සිංගප්පූරුවේ පැවති ආසියානු බැංකු සහ මූල්‍ය සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුවට සම්මාන හයක්

ABF Awards 2024 (LBN)

සිංගප්පූරුවේ පැවති 2024 ආසියානු බැංකු සහ මූල්‍ය (ABF) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව විසින් විවිධ අංශ තුනකින් පිරිනැමූ සම්මාන 6ක් දිනා ගන්නා ලදී.

විවිධාකාර වූ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රයන් හි තම බහුශ්‍රැත බව මනාව පෙන්නුම් කරමින් කොමර්ෂල් බැංකුව ABF පාරිභෝගික බැංකු සම්මාන, ABF ආයතනික හා ආයෝජන සම්මාන, සහ ABF මූල්‍ය තාක්ෂණ සම්මාන යන අංශ තුනෙන් ම සම්මාන දෙක බැගින් දිනා ගත්තේ ය.

 



 

පාරිභෝගික බැංකු සම්මාන අංශයෙන් ‘වසරේ හොඳම ඩිජිටල් පාරිභෝගික බැංකුකරණ වැඩසටහන’ සහ ‘වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුව’ යන සම්මාන දෙක බැංකුව දිනාගත් අතර, ආයතනික හා ආයෝජන සම්මාන අංශයෙන් ‘වසරේ හොඳම ආයතනික සේවාදායක වැඩසටහන’ සහ ‘වසරේ හොඳම ණය ගනුදෙනුව’ සඳහා වූ සම්මාන දෙක දිනාගත්තේ ය. තවද මූල්‍ය තාක්ෂණ සම්මාන අංශයේ පරිසර පද්ධති සහයෝගීතාවය පිළිබඳ සම්මානය සහ ගෙවීම් සඳහා වූ හොඳම විසඳුමට හිමි සම්මානය කොමර්ෂල් බැංකුව දිනා ගන්නා ලදී.

ABF හි වසරේ හොඳම ඩිජිටල් පාරිභෝගික බැංකුකරණ වැඩසටහනට හිමි සම්මානය දිනා ගත්තේ කොමර්ෂල් බැංකුවේ ප්‍රමුඛත ම ඩිජිටල් නිෂ්පාදනය මෙන් ම ශ්‍රී ලංකාවේ වැඩියෙන් ම භාවිතා වන ඩිජිටල් බැංකුකරණ වේදිකාව වන ComBank Digital විසිනි.

වසරේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME) බැංකුවට හිමි සම්මානය මගින්, කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ විශාලතම ණය දෙන්නා වීම සහ ව්‍යවසායකයින් හට ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීමට අවශ්‍ය දැනුම සහ ප්‍රවේශය ලබා දෙමින් ඔවුන් සවිබලගැන්වීමට සහ ඩිජිටල් වේදිකා වෙත ඔවුන් යොමු කර ජාත්‍යන්තර වෙළඳපල වෙත ළඟා වීමට පහසුකම් සළසා දීමට බැංකුව විසින් දියත් කරන ලද නොයෙකුත් වැඩසටහන් පිළිගැනීමට ලක් වේ.

කොමර්ෂල් බැංකුව විසින් වසරේ හොඳම ආයතනික සේවාදායක වැඩසටහනට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ විදේශ විනිමය අනුපාත ඉල්ලීම් නවීකරණය කිරීම හා ඩිජිටල්කරණය සඳහා දියත් කරන ලද පුරෝගාමී වැඩසටහනක් වන ‘Treasury FX Portal’ මගිනි.

මේ අතර, වසරේ හොඳම ණය ගනුදෙනුවට හිමි සම්මානය දිනා ගත්තේ 2023 දෙසැම්බර් මාසයේ දී සිදුකළ බැංකුවේ රුපියල් බිලියන 12ක ලැයිස්තුගත බාසල් III අනුකූලගත ණයකර නිකුතුවටය. එය 2023 දී ලැයිස්තුගත ණය මාර්ගයෙන් පොදු වෙළඳපල හරහා රැස් කළ විශාලත ම මුදල විය.

ව්‍යාපාරික පරිසර පද්ධති සහයෝගීතාවය පිළිබඳ සම්මානය දිනා ගත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා නිර්මාණය කර ඇති ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් වන කොමර්ෂල් බැංකුවේ LEAP GlobalLinker විසිනි.

කොමර්ෂල් බැංකුවේ නව්‍ය වූත්, වඩාත් ම ලාභදායී සහ තත්‍ය කාලීන අන්තර්ජාල මුදල් හුවමාරු කිරීම සඳහා වූ RemitPlus සේවාව සඳහා මූල්‍ය තාක්ෂණ සම්මාන අංශයේ ගෙවීම් සඳහා වූ හොඳම විසඳුමට හිමි සම්මානය පිරිනමන ලදී.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව