සම්පත් බැංකුව 1990 සුව සැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’. වැඩසටහන සඳහා රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කරයි

Image 1 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ පළාත් 9ම ආවරණය කරමින් සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීමට අරමුදල් සම්පාදනය කරයි

සම්පත් බැංකුව, 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ‘Adopt an Ambulance’ ව්‍යාපෘතියට ආධාර කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. සම්පත් බැංකුවේ ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ සිදු කරනු ලැබූ මෙම කාලීන පරිත්‍යාගය තුළින් දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි සුවසැරිය ගිලන් රථ 10ක් නඩත්තු කිරීම වෙනුවෙන් අරමුදල් සම්පාදනය කිරීම විශේෂත්වයකි. තම ප්‍රජාව වෙත සෞඛ්‍ය සහාය ලබා දීම සම්පත් බැංකුවේ ප්‍රධාන ආයතනික සමාජ වගකීම් කොටසක් වන අතර ඒ යටතේ සිදු කරන ලද මෙම සුවිශේෂී පරිත්‍යාගය තුළින් ශ්‍රී ලාංකිකයින් වෙත හදිසි වෛද්‍ය ආධාර ලබා දීම වෙනුවෙන් 1990 සුවසැරිය ගිලන් රථ සේවාවන් පවත්වාගෙන යාමට මෙන්ම එම සේවාවන් වැඩි දියුණු කිරීමට අවකාශ උදා වනු ඇත. පසුගියදා පැවති ‘Adopt an Ambulance’ වැඩසටහන සඳහා පැවති උත්සවයකදී සම්පත් බැංකුවේ ආයතනික කළමනාකාරීත්වය මඟින් 1990 සුව සැරිය පදනමේ සභාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙත රුපියල් මිලියන 50ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන ලදී.

1990 සුවසැරිය පදනම මඟින් රට තුළ උද්ගත වූ ආර්ථික අර්බුදය හේතුවෙන් සුවසැරිය ගිලන් රථ සේවාවන් පවත්වාගෙන යාමට ඇතිවූ දුෂ්කරතාවයන් අවම කිරීම සඳහා පුද්ගලික අංශයේ අරමුදල් ලබා ගැනීම වෙනුවෙන් මෙම ‘Adopt an Ambulance’ වැඩසටහන දියත් කරනු ලැබීය. යම් රෝගියකු ළඟම ඇති සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානය වෙත යොමු කරන තෙක් ආරක්ෂිත හා සායනික සේවා පරිසරයක් තුළ ඉක්මන් හා වඩා ඵලදායී පූර්ව රෝහල් සත්කාරයන් සිදු කරනු ලබන 1990 සුවසැරිය ගිලන් රථ සේවාව තුළින් ඕනෑම පුද්ගලයකුට පූර්ව රෝහල් සත්කාරක ගිලන් රථ සේවාවන් හා හදිසි ප්‍රතිකාර සේවාවන් නොමිලයේ ලබා දීමට කැපවී කටයුතු කරයි. මෙම 1990 ගිලන් රථ සේවාව 2016 වසරේදී ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටදී ආරම්භ විය.

සම්පත් බැංකුව සිය ‘ජීවිතයට බලාපොරොත්තුවක්’ සමාජ සත්කාරක වැඩසටහන යටතේ වසර ගණනාවක් තිස්සේ මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් සිය සුවිශේෂී දායකත්වය ලබා දීමට කටයුතු කොට ඇත. ඒ යටතේ 2014 වසරේදී රුපියල් මිලියන 49.7ක මුදලක් ආයෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික රෝහල වෙත Neuro Navigator යන්ත්‍රයක් පරිත්‍යාග කළ අතර ඒ මඟින් සැත්කම් සඳහා පැවති පොරොත්තු  කාලය අවම කරමින් ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් හට දෛනිකව වැඩි සැත්කම් ප්‍රමාණයක් සිදු කිරීමට හැකියාව උදා විය. තවද සම්පත් බැංකුව විසින් ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකය සඳහා රුපියල් මිලියන 2.2ක් වටිනා වෙන්ටිලේටර් යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. ඒ හේතුවෙන් ඊට පෙර ඇඳන් 10 සඳහාම වෙන්ටිලේටර් යන්ත්‍ර 5ක්ව පැවති එම ඒකකයේ ධාරිතාව වැඩි දියුණු කිරීමට සම්පත් බැංකුව සමත් විය.

එසේම 2020 වසරේදී ජාතියක් ලෙස COVID-19 එරෙහි සටනේදී සිය අඛණ්ඩ සහයෝගය ලබා දුන් සම්පත් බැංකුව CBL සමූහය හා WSO2 සමඟ එක්ව රුපියල් මිලියන 32ක වියදමින් කොළඹ හමුදා රෝහල වෙත පරිපූර්ණ PCR විද්‍යාගාරයක් පරිත්‍යාග කිරීමටද කටයුතු කරන ලදී. එම අති නවීන විද්‍යාගාරය තුළින් දිනකට PCR පරීක්ෂණ 600ක් සිදු කිරීමට හැකි වීම නිසා රට තුළ කොරෝනා වෛරස පරීක්ෂණ ධාරිතාවද ඉහළ යන ලදී. තවද ජීවිතාරක්ෂක ඖෂධ හා වෛද්‍ය උපකරණ ආනයන සීමාවන් හේතුවෙන් ඒවායෙහි හිඟය මඟහරවා ගැනීම වෙනුවෙන් විවිධ පළාත්හි රජයේ රෝහල් වෙත ජීවිතාරක්ෂක ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමටද සම්පත් බැංකුව කටයුතු කරනු ලැබීය.

මෙරට ප්‍රජාව සමඟ සමීප සබඳතාවක් ගොඩනගා ගනිමින් කටයුතු කරන සම්පත් බැංකුව ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් ආයතනික සමාජ වගකීම් රැසක් දියත් කරනු ලබයි. ඒ යටතේ ප්‍රමුඛතම සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස අභාවයට යමින් පවතින වැව් ප්‍රතිසංස්කරණය කරමින් කෘෂි කර්මාන්තය නගා සිටුවීමට දායක වන ‘වැවට ජීවයක්’ ව්‍යාපෘතිය සඳහන් කළ හැකිය. ඊට අමතරව වෙරළ හා වෙරළ තීරයන් පිරිසිදු කිරීම හා සාගර පරිසර පද්ධති ප්‍රථිස්ඨාපනය කිරීම සඳහා වන ‘සයුරට හුස්මක්’ වැඩසටහන මෙන්ම කුඩා කාලයේ පටන්ම පරිසරයට ආදරය කරන දරු පිරිසක් බිහි කිරීම වෙනුවෙන් වන ‘ගසයි මමයි – පුබුදු පොතයි’ වැඩසටහනද ප්‍රධාන ආයතනික සමාජ වගකීම් වැඩසටහන් ලෙස සඳහන් කළ හැකිය. ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් සැබෑ දේශීය බැංකුවක් ලෙස සම්පත් බැංකුව ‘ගනුදෙනුවකින් ඔබ්බට ගිය වටිනාකම්’ පිළිබඳ දැඩි ලෙස විශ්වාස කරනු ලබයි.

1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවෝත්පාදන හා පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාරකරණය තුළ වෙළෙඳපොල ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ නව්‍ය තාක්ෂණය පදනම් කරගත් මූල්‍ය ආයතනයක් ලෙස ඉදිරි පියවරක් තබමිනි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව