සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහනේ 05 වන රත්තරන් දිනුම් ඇදීම පවත්වයි

FS 14 - 5th draw

 




 

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් පවත්වන 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ අවසාන මහා තරගය කරා ක‍්‍රම ක‍්‍රමයෙන් ගමන් කරමින් තිබෙන අතර සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට යළිත් වරක් රත්තරන් දිනාගැනීමට අවස්ථාවක් උදා වී තිබේ. වසරක් පුරා පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ මාස දෙකකට වරක් පැවැත්වෙන දිනුම් ඇදීම් වල 5 වැන්න පසුගියදා පැවැත්වුණු අතර එහිදී රුපියල් මිලියන 05 ක් වටිනා රත්තරන් ප‍්‍රදානය කිරීම සඳහා තවත් ජයග‍්‍රාහකයින් 100 කට වැඩි සංඛ්‍යාවක් සමාගම විසින් තෝරා ගන්නා ලදී.

මෙම ජයග‍්‍රාහකයින් අතුරෙන් එක් අයෙකු රුපියල් මිලියනයක් වටිනා රත්තරන් ද, දෙදෙනෙකු රුපියල් 250,000 බැගින් වටිනා රත්තරන් ද, පස් දෙනෙකු රුපියල් 100,000 බැගින් වටිනා රත්තරන් ද, විසිපස් දෙනෙකු එක් අයෙකුට රුපියල් 50,000 වටිනා රත්තරන් ද, හැත්තෑ දෙනෙකු රුපියල් 25,000 බැගින් වටිනා රත්තරන් ද ජයග‍්‍රහණය කළේය. මෙම දිනුම් ඇදීමේදී දඹුල්ල ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියෙකු මුල් ත්‍යාගය දිනාගත් අතර අනිකුත් ප‍්‍රධාන ත්‍යාග වැලිවේරිය, මහනුවර, නෙල්ලිඅඩි, නොච්චියාගම සහ ගාල්ල ප‍්‍රදේශයේ රක්ෂණ ඔප්පුහිමියන් දිනාගන්නා ලදී.

මීට පෙර පැවති දිනුම් ඇදීම් හතරේදී ජයග‍්‍රාහකයින් 412 දෙනෙකු තෝරාගත් අතර රුපියල් මිලියන 20 ක රත්තරන් ඔවුන් විසින් ජයග‍්‍රහණය කරන ලදි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ලබන සැප්තැම්බර් මාසයේදී පවත්වන හයවන හෙවත් අවසන් දිනුම් ඇදීමෙන් අවසන් වනවිට සමස්තයක් ලෙස රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු රුපියල් මිලියන 30 ක රත්තරන් දිනාගැනීමට නියමිතව ඇත..

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව