමට ලක් විය. ඒ අනුව මෙම ගෞරවාන්විත සම්මානය දින ගත් ළාබාලතම ශ‍්‍රී ලාංකික සමාගම බවට පත් වෙමින් සොෆ්ට්ලොජික් ලයිෆ් නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

මෙම සමස්ත රන් සම්මානයට අමතරව සොෆ්ට්ලොජික් ලයිෆ් තවත් සම්මාන තුනක් දිනා ගත් අතර එයට විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තාව – රක්ෂණ අංශය, විශේෂ සම්මානය-ඒකාබද්ධ චින්තනය සහ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඒකාබද්ධ වාර්ෂික වාර්තා පහෙන් එකක් වීම ආදී සම්මාන ඇතුලත්ය. තවද, සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ මහතා CMA CFO විශිෂ්ටතා සම්මානය සමඟින් පිළිගැනීමට ලක් වීම මෙහි සුවිශේෂී සිදු වීමක් විය.

ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය (CMA) විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල ඒකාබද්ධ චින්තනය හා ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් පොදු සමාගම්, පෞද්ගලික හා රාජ්‍ය ව්‍යාපාර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ඇතුළු ශ‍්‍රී ලංකා ව්‍යාපාරික ආයතන ඇගයීමට ලක් කරයි.

2013 දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද ‘International <IR> Framework’ වැනි ගෝලීය මිනුම් සලකුණට අදාල මාර්ගෝපදේශ භාවිතා කරමින් මෙම ඒකාබද්ධ වාර්තා තක්සේරුවට ලක් කෙරේ. මෙම තක්සේරුව ගිණුම්කරණ සහ මූල්‍ය තොරතුරු පිළිබඳව පමණක් නොව <IR> වෙත ලබා දී ඇති මූල්‍ය නොවන තොරතුරු පිළිබඳව සලකා බලනු ලබයි. මේ සඳහා සමාගම් 41ක් අයදුම් ඉදිරිපත් කර තිබූ අතර ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවන්ගෙන් සැදුම්ලත් ප‍්‍රවීන හා කීර්තිමත් විනිසුරු මඩුල්ලක් විසින් ඒවා අධ්‍යයනය කරන ලදී.

මෙම ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වන සොෆ්ලොජික් ලයිෆ් හෝල්ඩින්ග්ස් සභාපති අශෝක් පතිරගේ මහතා ‘‘2021 CMA ඒකාබද්ධ වාර්ෂික වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී අප ලබා ගත් කැපී පෙනෙන ජයග‍්‍රහණයන් මූල්‍ය වාර්තාකරණයෙදී් ඉහළම ගෝලීය ප‍්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමට අපගේ දැඩි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක්. අපගේ ව්‍යාපාරයේ සෑම අංශයකින්ම සාර්ථක වීමට අපගේ ඇති දැඩි උනන්දුව හා කැපවීම ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉහළම ස්ථානයට අපව රැගෙන ගොස් තිබෙනවාx එනිසා රටේ අනෙකුත් ප‍්‍රමුඛ ආයතනවලට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටීමට සමාගම පෙළඹී ඇති ආකාරය දැකීම ඇත්තෙන්ම සතුටක්.’’ යනුවෙන් පැවසුවේය.

සොෆ්ට්ලොජික් ලයිෆ් ලබා ගත් මෙම සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වන මින් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘ව්‍යාපාරික ආකෘතිවලට කොවිඞ් වසංගතයෙන් ඇති වූ දැඩි බලපෑම නිසා වාර්තාකරණ ක‍්‍රමෝපායන් පිළිබඳව නැවත සිතා බැලීමට අවශ්‍යයි. මෙවැනි පෙර නොවූ විරූ කාලවල මූල්‍ය තොරතුරු මඟින් පමණක් ආයතනවලට සහ ආයතනික කළමනාකරණයට කොවිඞ්-19 මගින් ඇති කළ බලපෑම් ප‍්‍රමාණවත් ලෙස අවබෝධ කරගත නොහැකියි. එවැනි පසුබිමක් තුළ ඒකාබද්ධ වාර්තාකරණය මඟින් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පරිපූර්ණ දෘෂ්ටියක් සහ වටිනාකම නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලීන් පිළිබඳ නිවැරදි ආදර්ශයක් සපයනු ලබනවා. මෙවර CMA විශිෂ්ටතා සම්මාන උලෙළේදී ප‍්‍රධාන සම්මාන තුනක් සමඟින් සමස්ත රන් සම්මානය දිනා ගැනීම තුළින් නව සාමාන්‍යකරණය තුළ ව්‍යාපාර පවත්වා ගෙන යාමේදී විශ්වසනීය සහ කාලෝචිත තොරතුරු සැපයීම සඳහා අපගේ ප‍්‍රධාන පාර්ශවකරුවන් සමඟ අප සම්බන්ධතා පවත්වන ආකාරය ඉහළ නැංවීමට සංවිධානයක් ලෙස අප ගෙන ඇති පියවර තවදුරටත් තහවුරු කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

”සමාගමේ වාර්ෂික වාර්තාව සකස් කිරීමේදී වඩාත් බලපෑම් සහගත ලෙස හා පුළුල් මූල්‍ය වාර්තාකරණ ක‍්‍රමෝපායන් සමඟින් ඊට අදාල ප‍්‍රමිතීන් සපුරාලීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් මූලිකත්වය ගෙන කටයුතු කිරීම පිළිබඳව අපගේ මූල්‍ය කණ්ඩායමට මා ස්තූති කිරීමට කැමැතියි. අනාගතයේදී ද සවිස්තරාත්මක මූල්‍ය වාර්තා සකස් කිරීම සඳහා ඉහළම ඒකාබද්ධ වාර්තාකරණ ප‍්‍රමිතීන් අනුගමනය කිරීමේ අපගේ ප‍්‍රයත්නයන් අඛණ්ඩව කරගෙන යාමට අප කැප වනවා.’’ යනුවෙන් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් ප‍්‍රධාන මූල්‍ය නිලධාරී නුවන් විතානගේ මහතා පැවසුවේ ‘‘විශේෂයෙන්ම මෙම නව ඩිජිටල් ලෝකයේ මහජන මුදල් සමඟ ගනුදෙනු කරන රක්ෂණ සමාගමක් ලෙස පාර්ශවකරුවන් සමඟ සම්බන්ධ වීමට සමාගම් භාවිත කරනු ලබන ප‍්‍රබල සන්නිවේදන මෙවලමක් ලෙස වාර්ෂික වාර්තාව අඛණ්ඩව ඉදිරියටත් පවතීවි. මූල්‍ය සහ මූල්‍ය නොවන යන දෙඅංශයෙන්ම අපගේ මෙහෙයුම් පෙන්වීමට එය අපට හැකියාව ලබා දී තිබෙනවා. අපගේ පාර්ශවකරුවන්ගේ විවිධ අවශ්‍යතාවලට හොඳින් සම්බන්ධ වන ආකාරයෙන් සමාගමේ උපාය මාර්ග සහ එහි අපේක්ෂාවන්, කාර්යසාධනය සහ පාලනය සන්නිවේදනය කිරීමයි ඒකාබද්ධ වාතාකරණය යනුවෙන් හැඳින්වෙනවා. ඉහළ මට්ටමේ පාර්ශවකරුවන්ගේ කළමනාකාරීත්වයක් පවත්වාගෙන යාම සහ යහ පාලනය සහතික කිරීමට, මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය සහ වගවීම සඳහා අපගේ කැපවීම උදෙසා රක්ෂණ ක්ෂේත‍්‍රයේ අපව ඉහළටම ඔසවා තැබූ මෙම සම්මානය ලැබීම ගැන අප සැබවින්ම සතුටට පත් වනවාx’’ යනුවෙනි.

සොෆ්ට්ලොජික් ලයිෆ් හි ඒකාබද්ධ වාර්ෂික වාර්තා ‘International <IR> Framework’ සහ Standard ‘Core’ වැනි ගෝලීය මිනුම් සළකුණු අනුව සිදු කරනු ලබයි. සියලූ පාර්ශවකරුවන් සමඟ ආයතනික සේවාව බෙදා ගැනීම සඳහා වන සමාගම් අරමුණෙහි කොටසක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය. තම සියලූම පාර්ශවකරුවන් හට වටිනාකමක් නිර්මාණය කිරීමේ අධිෂ්ඨානය වෙනුවෙන් ඒකාබද්ධ වාර්තාකරණ සැලසුම යටතේ Six Capital Reporting Framework හරහා එම සැලැස්ම සියලූ දෙනා වෙත දැනුම් දීම වෙනුවෙන් ද මෙම වාර්ෂික වාර්තාව සුවිශාල කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

මේ වසරේ මුල් භාගයේදීම ඒකාබද්ධ වාර්තාකරණය (integrated reporting) වෙනුවෙන් ආසියාතික තලයේ බාහිර සහතික (external assurance) ලත් එකම ශ්‍රී ලාංකේය සමාගම ලෙස සොෆ්ට්ලොජික් ලයිෆ් ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලැබුවාග තවද වාර්ෂික වාර්තාවක් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට වීඩියෝ ආකෘතියක් හරහා නිකුත් කිරීම හා තවත් බොහෝ ඩිජිටල් නවෝත්පාදනයන් හරහා නව්‍ය පාර්ශවකරුවන්ට අවශ්‍ය තොරතුරු වේගවත්ව නිරවද්‍ය හා විනිවිදභාවයෙන් යුතුව ලබාදීමට සොෆ්ට්ලොජික් ලයිෆ් කටයුතු කර තිබෙනවා. සිය අභිමානය යළිත් සනිටුහන් කරමින් මෑතකදී පැවති CA ශ‍්‍රී ලංකා හි 56 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ප‍්‍රධාන සම්මාන කිහිපයක් සමඟින් සමස්ත රිදී සම්මානය දිනා ගනිමින් සිය අභිමානය යළිත් තහවුරු කරනු ලැබුවේ මෙරට දැවැන්ත සමාගම් ද අභිබවා යමින්ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව