සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ සමාගම් 10 අතරට

Most Admired Companies 2019

ICCSL-CIMA එක්ව දෙවන වරට පැවැත්වූ සම්මාන ප්‍රදානෝත්සවයේදී නම් කරන ලද ආයතනික දැවැන්තයින් අතරට එක් වෙයි

ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) වරළත් ගණකාධිකරණ ආයතනය (CIMA) සමග එක්ව පැවැත්වූ 2019 සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍රවූ සමාගම් 10 අතරට පත්වීමට සමත්ව තිබේ.

ආයතනික අංශයේ දැවැන්තයින් අතර මෙම බුහුමනට ලක්වූ එකම රක්ෂණ සමාගම මෙය වන අතර මෙම සම්මානය ලබාදීමට හේතුවී තිඛෙන්නේ සමාගම මූල්‍ය කාර්ය සාධනය පමණක් නොවන අතර කොටස්කරුවන්ට, පාරිභෝගිකයින්ට, සේවකයින්ට සහ තවත් පුළුල් ප්‍රජාවකට සමාගම විසින් ලබාදුන් වටිනාකම්ද මෙම සම්මානය සමාගමට ලබාදීමට හේතුවී ඇත.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ සමාගම් අතරට විවිධාංගීකරණය වූ සමාගම්, ප්‍රමුඛතම බැංකු, ආහාර සහ පාන අංශයේ කීර්තියක් දිනාගත් සන්නාම නියෝජනය කරන සමාගම් ඇතුළත් විය.

“ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වූ සමාගම් කණ්ඩායමට එක්වීමට ලැබීම පිළිබඳව අපි අතිශයින් සතුටු වෙනවා. මෙම ඇගයීම කර තිඛෙන්නේ මෙම සමාගම්වල තිඛෙන අඛණ්ඩත්වය, අධිකාරිය, තිරසාර වර්ධනය සහ විශිෂ්ට ව්‍යාපාරික කාර්යසාධනය සැලකිල්ලට ගනිමිනුයි,” යනුවෙන් මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. “ජාතික ආර්ථීකයට දායකත්වය සපයන අතරම රක්ෂණ ඔප්පුහිමියන්ගේ, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සහ ප්‍රජාවගේ ජීවිතය සමග සබඳතාවයන් ගොඩනැගීමට අඛණ්ඩව කැපවීම වෙනුවෙන් ලැබුණු උසස් සහතික කිරීමක් ලෙසද මෙම සම්මානය සඳහන් කළ හැකියි.”

ICCSL-CIMA වඩාත්ම ගෞරවාදරයට ලක්වූ සමාගම් ලයිස්තුව ජාත්‍යන්තරව පිළිගත් දැඩි ඇගයීමේ ක්‍රමවේදයකට අනුව විනිශ්චය මණ්ඩලයක් විසින් සකස් කරන අතර මෙහි සභාපතිවරයා වන්නේ රවී අබේසූරිය මහතායි. ඔහුට අමතරව, ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා, දීපාල් සූරියආරච්චි මහතා, සුජීව රාජපක්ෂ මහතා, අරෝෂි නානායක්කාර මහත්මිය, සන්තෝෂ් කුමාර් මහතා සහ ශානිකා රත්නායක මහත්මිය මෙම විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වේ.

ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට ලක්වන සමාගම් තෝරාගැනීම සඳහා පවත්වන තරඟය සඳහා සුදුසුකම් ලැබීමට 2019 ජුනි 30 වනදා වනවිට අදාළ සමාගම අවුරුදු 05 කට වඩා ව්‍යාපාරික කටයුතු කර තිබිය යුතු අතර එම සමාගමෙන් 30% ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින්ට අයත්විය යුතුය. මෙම තරඟය ලයිස්තුගත සහ ලයිස්තුගත නොවූ සමාගම් දෙපාර්ශවයටම අදාළ වේ.

මෙහිදී, ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ක්‍රමවේදයන් යටතේ සමාගම් වර්ගීකරණය කරනු ලබයි. ප්‍රමාණාත්මක ක්‍රමවේදයන් සඳහා මූල්‍ය ශක්තිය, දිගු කාලීනව ආයෝජන අගය නිර්මාණය කිරීම, ඉපැයුම් වර්ධනය සහ ප්‍රතිලාභ ගෙවීම සැලකිල්ලට භාජනය කරන අතර ගුණාත්මක කළමනාකරණය, නිෂ්පාදන සහ සේවාවල ගුණාත්මක තත්ත්වය, තරඟකාරීත්වය, ආකර්ශනය කර ගැනීමේ හැකියාව, සංවර්ධනය, දක්ෂතාවයන් රඳවා ගැනීමේ හැකියාව, නවෝත්පාදනය සහ පාරිසරික, සමාජ සහ ආයතනික වගකීම, අවංකභාවය සහ ව්‍යාපාරික ආචාර ධර්ම ගුණාත්මක ක්‍රමවේදයන් සඳහා සැලකිල්ලට ගෙන ඇත.

2019 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් 2018 වසරේදී වර්ල්ඩ් ෆයිනෑන්ස් මගින් පිට පිටම පස්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සම්මානයට පාත්‍රකර තිබේ. එසේම, සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිඛෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව