ලෝටස් සමූහ ව්‍යාපාරයේ දස වන සංවත්සරයට රුක් රෝපණය ඇතුළු වැඩසටහන් රැසක්

IMAGE - 1 (LBN)

ලෝටස් සමාගම් සමූහයේ දස වන සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් සහ ප්‍රජා සත්කාර ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි. බිංගිරි‌යේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු සැමරුමට බැංකු කළමනාකරුවෝ, බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු රැසක් සහභාගී වූහ. සැමරුම ආරම්භයේදී වසර දහයක් පුරා සමාගම පැමිණි ගමන් මග දැක්වෙන වාර්තා වැඩසටහනක් විකාශය කළ අතර ධර්ම දේශනාවක් සහ දානමය පිංකමක්ද පැවැත්විණි. සංවිධානය කර තිබූ රුක් රෝපණ වැඩසටහන තුළින් තිරසාර කෘෂිකර්මාන්තයක් සඳහා සමාගම සතු කැපවීම යළි තහවුරු විය. පසුගිය දශකයක කාලය තුළ අංශ ගණනාවක් පුරා විහිදී යන ලෙස සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර ඇති ලෝටස් සමූහ ව්‍යාපාරය කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් නවීන තාක්ෂණික විසඳුම් සහ සේවා රැසක් හඳුන්වා දී තිබේ.
 



 
ලෝටස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ලෝටස් සීඩ්ස් ෆාම් උසස් තත්ත්වයේ කෘෂි බීජ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. වැඩි අස්වැන්නක් ලැබිය හැකි එම බීජ වර්ග (දෙමුහුම් බීජ වර්ගද ඇතුළු) සඳහා ගොවීන්ගෙන් ඇත්තේ විශාල ඉල්ලුමකි. ලෝටස් එන්ටර්ප්‍රයිසස් වෙතින් පොහොර, වගා මලු, ප්ලාස්ටික් බඳුන් සහ ගෝලීය ප්‍රමිති අනුව නිෂ්පාදනය කළ යන්ත්‍රෝපකරණ ඇතුළු බොහෝ දෑ ගත හැකිය. ලෝටස් ප්‍රින්ට් හවුස් නව්‍ය සහ නිර්මාණාත්මක මුද්‍රණ සේවා සපයයි. ලෝටස් සීඩ්ස් දැඩි තත්ත්ව පාලන ක්‍රම සහ අඛණ්ඩ නිෂ්පාදන සංවර්ධනය තුළින් වැඩි අස්වැන්නක් ලැබීමට ගොවීන්ට සහාය වේ. ලෝටස් ක්‍රොප් කෙයා(ර්) අභ්‍යන්තර පර්යේෂණ හරහා ආනයන කළ පලිබෝධනාශක රැසක් ගොවි ප්‍රජාවට හඳුන්වා දී ඇත. ලෝටස් පොහොර තේ, රබර්, පොල් සහ එළවළු වගා සඳහා අවශ්‍ය විශේෂ පොහොර වර්ග නිපදවයි. ලෝටස් මැෂිනරි වෙතින් පලිබෝධනාශක ඉසින යන්ත්‍ර, බීජ තැටි සහ කෘෂි උපාංග වර්ග රැසක් මිල දී ගත හැකිය. ලෝටස් පැකේජින් වගා මලු, ප්ලාස්ටික් බඳුන්, මුද්‍රිත සිල්ලර මලු සහ PP රෝල් වැනි ඇසුරුම් විසඳුම් සපයයි. ලෝටස් සමූහ ව්‍යාපාරය දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා තිබේ.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව