සුමති සම්මාන උළෙලට කොමර්ෂල් බැංකුවේ අනුග‍්‍රාහකත්වය

Sumathi Awards - Composite (LBN)

 



 

 

දේශීය කලාකරුවන්ට සහ කලා නිර්මාණ අංශයට දක්වන දායකත්වයේ කොටසක් ලෙස කොමර්ෂල් බැංකුව 2020 සහ 2021 වසර සඳහා මෑතකදී පැවැත්වූ සුමති සම්මාන උළෙලට නිල බැංකු පාර්ශවකරුවා ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වීය.

‘පුංචි තිරයේ මහා කලා මංගල්‍යය’ ලෙස හැඳින්වෙන මෙම සම්මාන උළෙලට කොමර්ෂල් බැංකුව නියෝජනය කරමින් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. ප‍්‍රභාගර් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සහභාගී වූහ.

1995 සිට අඛණ්ඩව වසර 25 කට අධික කාලයක් පවත්වා ඇති මෙම සම්මාන උළෙල දේශීය කලාකරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ කුසලතා වර්ධනය කිරීමට සිදුකරන මෙහෙවර ඇගයීමට සුමති සම්මාන උළෙලට අනුග‍්‍රාහකත්වය දක්වන බව කොමර්ෂල් බැංකුව ප‍්‍රකාශ කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව