සෙලාන් කාඩ්පත් වෙතින් මෙවරත් අවුරුදු වාසි රැසක්

Cards_Statement (LBN)

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ සෙලාන් කාඩ්පත් මගින් මෙවරත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වට්ටම් හා දීමනා රැසක් හඳුන්වා දී තිබේ. ඒ සඳහා සෙලාන් බැංකුව දැනටමත් දිවයින පුරා අලෙවිසැල් රැසක් සමග අත්වැල් බැඳගෙන සිටී.

මේ යටතේ Softlogic Brands, Cool Planet, Fashion Bug, Nolimit, CIB, Crocodile, Sriyani Dresspoint, DSI, Velona සහ Thilakma ඇතුළු අලෙවිසැල් 300 කට අධික සංඛ්‍යාවකදී සෙලාන් කාඩ්පත් හිමියන්ට වට්ටම් හා දීමනා හිමි වේ. ඇඳුම් පැළඳුම්, සපත්තු, ආහාරපාන සහ Auto Care නිෂ්පාදන ඇතුළු බොහෝ දේ සඳහා මෙම සුවිශේෂී වාසි හිමි වනු ඇත. විශේෂයෙන්ම උත්සව සමයට අත්‍යවශ්‍ය දෙයක් වන ඇඳුම් පැළදුම් සඳහා සෙලාන් කාඩ්පත් හිමියන්ට 30% ක් දක්වා වට්ටම් හිමි වේ.
 



 
සෙලාන් කාඩ්පත් හිමියන්ට ලැබෙන තවත් වාසියක් වන්නේ Seylan Visa Signature, World Mastercard සහ Visa Platinum කාඩ්පත් භාවිතයේදී Seylan Rewards Points හිමි වීමයි. Keells, Spar, Cool Planet සහ Scope Cinemas ඇතුළුව මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටින හවුල්කාර ආයතන සමග ගනුදෙනු කිරීමේදී මෙම Points භාවිතා කළ හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.seylancardsrewards.com හි දක්වා ඇත.

මීට අමතරව සෙලාන් කාඩ්පත් මගින් හඳුන්වා දී ඇති ‘Seylan Easy Pay’ පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම 2025 දෙසැම්බර් 31 දක්වාම වලංගු වේ. සූර්ය බලශක්ති නිෂ්පාදන, විදේශ සංචාර, සෞඛ්‍ය සේවා සහ රක්ෂණ සේවා ආදිය සඳහා මෙම පහසු ගෙවීමේ ක්‍රම භාවිතා කළ හැක.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ මහතා කියා සිටියේ ගනුදෙනුකරුවන් සමග එක්ව මෙලෙස අලුත් අවුරුදු සැමරීමට හැකි වීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවයි. “මෙය අපට රටක් ලෙස එකට එක්ව සතුට සැමරීමට ලැබෙන අවස්ථාවක්. ඒ නිසා එය අපට අතිශයින් වැදගත්. අලෙවිසැල් සිය ගණනක් සමග එක් වී අපගේ ගනුදෙනුකරුවන්ට මෙවැනි වාසි පිරිනැමීමට අප කටයුතු කළේ ඒ නිසයි. මෙම වාසි නිසා අපගේ ගනුදෙනුකරුවන්ට තම පවුලේ අය සහ හිතමිතුරන් සමග එක් වී මේ අලුත් අවුරුදු  සමයේ සතුට සිත් සේ භුක්ති විඳීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.” රුචිත් ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් හඳුන්වා දී ඇති මෙම වාසිවලින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා මෙන් සෙලාන් බැංකුව සිය කාඩ්පත් හිමියන්ට ආරාධනා කර සිටී.

වැඩි විස්තර සඳහා 011-200 88 88  අමතන්න. නැතිනම් www.seylancardsrewards.com වෙත පිවිසෙන්න.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව