සිනමන් ලයිෆ් හි පැවති අති උත්කර්ෂවත් දෙදින උළෙලක් සමඟ සෙලින්කෝ ලයිෆ් 2024 වසරේ තම දැවැන්තයන් අගයයි

Annual Awards 2025 (LBN)

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් හි කාර්යසාධන විශිෂ්ඨත්වය සැමරීම නව තලයකට ගෙනයමින් සමාගමේ සාර්ථකත්වයට උරදුන් ‘ටයිටන්වරුන්ට’  ගෞරව දක්වමින් දෙදිනක අති උත්කර්ෂවත් සම්මාන උළෙලක් කොළඹ නවතම  විනෝදාස්වාද ගමනාන්තය වන සිනමන් ලයිෆ් හි දී පවත්වන ලදී.

සෙලින්කෝ ලයිෆ් හි ‘High Flyers Day’ හා වාර්ෂික සම්මාන උළෙල ඒකාබද්ධ කරමින් පැවැත්වූ මෙම උත්සවයේ දී සමාගමේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි නිළධාරීන් 250කට අධික සංඛ්‍යාවක් පළමු දිනයේදි ඇගයීමට ලක් කරන ලදී. දෙවන දිනයේ දී ඔවුනගේ අලෙවි ජයග්‍රහණ සඳහා මෝටර් රථයක් ඇතුළුව සම්මාන 350ක් පිරිනමන ලදී.
 



 
එම උත්සව දෙකෙහිම ප්‍රණීත භෝජන සංග්‍රහයන් සහ උත්කර්ෂවත් විනෝදාස්වාදජනක ක්‍රියාකාරකම් ඇතුළත් වූ අතර ගෞරවනීය ත්‍යාගලාභීන්හට සිනමන් ලයිෆ් හි රාත්‍රී නවාතැන් පහසුකම් ද ලබා දුන් බව සමාගම පැවසීය.

‘ටයිටන්වරුන් කිරුළු පැළඳවීම’ (Crowning the Titans) යන තේමාව යටතේ පැවති වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයට සෙලින්කෝ ලයිෆ් හි අධ්‍යක්ෂකවරුන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය අවස්ථා දෙකෙහිදී ම සහභාගී වූ අතර එහි ප්‍රධාන අමුත්තා ලෙස ස්විස් රී සමාගමේ ජීවිත හා සෙෘඛ්‍ය ප්‍රතිරක්ෂණය පිළිබඳ ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රධානී හා හිටපු චීන කළමනාකාර අධ්‍යක්ෂිකා ඩේසි නින්ග් මහත්මිය සමඟින් ස්විස් රී හි ඉන්දියාවේ ජීවිත හා සෙෘඛ්‍ය සේවාදායක වෙළඳපොල අධ්‍යක්ෂිකා/ප්‍රධානී සුනයනා මහාන්සාරියා මහත්මිය ගෞරවනීය ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.

මෙම වසරේ වාර්ෂික සම්මාන උළෙලේ දී හොඳම ශාඛා ප්‍රධානී ලෙස එම්. මනෝජන් මහතා, හොඳම ඒකක ප්‍රධානී ලෙස එස්. රාගිනී මහත්මිය, හොඳම ජීවිත රක්ෂණ උපදේශකයා ලෙස ඒ. අයි. පී. මංජුල මහතා සහ හොඳම කලාපීය අලෙවි කළමණාකාරිනී ජේ. මීරා මහත්මිය යන පිරිස සෙලින්කෝ ලයිෆ් හි ඉහළම සම්මානලාභීන්  වූයේය.

2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව