වත්මන් ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව ඇති සිය සේවකයිගේ ජීවන තත්වය නගාසිටුවීමට ඇඟළුම් කර්මාන්තයෙන් අත්වැළක්

Yohan Lawrence

 



 

 

 

පවතින ආර්ථික පීඩනයට සහ ඉහළ යන ජීවන වියදමට මුහුණ දීමට සේවකයන්ව දිරි ගැන්වීම උදෙසා ඇඟළුම් නිෂ්පාදකයින් තම සේවකයන්ට මූල්‍ය සහ මූල්‍ය නොවන ආධාර ලබාදීමට පියවර ගෙන ඇත. ඇඟළුම් කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ විශාලතම අපනයන ආදායම් ප‍්‍රභවය වන අතර එය රටේ සමස්ත අපනයන ආදායමෙන් 40% ක් නියෝජනය කරයි.

”අපි ඉතාමත් දුෂ්කර සහ අභියෝගාත්මක කාලයකට මුහුණදෙමින් සිටිනවා. මෙවන් කාලයක අපගේ කර්මාන්තය අඛණ්ඩව කි‍්‍රයාත්මක වන්නේ සේවක ප‍්‍රජාවගේ ශක්තියෙන්. ඒවගේම ඔවුන්ට සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීම අපගේ ප‍්‍රමුඛ වගකීමක්. අපි ඇඟළුම් කර්මාන්තශාලා හිමියන්ව ඔවුන්ගේ සේවකයන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන සුබසාධන ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීමට උනන්දු කරන අතර බොහෝ දෙනෙක් දැනටමත් එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ (JAAF)  මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා සඳහන් කළේය.

මේ වන විට ඇඟළුම් නිෂ්පාදකයින්ගෙන් 80% ක් පමණ වාර්ෂික වැටුප් වර්ධකවලට අමතරව ජීවන වියදම් සම්බන්ධ ගෙවීම් ඉහළ දමා තිබේ. එය  25% ක වැඩිවීමක් වන අතර මෙම වර්ධක 2021 සිටම කි‍්‍රයාත්මක වීම විශේෂත්වයකි.

ලෝරන්ස් මහතා මෙහිදී සඳහන් කළේ සමහර කර්මාන්තශාලා මුරකුටි, ආපනශාලා සහ ආරක්ෂක කාර්ය මණ්ඩලය වැනි බාහිරින් ලබාගත් සේවා ඇතුළුව කර්මාන්තශාලාවල අභ්‍යන්තර සේවකයින්ට ශක්තියක් වීම සඳහා වියළි ආහාර බෙදා හැරීම වෙනුවෙන් වූ සුබසාධන යෝජනා ක‍්‍රම ද ආරම්භ කර ඇති බවයි. ඇතැම් කර්මාන්තශාලා සේවකයන්ට නිවසට ගෙනයාමට පවා අමතර ආහාරපාන සපයනු ලබන අතර එමඟින් ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් පෝෂණය කිරීමටද ඔවුන්ට උපකාර කිරීමට හැකිව තිබේ. විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සේවකයින්ට පිරිනැමෙන අනෙකුත් ප‍්‍රතිලාභ අතරට ළමුන් සඳහා පාසල් පොත්පත් ලබාදීම, නොමිලේ වෛද්‍ය පහසුකම් සහ ගැබිණි මව්වරුන් සඳහා විශේෂ ආහාර පැකේජ ද ඇතුළත් වේ.

”අපගේ සේවකයින්ට අත්වැළක් වීම උදෙසා අපි ප‍්‍රමුඛත්වය ගන්නා අතර මෙම දුෂ්කර කාල පරිච්ෙඡ්දය තුළ ඔවුන් මුහුණ දෙන අභියෝග ජයගැනීමට ඔවුන්ට ශක්තියක් වීමට අපි පියවර ගන්නවා.” යනුවෙන් ලෝරන්ස් මහතා නැවතත් අවධාරණය කළේය.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව