ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා සන්නාමය ලෙස සෙලින්කෝ ලයිෆ් SLIM සම්මාන ලබයි

Ceylinco Life SLIM

 



 

 

 

වසරේ හොඳම නව පිවිසුම් සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී සම්මානය ඇතුළු විශිෂ්ට සන්නාම ත‍්‍රිත්වයක් දිනයි

 ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ ‘වසරේ සේවා සන්නාමය’ ලෙස සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍ර වූ අතර, එම උත්සවයේ දී ප‍්‍රධාන සම්මාන පහෙන් එකක් ජයග‍්‍රහණය කරමින් සියලූ ක්ෂේත‍්‍ර අතර සන්නාම විශිෂ්ටත්වයේ උච්චතම ස්ථානයට පත් විය.

මෙරට ජීවිත රක්ෂණයේ ප‍්‍රමුඛයා විසින්, විශේෂ සම්මාන කාණ්ඩ අටෙන් දෙකකින් සම්මාන දිනාගත් අතර, සෙලින්කෝ ලයිිෆ් ‘පෙන්ෂන් සේවර්’ රක්ෂණ සැලසුම සඳහා වසරේ හොඳම නව ඇතුල්වීමේ සන්නාමය සඳහා රන් සම්මානය ද, වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී සම්මානය ද සමඟ 2021 වසරේ කීර්තිමත් සම්මාන ත‍්‍රිත්වයක් ලබා ගත්තේය. සෙලින්කෝ ලයිෆ්, වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී පදක්කම මෙවර දිනාගත්තේ අඛණ්ඩව දෙවැනි වසරටය.

”අපගේ මතකයේ ඇති කාලය තුළ පසු වූ ඉතාමත් අභියෝගාත්මක වසරක සන්නාම විශිෂ්ටත්වය අගයන මෙම ගෙෘරවනීය සම්මාන දිනා ගැනීම අපට විශේෂ සතුටක්,” සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා පැවසුවේය. ”මූල්‍ය සේවා සන්නාමයක් ලෙස, වර්ධනයක් ලබා ගත හැකි වූයේ දත්ත ආරක්ෂාව අවම කිරීමකින් තොරව ප‍්‍රවේශය සහ පහසුව වැඩි දියුණු කිරීමෙන් මෙන්ම නව්‍යකරණය තුළින් අපගේ ගනුදෙනුකරුවන් සමඟ ඇති සම්බන්ධතා නිසි ලෙස පවත්වා ගැනීමෙන් පමණි. අප විසින් වසරේ සේවා සන්නාමය සඳහා වන සම්මානය දිනා ගැනීම මෙම ප‍්‍රවේශයේ සාර්ථකත්වය තහවුරු කරනවා. ”

වසරේ සේවා සන්නාමය සඳහා වන සම්මානය බැංකු, රක්ෂණ, විදුලි සංදේශ, විනෝදාස්වාද, අධ්‍යාපනය, ආයෝජන, දේපළ වෙළඳාම්, සංචාරක සහ ප‍්‍රවාහන ඇතුළු විවිධ අංශවල දේශීය හෝ දේශීය වශයෙන් අලෙවි කරන ජාත්‍යන්තර සන්නාම සඳහා විවෘත විය.

සෙලින්කෝ ලයිෆ් ‘වසරේ හොඳම නව ප‍්‍රවේශය’ සඳහා දිනාගත් දෙවන රන් සම්මානය මගින් වාරික සහතික ප‍්‍රතිලාභ, ලෝයල්ටි ත්‍යාග සහ කල්පිරීමෙන් පසු මාසික විශ‍්‍රාම වැටුපක් පිරිනමන, නව විශ‍්‍රාම සහ ජීවිත ආරක්ෂණ සැලැස්මක් වන ‘පෙන්ෂන් සේවර්’ සැලසුමෙ හි සාර්ථකත්වය ඇගයීමට ලක් කර ඇත. මෙම නව රක්ෂණ සැලසුම් සන්නාමය, විශ‍්‍රාම සැලසුම් කිරීමේ වැදගත්කම පිළිබඳව ශ‍්‍රී ලාංකිකයන්ව සැලකිය යුතු ලෙස දැනුම්වත් කිරීමට උපකාරී වී ඇති අතර, එය එම සැලසුමේ විශේෂාංග මෙන්ම සන්නාමය ප‍්‍රවර්ධනය කිරීම සඳහා භාවිතා කරන ප‍්‍රචාරණ යාන්ත‍්‍රණ හරහා පැහැදිලිව පෙන්වා දී ඇත.

‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ ලෙස සෙලින්කෝ ලයිෆ් දිනාගත් රිදී සම්මානය, සමාගම විසින් ක‍්‍රියාත්මක කරන බහුවිධ ප‍්‍රජා ව්‍යාපෘති මෙන්ම තිරසාර මෙහෙයුම් වල වටිනාකම ඇගයීමට ලක් කරයි. පන්තිකාමර සහිත ගොඩනැගිලි ඉදිකිරීම හා පරිත්‍යාග කිරීම, රෝහල්වලට අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, ‘වෛද්‍ය හමුව’ නොමිලේ සෞඛ්‍ය කඳවුරු පැවැත්වීම සහ ප‍්‍රධාන රෝහල්වල අධි යැපුම් ඒකක (HDUs) සංවර්ධනය කිරීම සහ නඩත්තු කිරීම මෙම ව්‍යාපෘතිවලට ඇතුළත් වේ. මේ සියල්ල ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාවන්ගේ ජීවිතවල ආරක්ෂාව සහ ප‍්‍රගතිය වෙනුවන් පහසුකම් සැලසීමේ මූලික සන්නාම සන්නිවේදනයට සමීපව සම්බන්ධ වේ.

‘ස්ලිම් බ‍්‍රෑන්ඞ් එක්සලන්ස්’  සම්මාන වැඩසටහන ජාතික මට්ටමේ සන්නාම විශිෂ්ටත්වය විදහා දක්වන අතර ඉහළ පෙළේ අලෙවිකරුවන්ගේ විශිෂ්ට උත්සාහයන් ඇගයීමට ලක් කරයි.

මෙම සම්මාන උළෙල හරහා, සන්නාමකරණයේ හොඳම භාවිතයන් දිරිමත් කිරීම පමණක් නොව, දේශීය වෙළෙඳ නාම ගෝලීය ප‍්‍රමිතීන් දක්වා නංවාලීමටත්, රට තුළ සහ කලාපය තුළ අලෙවිකරණයේ ප‍්‍රතිරූපය වැඩිදියුණු කිරීමටත් SLIM උත්සාහ කරයි. මෙම සිදුවීම, විශිෂ්ට සන්නාම නිර්මාණය කිරීමේදී විශිෂ්ට අලෙවිකරුවන් විසින් පෙන්නුම් කර ඇති අභිපේ‍්‍රරණය,  කැපවීම සහ වෙහෙස අලෙවිකරණ ක්ෂේත‍්‍රය තුළ පිළිගැනීමට බඳුන් කරයි.

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2021 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව අටවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත්, 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව