‘සණස ඉදිරිය’ ක්‍රියාන්විතයේ තවත් පරිච්ඡේදයක් ගාල්ල නගරයෙන් ඇරැඹේ

SANASA (LBN)

සණස නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන “සණස ඉදිරිය” ජාතික වැඩසටහනට අදාළව දකුණු පළාතේ සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු දකුණු පළාතේ සණස සමිති සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල, කාරක සභා නියෝජිතයෝ, කළමනාකරුවෝ සහ දකුණු පළාත් සණස සමිති සාමාජිකයෝ රැසක් සහභාගි වූහ.

 



 

‘වැය අඩු කරමු – අය වැඩි කරමු’ යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම සණස සමිති 1250ක් සංවර්ධනය කිරීමෙන් ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ ගම්මාන 5000ක සංවර්ධන ව්‍යාපෘති 10,000ක් ඇරඹීමත්, ඒ හරහා දිවයින පුරා ඍජු හා වක්‍ර රැකියා අවස්ථා 50,000ක් නිර්මාණය කිරීමත් තුළින් පවුල් 300,000කට වැඩි පිරිසකගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතයකට මඟ පාදා දීමයි. මෙහි තවත් වැදගත්කමක් වන්නේ සෑම සමිතියකින්ම තරුණ සාමාජිකයන් කිහිප දෙනෙකුගෙන් යුත් ව්‍යාපෘති කමිටු ගොඩ නංවා ඒ හරහා තරුණ ප්‍රජාව නවීන තාක්ෂණය මුසු වූ ක්‍රමවේද වෙත පුහුණු කිරීමට සැළසුම් සැකසීමෙන් රටේ අනාගත පරපුර යහපත් නායකත්වයෙන් යුත් දැනුමෙන් සන්නද්ධ පුරවැසියන් ලෙස රටේ අනාගතයට සූදානම් කරවීමයි. “මෙම දැවැන්ත ව්‍යාපෘතියට සමගාමීව තරුණ ප්‍රජාව දැනුවත් කිරීමට, පුහුණු කිරීමට මෙන්ම රාජ්‍ය අංශ එකට එකතු කිරීමේ අභිප්‍රායෙන් මේ වන විට සණස අධ්‍යාපන මණ්ඩපයේ හා සණස රක්ෂණ සමාගමේ මූලිකත්වයෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන 7ක් දිස්ත්‍රික්ක 25 ඉලක්ක කර ගොඩ නගා තිබෙනවා. ඒ තුළින් වර්තමානයේ රට පත් වී ඇති තත්ත්වයෙන් මිදී ජනතාවගේ ආර්ථික තත්ත්වය යහපත් ලෙස ගොඩ නැංවීමට මෙන්ම ජනතාවගේ දැනුම, ආකල්ප හා කුසලතා පෝෂණය කරමින් රටට ශක්තියක් වීමට මෙම ව්‍යාපෘතිය හේතු වෙනවා.” කිරිවන්දෙණිය මහතා පැවසීය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව