
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ෆැමිලි සවාරි වැඩසටහන යටතේ රක්ෂණ ඔප්පු හිමියන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා සියලු වියදම් සහිත ව මැලේසියාවේ නිවාඩු සංචාරයක් සමඟ එම වැඩසටහනේ 18 වන අදියර පසුගියදා අවසන් විය.
රක්ෂණ ඔප්පු හිමියන් 10 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එනම් 40 දෙනෙකුගෙන් සමන්විත වූ පිරිසකට මැලේසියාවේ සුඛෝපභෝගී රාත්‍රී තුනක් සහ දින හතරක සංචාරයක් සඳහා සෙලින්කෝ ලයිෆ් අවස්ථාව සළසා දුන් අතර මෙම සංචාරය සමඟ ෆැමිලි සවාරි වැඩසටහනෙහි කීර්තිමත් තානාපතිවරුන් වන රොෂාන් රණවන, ඔහුගේ බිරිඳ කුෂ්ලානි සහ ඔවුන්ගේ පුත් මිනෙත් ද සහභාගී විය.
සෙලින්කෝ ලයිෆ් විසින් ගුවන් ගමන් ගාස්තු, නවාතැන්, ආහාර, ප්‍රවාහන සහ සංචාර ඇතුළු සියලු වියදම් දරන ලදී. මෙම සංචාරයේ දී පෙට්‍රොනාස් නිවුන් කුළුණු, ලේක් සිම්ෆනි ලයිට් සහ ජල සංදර්ශන, KLCC මින්මැදුර, කේබල් කාර් මාර්ගයෙන් දර්ශනීය ජෙන්ටින් උස්බිම් දැක බලා ගැනීම සහ අධ්‍යාත්මික බාටු ගුහා වැනි සුවිශේෂී ආකර්ෂණීය ස්ථාන නැරඹීම ඇතුළත් විය. පවුල්වල සියලු දෙනාට එකට එකතු වී සැමරීම සඳහා සංවිධානය කළ සුවිශේෂී පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයකින් මෙම සංචාරය අවසන් විය.
රක්ෂණ ඔප්පු හිමි පවුල් 265 කට ප්රතිලාභ ලබා දුන් ෆැමිලි සවාරි 18 වන වැඩසටහනේ ත්‍යාගලාභීන් අතර පවුල් 250 කට බණ්ඩාරගම පර්ල් බේ ජල උද්‍යානයේ විනෝදය පිරි දිනයක් සහ පවුල් පහක් සඳහා චීනයේ ෂැංහයි වෙත නිවාඩුවක් ද ලබා දෙන ලදී.
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ වඩාත්ම ත්‍යාගශීලී වැඩසටහන වන්නේ සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහනයි. සෙලින්කෝ ලයිෆ් විධායක අධ්යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සමිත හේමචන්ද්‍ර මහතා මේ පිළිබඳව මෙසේ පැවසුවේය. “අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ට පවුලක් ලෙස මෙවැනි අමතක නොවන අත්දැකීම් ලබා දීමට හැකියාවක් ලැබීම ගැන අපි අතිශයින් ආඩම්බර වනවා. ෆැමිලි සවාරි යනු දේශීය විනෝද චාරිකාවල සිට විදේශ සංචාර දක්වා සංවිධානය කරන වැඩසටහන් තුළින් බැඳීම් ශක්තිමත් කරන වැඩසටහනක්.”
2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.


