සුහුරු කෘෂිකාර්මික පිළිවෙත් යෙදවීමට ගොවීන්ට උපකාර කිරීමට කොමර්ෂල් බැංකුව AgStar සමඟ හවුල් වෙයි

AgStar MoU (LBN)

කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ප්‍රවර්ධනය කිරීම සඳහා බැංකුව AgStar සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකරගෙන ඇති බව නිවේදනය කර ඇත.

සමාගම් දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා AgStar වෙතින් අන්තර් වගා යන්ත්‍ර හා වාරි පද්ධති මිලදී ගැනීම සඳහා බැංකුවෙන් ණය ලබා ගන්නා ගොවීන්ට සුවිශේෂී වට්ටම් හා වෙනත් ප්‍රතිලාභ ලබා ගැනීමට මග පාදන්නේය.

මෙම ගිවිසුම යටතේ බැංකුවේ ගනුදෙනුකරුවන්ට AgStar මගින් 5%ක වට්ටමක් මෙන්ම ඉදිරි ගැනුම්කරුවන් සඳහා නොමිලේ උපදේශන සේවා සහ එම පද්ධති ස්ථාපනය කිරීම නොමිලේ සිදු කිරීම වැනි සේවා ලබා දෙනු ඇති බව බැංකුව පවසයි.
 



 
සුහුරු කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වලින් නිරවද්‍ය ජල සම්පාදනය, පාංශූ කළමනාකරණය සහ පළිබෝධ පාලනය සඳහා මෙවලම් සපයන බැවින් දේශගුණික විචල්‍යතාවයන්ට අනුවර්තනය වීමට ගොවීන්ට හැකියාව ලැබෙයි. මෙම පිළිවෙත් මගින් ගොවීන්ගේ ආයෝජන සහ අස්වැන්න ආරක්ෂා කරන අතර නියඟයට, සීමාන්තික කාලගුණයට හා වෙනත් දේශගුණික බලපෑම් වලට ගොවිපලවල් වඩාත් ඔරොත්තු දෙන තත්ත්වයකට පත් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

හුදෙක් ම මුදල් ණයට දීමෙන් ඔබ්බට ගොස් පුහුණුව, අලෙවියෙන් පසු සේවාව, සහ යන්ත්‍රෝපකරණ නඩත්තු කිරීම ආදී සේවාවන් දක්වා මෙම හවුල්කාරීත්වය විහිදී යයි. එමගින් උපරිම ඵලදායීතාවයක් ලබාගන්නා අතර ම දීර්ඝ කාලයක් මෙම උපකරණ භාවිතා කළ හැකි වන ලෙස මෙම තාක්ෂණය ඵලදායී අයුරින් භාවිතා කිරීම හා නඩත්තු කිරීම සඳහා ගොවීන්ට අවශ්‍ය දැනුම ලබා දීම සහතික කරන බව බැංකුව පවසයි.

කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය යෝජනා ක්‍රමයේ අරමුණ වන්නේ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් දිරිමත් කිරීමයි. එමගින් සම්පත් වඩාත් කාර්යක්ෂමව භාවිතා කරමින් නාස්තිය අවම කරන, නිරවද්‍ය කෘෂිකර්මාන්තය වැනි පරිසරයට හානිදායක නොවන ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමට ගොවින්ට සහය වන, සුහුරු පරිසර හිතකාමී යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට උපකාර කරයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව