සෙලින්කෝ ලයිෆ් කණ්ඩායමක් මැලේසියාවේ නායකත්ව පුහුණුවකට සහභාගී වෙයි

Malaysia training - Sept 2025 (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගමේ අට දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් මෑතකදී මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවති දින පහක පුහුණු වැඩසටහනකට සහභාගි වු අතර, එහි තේමාව වූයේ ‘ඉදිරිය බලා මෙහෙයවන්න’ යන්නයි. නියෝජිතායතන කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කළ මෙම වැඩසටහන මගින් අනාගතයට සූදානම්, ශක්තිමත් අලෙවි කණ්ඩායම් ගොඩනැඟීම සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන ලදී.

 



 
ලාභදායී ව ආයතන කළමනාකරණය කිරීම, ඵලදායී තොරතුරු පද්ධති භාවිතයෙන් ක්‍රියාශීලී ආයතන ගොඩනැඟීම, ඉහළ පෙලේ වෙළඳපල සඳහා සූදානම් වීම, ආයතන තුළින් ම නායකයින් නිර්මාණය කිරීම, මනා තාක්ෂණික දැනුමක් හා අනුවර්තන වීමේ හැකියාවක් සහිත නායකත්වයක ඇති වැදගත්කම මෙන් ම Million Dollar Round Table (MDRT) මානසිකත්වය වර්ධනය කරන අයුරු ද ඇතුළුව පුළුල් පරාසයක මාතෘකා මෙම පුහුණු සැසි වාර වලදී ආවරණය කරනු ලැබීය.

මැලේසියාවේ හා සිංගප්පූරුවේ ග්‍රේට් ඊස්ටර්න් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ දක්ෂ සමූහ අලෙවි කළමනාකරුවන් අට දෙනෙකු විසින් මෙම පුහුණු සැසි වාර මෙහෙයවන ලද අතර එයට නායකත්වය ලබා දුන්නේ කර්මාන්තයේ ප්‍රවීණයෙකු වන කේ. හරිදාස් මහතා ය. මෙම වැඩසටහන සඳහා ග්‍රේට් ඊස්ටර්න් ලයිෆ් සහ මැලේසියාවේ MCIS ලයිෆ් ඉන්ෂුවරන්ස් හි ඉහළ කාර්යසාධනයක් පෙන්වන සමූහ අලෙවි කළමනාකරුවන් හමුවීමට අවස්ථාවක් ද හිමි වූ අතර, එහිදී කලාපයේ සාර්ථක වී ඇති ආයතන එලෙස පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න පිළිබඳව සහභාගී වූවන්හට අත්දැකීමට ද හැකි විය.

රක්ෂණ ඔප්පු හිමියන්ට වඩා හොඳින් සේවය කිරීම සඳහා තම කණ්ඩායමේ වෘත්තීය කුසලතා සහ නායකත්ව ධාරිතාව වැඩි දියුණු කිරීම වෙනුවෙන් සෙලින්කෝ ලයිෆ් දක්වන අඛණ්ඩ කැපවීම, මෙම මුලපිරීම හරහා පිළිඹිබු වන බව සමාගම පැවසීය.

සේයාරුවෙන් දැක්වෙන්නේ හරිදාස් මහතා සහ ග්‍රේට් ඊස්ටර්න් ලයිෆ් නියෝජිතයෙකු සමඟ සිටින සෙලින්කෝ ලයිෆ් කණ්ඩායමේ සාමාජිකයින් වේ.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව