ශ්‍රී ලාංකීය නිවාස තනන්නන්ට සහය දක්වමින් කොමර්ෂල් බැංකුව නිවාස ණය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙයි

Home Loans leadership 2024 (LBN)

දේශීය නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකත්වය අත්කර ගනිමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ නිවාස තනන්නන්ගේ සිහින සැබැ කිරීමට විශාලතම ආධාරකරුවා බවට පත්වී ඇත.

2024 මාර්තු 31 වන දිනට කොමර්ෂල් බැංකුවේ නිවාස ණය කළඹ රුපියල් බිලියන 72.965 දක්වා වර්ධනය වී ඇති අතර ඒ සමඟම එම ක්ෂේත්‍රයේ අංක 1 ස්ථානයට පත්ව ඇති බව බැංකුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ නිවාස ණය සඳහා වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත් වූ පළමු පුද්ගලික අංශයේ බැංකුව කොමර්ෂල් බැංකුවයි.

 



 

මෙම නවතම සන්ධිස්ථානය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ පැවසීය. “බැංකුකරණයේ ශක්තිමත්ම බැඳීමක් වන්නේ නිවාස ඉදිකරන්නන් සහ ඔවුන්ගේ අභිලාෂයන් සඳහා සහාය වන බැංකු අතර ඇති බැඳීමයි. මෙය අප බැංකුව ප්‍රධාන අවධානයක් යොමු කරන ක්ෂේත්‍රයක් වන අතර, අභියෝගාත්මක ආර්ථික පරිසරයක් මධ්‍යයේ වුවද තම නිවාස ණය කළඹෙහි ස්ථාවර වර්ධනයක් ඇති කරමින් බැංකුව මෙම අංශය සඳහා බහුවිධ ණය දීමේ විකල්පයන් සංවර්ධනය කර ඇත.”

හිස් ඉඩමක්, නිවසක් හෝ මහල් නිවාසයක් මිල දී ගැනීමට, නිවසක් ඉදිකිරීමට, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක් සම්පූර්ණ කිරීමට, පවතින නිවසක් ප්‍රතිසංස්කරණය කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට සහ පවතින නිවාස ආශ්‍රිත ණයක් පියවීම සඳහා කොමර්ෂල් බැංකුවේ නිවාස ණය ලබා ගත හැකිය. සාමාන්‍ය නිවාස ණයට අමතරව, පළමු වරට නිවාස ගැනුම්කරුවන් සහ ඉදිකිරීම් කරන්නන් සඳහා මෙන්ම හරිත නිවාස ණය සහ විදේශ මුදල් නිවාස ණය සඳහා බැංකුවට විවිධ ණය යෝජනා ක්‍රම ඇත.

මීට අමතරව, බැංකුව විසින් වෘත්තිකයන් සහ ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයින් සඳහා වසර පහක සහන කාලයක් ලබා දෙන අතර, ඔවුන්ට එම සහන කාලය තුළ පොලිය පමණක් ගෙවිය හැකි අතර ඉන් පසුව එක් එක් ණය ගැණුම්කරුට වඩාත් ගැලපෙන ලෙස සමාන මාසික වාරික, ශේෂය අඩු කිරීමේ ක්‍රමය හෝ ස්ටෙප්-අප් නිවාස ණය වැනි ඕනෑම ආපසු ගෙවීමේ ක්‍රමයක් යටතේ පොලී සමඟ ප්‍රාග්ධනය ආපසු ගෙවීම කළ හැකියි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව