වසරේ දැවැන්තම ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සේල් සතිය  “Daraz Mobile Week 2020”  ජූලි 27 වනදා සිට

Mobile-week-KV-PR-cover-pic

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය වන Daraz, ආකර්ෂ ර්‍ණය වට්ටම් රැසක් සමග වසරේ දැවැන්තම ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සේල් සතිය පවත්වන්නට කටයුතු යොදා ඇත. 2020 ජූලි මස 27 වැනිදා සිට අගෝස්තු මස 02 වැනිදා දක්වා Out with the old, and in with the new’ යන තේමාවද සමග ක‍්‍රියාත්මක වන  “Daraz Mobile Week 2020  ප‍්‍රවර්ධන වැඩසටහන සමග ස්මාට් ජංගම දුරකතන, ටැබ්ලට් පරිගණක, ඇපල් අයි පෑඞ්, ලැප්ටොප්, රූපවාහිනී, ගෘහ විදුලි උපකරණ, කැමරා, ගේමින් කන්සෝල්, ඉලෙක්ට්‍රොනික උපකරණ, හෙඞ්ෆෝන් ඇතුළු එදිනෙදා දිවියට අවශ්‍ය භාණ්ඩ රැුසක් විශේෂ ප‍්‍රවර්ධන මිලගණන් යටතේ ලබාගත හැකිය.

දීමනා රැසක්

ඔබේ මිලදීගැනීම් සඳහා වැඩිම වටිනාකමක් පිරිනමන වසරේ වාසිදායකම අලෙවි අවකාශය ලෙස  “Daraz Mobile Week 2020  ක‍්‍රියාත්මක වන්නේ සෑම JVC අඟල් 55 LED රූපවාහිනියක් සමග නොමිලේ ස්මාට් ජංගම දුරකතනයක්, Sanford අඟල් 32 රූපවාහිනියක් සමග අගනා විදුලි ස්ත‍්‍රික්කයක් පිරිනැමීම වැනි ප‍්‍රවර්ධන දීමනා රැසක් සමගිනි. Daraz Mall සමග හොඳම නිෂ්පාදන පෙළක් වගකීම් සහතිකයක්, කඩිනම් බෙදාහැරීමේ සේවාව සහ දීර්ඝ කළ නැවත භාරදීමේ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කෙරේ. Browns Store වෙතින් සෑම මිලදීගැනීමක් සඳහාම පිරිනමන ත්‍යාග වටිනාකම රුපියල් 30, 000 ක වටිනාකමකින් යුක්ත වේ. ඒ අතර HP ලැප්ටොප් සඳහා පිරිනමන ADATA පෙන් ඩ‍්‍රයිව්, Kaspersky වයිරස් ගාඞ්, optical mouse සහ laptop backpack වඩාත් කැපීපෙනෙයි.

ක‍්‍රීඩා සහ දිනුම් අවස්ථා

Daraz Mobile Week 2020”  හරහා සිදුකෙරෙන මිලදීගැනීම් අතරතුර ක‍්‍රීඩාවන්ට සහභාගී වෙමින් විශේෂ මිල අඩුකිරීම් සහ නොමිලේ දීමනා රැසක් හිමිකරගත හැකිය.

Mobile’Athon ක‍්‍රීඩාවට සහභාගී වෙමින් අදියර 10 ක් සම්පූර්ණ කිරීම හරහා Samsung Galaxy A80, Daraz වවුචර්පත් ඇතුළු තෑගි රැසක් හිමිකරගත හැකිය.

දින 3ක් පුරා ක‍්‍රියාත්මක වන Flash sales හරහා අඩුම මිල ගණන් යටතේ ඉදිරිපත් කරන ස්මාට් ජංගම දුරකතන මාදිලි 3ක් දිනාගැනීමේ අවස්ථාවද හිමිවේ.

“One-rupee Game”  ක‍්‍රීඩා අවස්ථාව සමග OPPO, Huawei, VIVO, Sony PlayStation 4 game  හෝ Canon වැනි වටිනා භාණ්ඩ රැසක් රුපියලක් වැනි සුළු මුදලකට දිනාගැනීමේ අවස්ථාව උදාවේ.  Apple iPhone SE 2020  සහ Huawei 6T  වෙන්දේසියක් මගින්  දිනාගැනීමේ අවස්ථාවද මෙහිදී උදාවේ.

Daraz gaming portal සමග එක්ව එහි in-app free online games ලෙස ක‍්‍රියාත්මක Crazy Shooting, Memory Tile, Clown Pop සහ 3D Highway ක‍්‍රීඩාවන්හි නියැලීමෙන් විනෝදවීමේ අවස්ථාවද උදාවේ.

 

මේ වසරේ ¾ Daraz Mobile Week සඳහා ප්ලැටිනම් සහකරුවා ලෙස Samsung, ස්වර්ණමය සහකරුවන් ලෙස OPPO, Brown and  Company PLC, HP, Canon  සහ Innovex” රිදී සහකරුවන් ලෙස Huawei, VIVO, Hafele, Surya, Phillips, Sony PlayStation, Dell, MSI, Lumix සහ Eken යන සුප‍්‍රකට වෙළෙඳ නාම එක්වෙති.

ගනුදෙනුකරුවන්ගේ පහසුව සලසාලමින් Daraz Mobile Week බැංකු සහකරුවන් ලෙස ඉදිරිපත්ව සිටින කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HSBC” සෙලාන් බැංකුව, යුනියන් බැංකුව, DFCC, ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකුව, ලංකා බැංකුව, කාගිල්ස් බැංකුව හා සණස සංවර්ධන බැංකුව ක්‍රෙඩිට් කාඞ්පත් භාවිතා කරමින් සිදුකරන මිලදී ගැනීම් සඳහා 10%  වට්ටමක් ද, Mastercard විසින් කොන්දේසි සහිතව පිරිනමන අමතර වට්ටමක් ලෙස 12% වට්ටමක්ද පිරිනැමේ.

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් හට අතැඟිලි තුඩු අගින්  නිවසේ සිටම සුවපහසුව විඳිමින් සුරක්ෂිත අන්තර්ජාල සාප්පු සවාරියක නිරත වීම සඳහා Daraz Mobile App ද භාවිතා කළ හැකිය. ඔබේ වට්ටම් හා දීමනා දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න https://bit.ly/Darazmobileweek2020

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව