වීසා කාඩ්පත් සමඟ ජාත්‍යන්තර ගෙවීම් කරන කාඩ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකුවෙන් සුඛෝපභෝගී සංචාර දිනා ගැනීමට අවස්ථාවක්

Visa Cross Border promo 2025 (LBN)

කොමර්ෂල් බැංකුව සහ වීසා හවුල්කාරිත්වයෙන්, කාඩ්පත් හිමියන් සඳහා දියත් කර ඇති නව ප්‍රවර්ධනයක් තුලින් ඔවුනට අමතක නොවන සුඛෝපභෝගී සංචාරක අත්දැකීම් දිනා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුවේ පුද්ගලික වීසා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් සියලු දෙනාටම විවෘත අතර 2025 නොවැම්බර් 15 වන දින දක්වා ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන නිර්මාණය කර ඇත්තේ අන්තර්ජාලය මඟින් මෙන්ම පිටරට දී කරන ගනුදෙනු ගෙවීම් සඳහා වීසා කාඩ්පත් භාවිතය දිරිමත් කිරීම සඳහා ය.

 



 
මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලැබීමට ගනුදෙනුකරුවන් විසින් ප්‍රවර්ධන කාල සීමාව තුළ සුදුසුකම් ලත් ජාත්‍යන්තර ගෙවීම් සඳහා අවම වශයෙන් රු. 200,000 ක් වියදම් කිරීම සිදු කළ යුතුය. වියදම් කරන සෑම රු. 200,000 කටම දිනුම් ඇදීමට ඇතුළත් වීමේ අවස්ථාවක් හිමි වන අතර එයින් වාසනාවන්ත ජයග්‍රාහකයින් හය දෙනෙකු තෝරා ගනු ලැබේ. ඊට අමතරව ප්‍රවර්ධන කාල සීමාව තුළ වලංගු වියදම් වලින් රු. මිලියනය ඉක්මවන කාඩ්පත් හිමියන්ට දිනුම් ඇදීමේදී බෝනස් අවස්ථා පහක් හිමි වන අතර ඒ තුළින් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට ඇති සම්භාවිතාව වැඩි වේ.

පළමු ත්‍යාගය දිනා ගන්නා ජයග්‍රාහකයා හට ව්‍යාපාරික පන්තියේ ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත් සහ සිංගප්පූරුවේ සුප්‍රසිද්ධ අධි සුඛෝපභෝගී හෝටලයක රාත්‍රී දෙකක නවාතැන් පහසුකම් සමඟ සිංගප්පූරුව වෙත දෙදෙනෙකුට  සුඛෝපභෝගී චාරිකාවක් හිමි වේ. අනෙකුත් ජයග්‍රාහකයින්ට සිංගප්පූරුව වෙත නිවාඩු පැකේජ දෙකක් සහ මාලදිවයින වෙත නිවාඩු පැකේජ තුනක් හිමිවන අතර මෙය කාඩ්පත් හිමියන් සඳහා මෙම වසරේ වඩාත් ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහනක් වේ.

“අපගේ කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ත්‍යාග ලබා දීම වෙනුවෙන් අපගේ දිගුකාලීන හවුල්කරු වන වීසා සමඟ එක්ව මෙම ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට ලැබීම පිළිබඳ අපි ඉතා සතුටට පත් වෙනවා,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය කපිල ලියනගේ මහතා ප්‍රකාශ කළේය. “මෙම මූලාරම්භය ගනුදෙණුකරුවන් හට ඇදහිය නොහැකි ත්‍යාග ඵිරිනැමීමට අමතරව ගනුදෙනුකරුවන් සංචාරය කරන විට හෝ අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් කරන විට ඉහළ අත්දැකීම් ලබා දෙයි. දේශසීමා හරහා කරනු ලබන ගනුදෙණු සඳහා කාඩ්පත් භාවිතය දිරිමත් කිරීමේ අවශ්‍යතාවය අපි දකින අතර මෙම ප්‍රවර්ධනය තුළින් අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වය වර්ධනය වී ඔවුන්ට සැබෑ වටිනාකමක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කළ කොමර්ෂල් බැංකුව, ඒ සමඟ බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව