ශ්‍රී ලංකාව තුළට විදේශ ප්‍රේෂණ ගලා ඒම වැඩි කිරීමේ අරමුණින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව “We Transfer More Than Just Money” ප්‍රේෂණ සේවා වැඩසටහන දියත් කරයි

Nations-Remittance

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් 2024 වර්ෂය වෙනුවෙන් දියත් කළ “We Transfer More Than Just Money” යන ප්‍රේෂණ වැඩසටහන සාර්ථකව අවසන් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විදේශයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

මෙම වැඩසටහනේ එක අදියරක් ලෙස, ජාත්‍යන්තර ප්‍රේෂණ ප්‍රතිලාභකරුවන්  අතරින් වාසනාවන්ත ජයග්‍රාහකයින්ට ස්මාර්ට් ජංගම දුරකථන ලබා දීම සඳහා සති 12 ක් පුරා සතිපතා දිනුම් ඇදීමක් පවත්වන ලදී. මෙහිදී තේරී පත් වූ වාසනාවන්ත ජයග්‍රාහකයින් 12 දෙනා ප්‍රේෂණ ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපය, සෞදි අරාබිය, බහරේනය සහ ජපානය ඇතුළු විවිධ රටවල්වල සිටින ඔවුන්ගේ හිතමිත්‍රාදීන්ගෙනි.

 



 
නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ප්‍රේෂණ සේවාව ශක්තිමත් කිරීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කළ අතර, මෙමඟින් ශ්‍රී ලංකාව තුළට  විදේශ ප්‍රේෂණ ගලා ඒම වැඩි කිරීම මූලිකවම අරමුණු කරයි. මෙම දිනුම් ඇදීම විදෙස් ප්‍රේෂණ තැන්පත් කරන්නන් සහ ප්‍රතිලාභීන් යන දෙඅංශයේම අවධානයට ලක් වූ අතර, විදෙස් ප්‍රේෂණ තැන්පතුකරුවන්ට විදේශයන්හි සිට තම ආදරණීයයන් සමඟ සම්බන්ධව සිටීමට උපකාරී වන ත්‍යාගයක් පිරිනැමීම සිදුවිය. සෑම සතියකම මෙම වාසනාවන්ත ජයග්‍රාහකයා අහඹු ලෙස තෝරාගත් අතර, මෙහිදී රු: 50,000 හෝ ඊට වැඩි  සෑම  ප්‍රේෂණයක්ම ස්වයංක්‍රීයව දිනුම් ඇදීමට සුදුසුකම් ලැබීය.

මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම තුළින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මූල්‍ය සේවා සැපයීමට වඩා වැඩි යමක් සිය පාරිභෝගිකයන්ට ලබාදීමට ඇපකැප වී කටයුතු කරන බව අවධාරණය කරයි. විශ්වාසදායක සහ පහසු විදේශ ප්‍රේෂණ සේවාවන් සිය පාරිභෝගිකයන්ට ලබාදීම තුළින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ගනුදෙනුකරුවන්ට තම පවුලේ පිරිස සහ හිත මිතුරන් සමඟ ශක්තිමත් සම්බන්ධතා පවත්වා ගැනීමට ඉඩ සලසයි.

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් භෞතික සහ ඩිජිටල් යන දෙඅංශයම ආවරණය වන පරිදි සාමන්‍ය පාරිභෝගික, වාණිජ සහ ආයතනික යන සියලුම පාරිභෝගිකයන් සඳහා සේවා සපයයි. එමෙන්ම නවීනතම ඩිජිටල් බැංකුකරණ තාක්ෂණය හරහා ඩිජිටල් තාක්ෂණ ගණුදෙනු සවිබල ගැන්වීම කෙරෙහි බැංකුව අවධානය යොමු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් බැංකු අත්දැකීම වන FriMi හදුන්වාදීමේ පුරෝගාමියා ද ඔවුන්ය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යනු ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කරන සහ තනි අත්පත්කරුවකු  වන අතර ඔවුන් ප්‍රිමියම් කාඩ්පත් අංශ වල වෙළඳපල නායකත්වය ද දරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 + ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව