සිංගර්, නවීනතම MSI ලැප්ටොප් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකික පරිගණක ක්‍රීඩා ලෝලීන් සහ නිර්මාණකරුවන් බලගන්වයි

MSI Dragon Logo

 




පරිගණක ක්‍රීඩා කෙරෙහි ශ්‍රී ලාංකිකයින් තුළ ඇති ආකර්ෂණය වර්ධනය වී ඇති පසුබිමක පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන තායිවානයේ MSI සමාගම හා වෙළඳ සහයෝගීතාවකට එළඹීමට මෙරට පාරිභෝගික භාණ්ඩ වෙළඳපොළ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම පියවර ගෙන තිබේ.

පරිගණක ක්‍රීඩා ලෝලීන්, වෘත්තිකයින්, ක්‍රීඩා නිර්මාණකරුවන් සහ ග්‍රැෆික් නිර්මාණකරුවන් ආදීන් පරිගණක ක්‍රීඩා සහ ඊට සුදුසු නවීන තාක්ෂණය කෙරෙහි දක්වන විශේෂ අවධානයත් සමඟ පසුගිය කාලයේදී මෙරට පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය දැවැන්ත වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව ඇත.

වර්තමානයේදී බොහෝ දෙනා නිවසේ සිට රාජකාරි සහ අධ්‍යාපන කටයුතු සිදුකිරීමටත් යොමුවීම නිසා පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය ද මෙසේ වේගයෙන් ජනප්‍රිය වී ඇති බව පෙනී යයි.

MSI යනු පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ කීර්තිමත් සමාගමකි. පරිගණක ක්‍රීඩා සහ ඩිජිටල් ක්‍රීඩා (e-sports) ක්ෂේත්‍රය තුළ ඉතාමත් විශ්වාසනීය නාමයක් ලෙස ද එම සමාගම ප්‍රකට ය. විශේෂයෙන්ම පරිගණක ක්‍රීඩා සඳහාම MSI සමාගම නිපදවන සුපිරි ලැප්ටොප් පරිගණක අවස්ථා ගණනාවකදීම ජාත්‍යන්තර ඇගැයීමට පාත්‍ර වී තිබේ. IF Design සම්මානය, 2020 Red dot winner සම්මානය, තායිවාන විශිෂ්ටතා සම්මාන මෙන්ම මෑතකදී ලබාගත්  15 CES 2021 නවෝත්පාදන සම්මානය ද ඒ අතරට අයත් ය. ඊට අමතරව 2021 Consumer Electronic Show හිදී ද ජයග්‍රාහි නිෂ්පාදන කිහිපයකම හිමිකරුවා වූයේ MSI සමාගමයි.

ඒ අනුව MSI සමඟ අත්වැල් බැඳ ගැනීම තුළින් ශ්‍රී ලාංකික පරිගණක ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රීඩා නිර්මාණකරුවන් වෙනුවෙන් ද නවීන තාක්ෂණය සමඟ විශිෂ්ට ක්‍රීඩා අත්දැකීමක් සමීප කිරීමට සිංගර් සමත්ව තිබේ.

 




 

 

”MSI ආයතනය වැනි ගෝලීය පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුප්‍රකට සමාගමක් සමඟ වෙළෙඳ සහයෝගීතාවකට එළඹීම පිළිබඳව අපි මහත් සේ සතුටට පත්වෙනවා. ලොව නවීනතම තාක්ෂණයෙන් බලගැන්වුණු MSI ලැප්ටොප් හඳුන්වා දීම හරහා අපේ රටේ පරිගණක ක්‍රීඩා ලෝලීන් සහ නිර්මාණකරුවන් සවිබල ගැන්වීමට හැකිවන බව අපගේ විශ්වාසයයි. ආධුනික සහ විනෝදාංශයක් ලෙස පරිගණක ක්‍රීඩාවල යෙදෙන්නන්ට මෙන්ම වෘත්තීය මට්ටමේ පරිගණක ක්‍රීඩකයින්ටත් ගැලපෙන නිෂ්පාදන පෙළක් MSI සතු වීම තවත් විශේෂත්වයක්. මෙම අනාගතවාදී නිෂ්පාදන පෙළ සහ මෘදුකාංග හරහා පරිගණක ක්‍රීඩා ක්ෂේත්‍රය තවදුරටත් වර්ධනය වන බවත් නිසැකයි,” යනුවෙන් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා පැවසීය.

සිංගර් හරහා MSI ගේමින් ලැප්ටොප් මිලදී ගැනීමේදී ඒවායේ ප්‍රමිතිය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ වටිනා වගකීමක් ද පාරිභෝගිකයින්ට හිමි වේ. GS Stealth series, GF Thin series, GL Leopard series සහ Alpha and Bravo range යනුවෙන් MSI මගින් ලැප්ටොප් පරිගණක කාණ්ඩ කිහිපයක්ම හඳුන්වා දී තිබේ. GS Stealth series මගින් පරිශීලකයින්ට පහසුව, ක්‍රියාකාරීත්වය සහ සුපිරි බව ද, GF Thin series හරහා සුපිරි ක්‍රියාකාරීත්වයක් හා ඉහළ වටිනාකමක් ද සමීප කෙරේ. GL Leopard series කාණ්ඩයේ ලැප්ටොප්, ඕනෑම මට්ටමක පරිගණක ක්‍රීඩාවකට සුදුසු ලෙස උපරිම ක්‍රියාකාරීත්ව හැකියාවකින් නිර්මාණය කර තිබේ.

Alpha and Bravo range හරහා අවම පිරිවැයක් යටතේ විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් සහිත ක්‍රීඩා ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමේ අවස්ථාව උදා වේ. එය ද පරිගණක ක්‍රීඩා සම්බන්ධයෙන් තොරතුරු ජනනය කරන පුද්ගලයින්ට සහ වෘත්තිකයින්ට හොඳින් ගැලපෙයි.

ශ්‍රී ලංකාව තුළ අලුත් සන්නාම බිහිකිරීමටත්, වෙළඳපොළ අංශ නිර්මාණයටත් ප්‍රසිද්ධ සිංගර් සමාගම, තම දැවැන්ත අලෙවි ජාලය හරහා රටේ සෑම කොණකම සිටින පරිගණක ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් MSI ලැප්ටොප් පරිගණක බෙදාහැරීම දැන් සිදුකරයි. එමෙන්ම තම අලෙවි ජාලය හරහා තෝරාගත් ස්ථානවල සිටින කුඩා පරිමාණයේ තොරතුරු තාක්ෂණ හවුල්කරුවන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීමේ හැකියාව ද සිංගර් සතු ය.

ශ්‍රී ලංකාවේ පරිගණක වෙළඳාම් ක්ෂේත්‍රයේ අංක එක ස්ථානය හිමිකරගෙන සිටින සිංගර් සමාගම, අඛණ්ඩව තම විශිෂ්ටත්වයේ විශ්වාසනීයත්වය තහවුරු කරගැනීමට ද සමත්ව සිටියි. සාධාරණ මිලකට ඉහළම ක්‍රියාකාරීත්වයක් සහිත පරිගණක ක්‍රීඩා අත්දැකීමක් ලබාගැනීමට අපේක්ෂා කරන සියලු පාරිභෝගිකයින්ට සිංගර් හරහා ඉතාමත් ආකර්ෂණීය පහසු ගෙවීමේ ක්‍රම රාශියක් ද හඳුන්වා දී තිබේ. ප්‍රධාන පෙළේ බැංකු ක්‍රෙඩිට් කාඩ්පත්, මුදල් වට්ටම් ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම කිහිපයක්ම ඒ අතර වේ.

සිංගර්හි වැඩිදියුණු කළ ඉ-වාණිජ්‍ය බිහිදොර (https://www.singersl.com/laptops-from-singer) හරහා  ද MSI ලැප්ටොප් පරිගණක පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව