ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව අතිසාර්ථක ලෙස නිමාව දකී

AI Expo Pictorial Image - Final (LBN)

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගමන්මගේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්  ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ සහ SLT-MOBITEL සමාගමේ පුරෝගාමීත්වයෙන් පවත්වන ලද මෙරට ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනය හා සමුළුව (National AI Expo & Conference 2025) පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම ප්‍රදර්ශනය හා සමුළුව නැරඹීමට 12,000 කට අධික පිරිසක් පැමිණි අතර, කීර්තිමත් දේශකයන් 50 කට අධික පිරිසක් එහිදී අදහස් දැක්වූහ. ප්‍රදර්ශකයන් 35 කට අධික පිරිසක් මෙම  ජාතික AI ප්‍රදර්ශනයට එක්ව සිටි අතර, විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 44 දෙනෙකු සහභාගී වූ සංවාදමය වැඩසටහන් 11 ක්ද එහිදී පැවැත්විණි. එමෙන්ම මෙරට ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල සහ පාසල් 10 කට අධික සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවෝද මීට සහභාගී වූහ. මෙය රටේ AI ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම, ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදන, සහයෝගීතාව සහ අනාගතයට ගැළපෙන විසඳුම් නිර්මාණය කිරීම සම්බන්ධ කේන්ද්‍රස්ථානයක් බව ලොවට පෙන්වා දීම සඳහා කදිම වේදිකාවක්ද විය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව