ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු භාර කළමණාකාර අධ්‍යක්‍ෂවරිය යාපනයේදී කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ ගනුදෙනුකරුවන් හමුවෙයි

WB MD meets Anagi customers

 



 

 

ලෝක බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ – මෙහෙයුම්, ඇනා ජර්ඩි මහත්මිය, කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවා හරහා සහාය දක්වන කාන්තා ව්‍යවසායකයින් පිරිසක් යාපනයේදී මෑතකදී හමුවිය. ලෝක බැංකුවේ නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ආසියානු සංවර්ධන බැංකුව (ADB) යන ආයතනවල නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකු සේවාවන්හි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් වටමේස සාකච්ඡාවකදී සිදුකරන ලදී. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමග ‘IFC – DFAT Women in Work’ වැඩසටහන යටතේ මෙම බැංකුකරණ සේවාවන් දියත් කර වසර දෙකකට පසුව මෙම සමාලෝචනය සිදුකරණ ලදී. මෙම සාකච්ඡාවෙන් පසුව ඇනා ජර්ඩි මහත්මිය තමන්ගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින්, කාන්තා ව්‍යවසායකයින්ගේ උනන්දුව සහ අධිෂ්ඨානයට තම උපහාරය දැක්වූවාය.

කොමර්ෂල් බැංකුවේ අනගි කාන්තා බැංකු සේවාවන් මගින් ‘අනගි කාන්තා ඉතුරුම් ගිණුම’ සහ ‘අනගි ව්‍යාපාරික ණය’ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරෙන අතර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් සඳහා කාරක ප්‍රාග්ධනය හෝ ආයෝජන අරමුණු සඳහා ණය ලබාදීම සිදුකෙරෙයි. තවද බැංකුව විසින් ‘අනගි’ සන්නාමය සහිත නියර්-ෆීල්ඩ් සන්නිවේදන (NFC)  සක්‍රීය මාස්ටර්කාඩ් රන් සහ ප්ලැටිනම් ස්ථරවල ක්‍රෙඩිට් කාඩ්පත් විශේෂ ප්‍රතිලාභ රැසක් සහිතව කාන්තාවන් සඳහා දියත් කර ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව