සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනාම සන්නාමය ලෙස ශ්‍රේණිගත වෙයි

Chairman Mr R. Renganathan and Managing Director CEO Mr Thushara Ranasinghe (LBN)

 




 

 

ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2023 වසරේ වඩාත් වටිනා සන්නාම 100 ශ්‍රේණිගත කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සන්නාමය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකම ආවරණව සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනා ම සන්නාමය ලෙස ශ්‍රේණිගත වී තිබේ.

බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සඳහා රුපියල් බිලියන 3.5 ක සන්නාම වටිනාකමක් ලබා දී ඇති අතර එය සාමාන්‍ය රක්ෂණ කාණ්ඩයේ ඉහළම ශ්‍රේණිගත සන්නාමයේ වටිනාකමට වඩා ඉහළ අගයක්ද ගනී. විශාලතම බැංකු, විදුලි සංදේශ සමාගම්, සමූහ ව්‍යාපාර සහ සිල්ලර වෙළඳ පොළේ දැවැන්තයින් ඇතුළත් වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස්හි ‘ශ‍්‍රී ලංකා 100’ හි සමස්ත ශ්‍රේණිගත කිරීමේදී 27 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට සෙලින්කෝ ලයිෆ් සන්නාමය පැමිණ තිබේ.

එමෙන්ම, සෙලින්කෝ ලයිෆ් මෙම වසරේ බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වෙතින් ‘AA’ සන්නාම ශ්‍රේණිගත කිරීමක් ද ලබාගෙන ඇත. එමගින් පිළිඹිබු වන්නේ අවම ණය අවදානමක් සහ මූල්‍ය වගකීම් සපුරාලීමේ ශක්තිමත් හැකියාවයි.

බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ලබාදුන් මෙම නවතම ශ්‍රේණිගත කිරීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ”ශ‍්‍රී ලංකාවේ වටිනා ම ජීවිත රක්ෂණ සන්නාමය ලෙස අපව නිරන්තරයෙන්ම පිළිගැනීමට ලක්වෙනවා. මෙරට මුහුණ දී ඇති අභියෝග හේතුවෙන් සන්නාම වටිනාකම්වල සමස්ත පහත වැටීමක් දක්නට ලැබුණු මෙවැනි වසරක සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ඉහළම ස්ථානයට පැමිණීම මගින් පැවසෙන්නේ, සන්නාමයේ චිරස්ථිතියයි. මෙය සෙලින්කෝ ලයිෆ් සන්නාමය පාරිභෝගිකයින් අතර විශ්වාසය අඛණ්ඩව ගොඩනගා ඇති බව තහවුරු කිරීමකි.”

මෙරට රක්ෂණ ක්ෂේත‍්‍රය සැලකීමේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් වාර්තාව සඳහන් කළේ, ‘උද්ධමනය, රුපියල අවප‍්‍රමාණය වීම හා බදු ප‍්‍රතිසංස්කරණ නිසා ඇති වූ ආදායම හීනවීම හේතුවෙන් ඉල්ලුම හා වාරික ගෙවීමේ හැකියාව අඩුවීම නිසා ජීවිත රක්ෂණ කර්මාන්තය අභියෝගයට ලක් වී ඇති බවයි. තවද, වැඩිවන පොළී අනුපාත ජීවිත රක්ෂණ ව්‍යාපාරයට තර්ජනයක් වෙමින්, විකල්ප ආයෝජන අවස්ථා වෙත ගනුදෙනුකරුවන් යොමු කර ඇත.’

‘සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකා 100 හි ජීවිත රක්ෂණ කාණ්ඩයේ ඉහළම ශ්‍රේණිගත සන්නාමය ලෙස තම ස්ථානය රඳවා ගැනීමට සමත් වූ අතර ජීවිත රක්ෂණ සමාගම් අතරින් සෙලින්කෝ ලයිෆ් සන්නාම වටිනාකමෙහි අඩුම පහත වැටීම (2022 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව -9%) වාර්තා කර ඇත’ යැයිද බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් පවසයි.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − fourteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව