ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 දෙනෙකුට අතහිත දීමට හැටන් නැෂනල් බැංකුව වෙතින් රුපියල් මිලියන 20ක ප‍්‍රදානයක්

Image 01 (1)

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත‍්‍රයේ වඩාත් හිතෛශී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් දැනට පවත්නා කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 දෙනෙකුට අතහිත දීමේ අරමුණින් රුපියල් මිලියන 20ක ප‍්‍රදානයක් ලබා දීමේ වැඩසටහන මෑතකදී හඳුන්වා දෙන ලදී.

HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට සිය ව්‍යාපාර නැවත නගා සිටුවීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මට්ටමට ගෙන ඒමට කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දෙනු ඇත. කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් ව සිටින තෝරා ගත් HNB ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකින් පිරිසකට අදියර දෙකක් යටතේ බැංකුව මෙම ප‍්‍රදානය ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සහ HNB තිරසාර පදනමේ සභාපති ජොනතන් අලස් මහතා ‘‘ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා අපගේ තිරසාර පදනම හරහා මෙම වැදගත් වැඩසටහන දියත් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා. සියලූ දෙනාටම 2020 ඉතා අභියෝගාත්මක වසරක් වූ බව අප සැවොම දන්නා කරුණක්. එහෙයින් මෙරට ව්‍යාපාරවල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට සුදුසුම අවස්ථාවක මෙම වැඩටහන දියත් කිරීම ඉතාම කාලෝචිතයි.’’ යනුවෙන් පැවසුවේය.

‘‘අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දෙමින් නැවත නැගී සිටීම සඳහා ඔවුන් මෙම ප‍්‍රදානය උපරිම ලෙස යොදා ගනු ඇති බව අප බලාපොරොත්තු වෙනවා. SME ක්ෂේත‍්‍රයට අප පිවිසි දා පටන් මෙන්ම දශක තුනකට වැඩි කාලයක් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය සමඟ කටයුතු කර ඇති නිසා ඔවුන්ව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයකු බවට පත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහාය හා දැනුම ලබා දෙමින් ඔවුන්ව දිරිමත් කළ යුතු බව අප හොඳින් තේරුම් ගෙන තිබෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

HNB හි තිරසාර පදනම මගින් සමාජ සත්කාර කටයුතු මෙහෙය වනු ලබන අතර දිවයින පුරා පිහිටි බැංකුවේ ශාඛා ජාලය මහජනතාව හා කාර්ය මණ්ඩලය ද සම්බන්ධ කර ගනිමින් ස්ථාන පදනම් කරගත් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරයි. මෙම පදනමේ උපායමාර්ගික ක්ෂේත‍්‍රයන් අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, ව්‍යවසායකත්ව සවිබල ගැන්වීම සහ පාරිසරික යන ක්ෂේත‍්‍ර ඇතුලත් වේ.

 




 

 

1980 වසරේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින්ගේ වර්ධනය වෙනුවෙන් ඔවුන් හා සමීපව කටයුතු කරන HNB මෙරට ග‍්‍රාමීය ආර්ථික සංවර්ධනය හා සමෘද්ධිමත් කිරීමේ නිශ්චිත අරමුණ සහිතව ක්ෂුද්‍ර මූල්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (MSME) ක්ෂේත‍්‍රයට ඇතුළු වූ පුද්ගලික අංශයේ පළමු වාණිජ බැංකුව බවට පත් විය.

‘‘දේශීය හා ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරමින් පහළ මට්ටමේ සිට ගනුදෙනුකරුවන්ට ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා අවස්ථාවන් නිර්මාණය කිරීමට බලපෑම් කළ හැකි අරමුදලක් පිහිටුවීම HNB තිරසාර පදනමේ දිගු කාලීන ඉලක්කයයි. මෙම පදනම සමඟ ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී ගනුදෙනුකරුවන්ට අවශ්‍ය ආදායම් මාර්ග සපයා දීම හා පහසුකම් සලසන්නෙකු ලෙස ක‍්‍රියා කිරීමට අප බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් HNB Chief Transformation/නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ HNB තිරසාර පදනමේ භාරකාර, එල්. චිරන්ති කුරේ මහත්මිය පැවසුවාය.

මුළු දිවයිනම ආවරණය කරමින් පත් කර ඇති ගැමි පුබුදුව නිලධාරී ජාලය උපයෝගී කර ගනිමින් HNB මූල්‍ය සාක්ෂරතාවය, ව්‍යාපාර ශක්තිමත් කිරීම හා අපනයන අවස්ථාවන් සඳහා පහසුකම් සැලසීමට නිර්මාණය කර ඇති උපදේශන සේවා හා පුහුණුකිරීමේ වැඩසටහන් ඇතුළුව බිම් මට්ටමේ ව්‍යවසායකයින් සමඟ විශ්වාසය හා දිගුකාලීන සබඳතා වර්ධනය කිරීම මත රඳා පවතින ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා සාර්ථකව පුරෝගාමී ලෙස කටයුතු කර ඇත.

පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී බැංකුව ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද නම් කරන ලදී.

බැංකුව ලබා ගත් අනෙකුත් සම්මාන අතර ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී 2020 සඳහා ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11වන වරටත් සම්මානයට පාත‍්‍ර වීම හා 2019 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාර සම්මාන උළෙලේදී සම්මාන හතකට හිමිකම් කීම කැපී පෙනේ. මීට අමතරව අඛණ්ඩව වසර තුනක් (2017-2019) ජාත්‍යන්තර මූල්‍ය සඟරාව විසින් විශිෂ්ටතම ක්ෂුද්‍ර මූල්‍ය බැංකුව ලෙස HNB සම්මානයට පාත‍්‍ර කර ඇත. මෑතකදී, Fitch ratings මගින් HNB හි ජාතික දිගු කාලීන වර්ගීකරණය සංශෝධනයට ලක් කළ අතර එහිදී Fitch ratings හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ණය ශ්‍රේණිය හිමි කර ගැනීමට HNB සමත් විය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව