සුවිශේෂී දීමනා රැසක් සමඟින් SAMSUNG “Upgrade Festival” ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් අතරට

Webp.net-resizeimage

 



 

 

උත්සව සමය සඳහා වන සුවිශේෂී දීමනා සහිත ශ්‍රී ලංකාවේ පළමු හා විශාලතම home Upgrade ප‍්‍රවර්ධනය

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගික ජනතාවට හොඳම දීමනා ලබා දීම සඳහා ‘’Samsung Upgrade Festival’’ ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කළේය. එය මෙරට ප‍්‍රථම සහ විශාලතම Home Upgrade ප‍්‍රවර්ධන වැඩසටහන වේ. මෙවර උත්සව සමයේදී පාරිභෝගිකයින්ට සුවිශේෂ දීමනා ලබා දෙමින් මෙරට සියලූම ගෘහෝපකරණ සැම්සුන් සුපිරි තාක්ෂණය වෙත උසස් කිරීමට ඔවුන් සූදානමින් සිටී. නොවැම්බර් 5 වන දින දියත් කරන ලද මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2021 දෙසැම්බර් 31 දක්වා ක‍්‍රියාත්මක වන අතර ඒ හරහා පාරිභෝගිකයින්ට රු. මිලියන 140 ක් දක්වා වටිනාකමින් යුත් ත්‍යාග හිමිකර ගැනීමට හැකිය.

එළැඹෙන උත්සව සමයට උද්යෝගයක් එක් කරමින් දියත් කරන ලද මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ දිවයින පුරා සිටින ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික වෙළෙඳ සැල් වන Softlogic, Singer, Singhagiri සහ Damro වෙතින් පාරිභෝගිකයින්ට සුවිශේෂී දීමනා හා මාස 60ක් දක්වා වූ මාසික වාරික සැලසුම් සහිත ආකර්ෂණීය ගෙවීම් ක‍්‍රම සමඟින් තමන්ට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ලබා ගත හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකාර අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා ‘’මෙම උත්සව සමය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිවෙස් වැඩිදියුණු කිරීමට ඉතා හොඳ අවස්ථාවක්. නිවසේ වැඩි කාලයක් ගත කිරීම නිසා පාරිභෝගිකයින් ඔවුන් දැඩි කැමැත්තක් දක්වන දේවල් පරිවර්තනයකට ලක් වී තිබෙන අතර ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන ගෘහෝපකරණ සඳහා ඉල්ලූම ඉහළ යාමට එය හේතු වී තිබෙනවා. Smart TVs, විශාල ධාරිතාවයකින් යුත් ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර සහ මයික්‍රෝවේව් සඳහා ඉල්ලූම ද ඉහළ ගොස් ඇති බවක් අප දුටුවා. මෙම කාලය තුළ පවුලේ සියලූම සාමාජිකයන් රැකියා හා ඉගෙනීමේ කටයුතු කිරීමට අඛණ්ඩව නිවෙසේ රැඳෙන බැවින් ඔවුන් උසස් තත්වයේ වායු සමීකරණ මිලදී ගැනීමේ ප‍්‍රවණතාවක් ද තිබෙනවා. Samsung Upgrade Festival හා හඳුන්වා දී ඇති දීමනා සමඟින් ඔබට මෙවර උත්සව සමය වඩාත් සුවිශේෂී සහ මතකයේ රැඳෙන්නක් බවට පත් කිරීමට අපට අවශ්‍යයි. වවුචර් පත්, දීමනා පැකේජ සහ පහසු ගෙවීමේ ක‍්‍රම වැනි අමතර ප‍්‍රතිලාභ රැසක් සමඟින් ඔබගේ ජීවිතය වඩාත් පහසු කරන අපගේ නව්‍ය නිෂ්පාදන මාලාවන් පිරිනැමීමට අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසුවේය.

Samsung Upgrade Festival හරහා රු. 2,500 සිට රු.5,000 දක්වා වවුචර් පත් මගින් තෝරා ගනු ලබන සැම්සුන් රූපවාහිනී, ශීතකරණ, රෙදි සෝදන යන්ත‍්‍ර සහ වායු සමීකරණ සඳහා ඔබට ගෙවීම් කළ හැකිය. එසේම රුපියල් 99,999 වටිනා Sound bar වැනි විශේෂ දීමනා පැකේජයක් හිමි කරගැනීමට ද අවස්ථාව ලැබේ.

Visual Display Business තුළ සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් 2021 දී අඛණ්ඩව 15 වන වරටත් ගෝලීය රූපවාහිනී වෙළඳපොලේ ඉහළින්ම සිටීමට සමත් විය. වසර 15 ක් පුරාවට ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ නවෝත්පාදනයන් ඉදිරිපත් කරමින් ද නව පාරිභෝගික ජීවන රටාවන් පිළිබිඹු කරන අතිනවීන නිෂ්පාදන හඳුන්වා දෙමින් ද සැම්සුන් රූපවාහිනී ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වී සිටී. එමෙන්ම මෙම අංශය තුළ තිරසාරභාවය පවත්වාගෙන යාම සඳහා සැම්සුන් අඛණ්ඩ උත්සාහයන් ගෙන ඇති අතර, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සහ වර්ණ හඳුනා ගැනීමේ දුර්වලතාවයෙන් පෙළෙන පරිශීලකයින්ට ප‍්‍රවේශවීමේ හැකියාව වැඩි කරන නිෂ්පාදන සහ පරිසර හිතකාමී ඇසුරුම්කරණ දියත් කරමින් සිටී.

QLED Neo 8K TV සහ Crystal UHD 4K TV ඇදහිය නොහැකි ආකාරයේ තාක්ෂණයක් සහ වෙනත් කිසිවකට නොදෙවෙනි නැරඹීමේ අත්දැකීමක් ඔබට ලබා දෙයි. තවද නව ජීවන රටාවේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි මාදිලි 5 කට (5-in-1) වෙනස් කිරීමේ හැකියාව සහිත වේගවත් සුළං රහිත (Wind-Free) නව වායු සමීකරණ පෙළක් ද යෝගට් සෑදීමේ සහ ගබඩා කිරීමේ තාක්ෂණය සහිත ඉතා උසස් තාක්ෂණයකින් සමන්විත ලොව ප‍්‍රථම Frost Free ශීතකරණය වන Curd Maestro™ ශීතකරණය ද වෙළෙදපොල වෙත හදුන්වා දුන්නේය.

ලොව පුරා විවිධ වූ නව නිපැයුම් බිහි වෙමින් පවතින යුගයක පාරිභෝගිකයින් සියලූ දෙනාම තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විශ්වසනීය වෙළෙඳ නාමයක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්. වර්තමාන පාරිභෝගිකයින්ට විවිධ වූ සහ ආවේනික රසයන් ඇත. සුපිරි පන්නයේ ජීවන රටාවකට ඇළුම් කරන මෙම පාරිභෝගිකයින්ට අවශ්‍ය වන්නේ ඔවුන් කැමති අකැමැති දේ හොඳින් විදහා දැක්වීම සඳහා තම නිවෙස් සකසා ගැනීමටයිි. එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා සැම්සුන් නිවෙස් අලංකරණයට හා ජීවන රටාවෙහි විවිධ වූ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ඒ ඒ පාරිභෝගිකයාට කැමති පරිදි වෙනස් කිරීමේ හැකියාව ඇති modular design ගුණාංගවලින් යුත් නව ගෘහස්ත උපකරණ පෙළගැස්මක් හඳුන්වා දී ඇත.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව