සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි මුල් අදියරේ ජයග‍්‍රාහකයින්ට රුපියල් මිලියන 5 ක රත්තරන්

FS 1st Draw winners (1)

 දැවැන්ත අභියෝග මැදින් ගෙවුණු 2020 වසර අවසානයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන් කණ්ඩායමකට සතුට ගෙනෙමින් රුපියල් මිලියන 5 ක් වටිනා රත්තරන් ප‍්‍රදානය කිරීමට මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා පසුගියදා කටයුතු කරන ලදී. මේ අනුව, පවතින කොවිඞ්-19 වසංගත තත්ත්වය හමුවේ තිබෙන සංචරණ සීමා හේතුවෙන් සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි 14 වන වැඩසටහන සඳහා සමාගම විසින් විදේශීය සහ දේශීය සංචාරයන් ලබාදීම අත්හිටුවා ජයග‍්‍රාහකයින්ට රත්තරන් ත්‍යාග වශයෙන් ලබාදීමට තීරණය කළේය. මේ යටතේ, සමාගම විසින් පසුගියදා මෙම රත්තරන් ප‍්‍රදානය කළේ මෙවර ෆැමිලි සවාරි වැඩසටහනේ පළමු ජයග‍්‍රාහකයින් කණ්ඩායමටයි. සේයාරුවෙන් දැක්වෙන්නේ සෙලින්කෝ ලයිෆ් වෙතින් රුපියල් මිලියනයක රත්තරන් ජයග‍්‍රහණය කළ රක්ෂණ ඔප්පුහිමියා (ඉහළ) සහ රුපියල් 250,000 ක් බැගින් රත්තරන් ජයග‍්‍රහණය කළ රක්ෂණ ඔප්පු හිමියන් දෙදෙනායි. සමාගමේ රක්ෂණ ඔප්පු හිමියන්ට සමස්තයක් ලෙස රුපියල් මිලියන 30 ක් වටිනා රත්තරන් ප‍්‍රදානය කිරීමට අදාළ තවත් දිනුම් ඇදීම් පහක් 2021 වසරේදී පැවැත්වීමට නියමිතව තිබේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව