සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල් වෙනුවෙන් ෂැංහයි හි දී දින පහක සංචාරයක්

FS 18 - Shanghai (LBN)

සෙලින්කෝ ලයිෆ් විසින් ෆැමිලි සවාරි මෙගා ප්‍රවර්ධන වැඩසටහනේ 18 වන අදියර යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සඳහා නවතම ත්‍යාගය ලෙස චීනයේ විශාලතම සහ සජීවී ම නගරවලින් එකක් වන ෂැංහයි හි නිවාඩුවක් ගත කිරීමේ අවස්ථාව ලබා දී ඇත.

මෙම 20 දෙනෙකුගෙන් සමන්විත වූ කණ්ඩායමට, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළත් වූ අතර ෂැංහයි හි රාත්‍රී හතරක් සහ දින පහක් ගත කළ අතර සම්පූර්ණ දවසක් ම ඩිස්නිලන්තයේ ගත කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබුණු අතර ලොව වේගවත්ම දුම්රිය වන මැග්ලෙව් දුම්රියේ ගමන් වාරයක්, යූ ගාර්ඩන්, ජේඩ් පන්සල, ෂැංහයි කුළුණ නැරඹීමට අවස්ථාවක්, හුවායුං ගඟේ යාත්‍රාවක්, ෂුජියාජිඕ ජල නගරය නැරඹීම සඳහා බෝට්ටු සවාරියක් සහ ක්‍රොබැටික් සංදර්ශනයකටද ඔවුන්ට අවස්ථාව හිමි විය.




ෂැංහයි හි ගත කළ මෙම නිවාඩුව සඳහා ෆැමිලි සවාරි සන්නාම තානාපතිවරුන් වන ජනප්‍රිය නළු රොෂාන් රණවන, ඔහුගේ බිරිඳ කුෂ්ලානි සහ ඔවුන්ගේ පුත් මිනෙත් ද කණ්ඩායම සමඟ එක් වූහ. සෙලින්කෝ ලයිෆ් විසින් සියලු‍ම ගුවන් ටිකට්පත්, නවාතැන්, ආහාර, ප්‍රවාහන සහ චාරිකා සඳහා මුදල් ගෙවන ලදී.

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 250 සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් 1000 දෙනෙකුගෙන් එකතුවෙන් පර්ල් බේ තේමා උද්‍යානයේ ගත කළ දිනයෙන් පසුව ෂැංහයි වෙත මෙම සංචාරය සිදු වූ අතර මොවුන් සියලු‍ දෙනාම ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශාලතම, ත්‍යාගශීලී සහ දීර්ඝතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ වැඩසටහනෙහි ජයග්‍රාහකයින් වේ.

තවත් සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමි පවුල් 10 ක් ජුනි මාසයේදී මැලේසියාවේ නිවාඩුවක් දිනා ගෙන ඇත. සමස්තයක් ලෙස, 18 වන ෆැමිලි සවාරි උළෙලේදී ජයග්‍රාහකයින් ලෙස සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන් 265 දෙනෙකු එනම් තනි පුද්ගලයින් ලෙස 1060 දෙනෙකු තෝරාගෙන ඇත.

2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්‍ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව