ලෝක LPG දිනයේදී පිරිසිදු බලශක්තිය තුළින් සමාජ, පාරිසරික සහ ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම සඳහා වූ කැපවීම ලිට්රෝ යළි තහවුරු කරයි

Litro commemorates World LPG Day PR Pic (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම LP ගෑස් සපයන්නා වන ලිට්රෝ ලංකා සමාගම (Litro Lanka Limited), වර්තමානයේදී පිරිසිදුම සහ තිරසාරම බලශක්ති ප්‍රභවය වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (Litro Lanka Limited) හි පරිවර්තනීය ශක්තිය තුළින් සවිබල ගැන්වූ ජාතියක් බිහිකිරීමට ඇති කැපවීම මෑතකදී යළිත් තහවුරු කළේය. එහිදී ලිට්රෝ ලංකා සමාගම සිය ආයතන දැක්ම හරහා, සමාජය, පරිසරය සහ ආර්ථිකය යන ප්‍රධාන කුලුණු තුන සවිබල ගැන්වීමෙන් සමාජීය පරිවර්තනීය ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා තම කැපවීම අවධාරණය කළේය.

මෑත වසරවලදී දේශීය වෙළෙඳපොළ තුළ LP ගෑස් පුළුල් ලෙස විනිවිද යාමේ හැකියාව සහතික කිරීම සඳහා ලිට්රෝ ලංකා සමාගම සැලකිය යුතු ආයෝජනයන් සිදුකර ඇත. ඉන් නොනැවතී, සමාජයේ සමස්ත සංවර්ධනය සහ යහපැවැත්ම සඳහා පිරිසිදු බලශක්තිය වෙත ප්‍රවේශවීමේ අත්‍යවශ්‍යතාවද සමාගම විසින් පිළිගෙන තිබේ. ඒ අනුව, LP ගෑස් භාවිතය ප්‍රවර්ධනය කිරීම මගින් ප්‍රජාවන් නඟාසිටුවීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද ලිට්රෝ ලංකා සමාගම අරමුණු කර ඇත.

මෙහිදී, ලිට්රෝ ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අදහස් දක්වමින්, ”පිරිසිදු හා ආරක්ෂිත බලශක්තිය වෙනුවෙන් ප්‍රවේශය සහතික කිරීම වරප්‍රසාදයක් නොවෙයි. එය සෑම පුරවැසියෙකුගේම මූලික අයිතිවාසිකමක් බව අප තරයේ විශ්වාස කරනවා. මේ විශ්වාසය මත කටයුතු කිරීමේදී, රටේ සෑම අස්සක් මුල්ලක් පාසාම වැඩිවන LP ගෑස් ඉල්ලුම සපුරාලීම සඳහා අපගේ ප්‍රවේශය පුළුල් කිරීමට සහ සේවාවන් වැඩිදියුණු කිරීමට ලිට්රෝ ලංකා සමාගම අඛණ්ඩව කටයුතු කරමින් සිටිනවා.

අපගේ ඉලක්කය වන්නේ ජනතාවට LP ගෑස් සිලින්ඩර ලබාදීම පමණක් නොවෙයි. විශ්වාසනීය සහ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස LP ගෑස් භාවිතයේ ප්‍රතිලාභ ගැන ජනතාවට අවබෝධයක් ලබාදීම සහ ඔවුන් දැනුවත් කිරීමත් අපේ ඉලක්කයක් වෙනවා. ඉන් නොනැවතී, සාම්ප්‍රදායික ඉන්ධනවලට වඩා LP ගෑස් භාවිතයේ වාසි ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රජාවන් සමග ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින්, ලිට්රෝ ලංකා සමාගම ලෙස අප වැඩමුළු සහ විවිධ ප්‍රචාරණ වැඩසටහන්ද පවත්වනවා.” යැයි පවසා සිටියේය.

පරිසරය ආරක්ෂා කිරීමේ සහ දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීමේ වැදගත්කමද ලිට්රෝ ලංකා සමාගම විසින් හඳුනාගෙන තිබේ. LP ගෑස් යනු අනෙකුත් ෆොසිල ඉන්ධනවලට සාපේක්ෂව සැලකිය යුතු තරම් අවම හරිතාගාර වායු විමෝචනයක් සහිත සහ අඩු කාබන් ප්‍රතිශතයකින් යුතු ඉන්ධනයකි. එහිදී, සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන් සඳහා විකල්පයක් ලෙස LP ගෑස් ප්‍රවර්ධනය කිරීමෙන්, කාබන් විමෝචනය අඩු කිරීමට සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමටද ලිට්රෝ ලංකා සමාගම සක්‍රීයව දායක වේ. විශේෂයෙන්ම, පිරිසිදු බලශක්ති විසඳුම් අනුගමනය කිරීම දිරිමත් කරමින් ශ්‍රී ලංකාවට තිරසාර අනාගතයක් ඇති කිරීම සඳහා සමාගම මෙසේ කැපවී සිටී.

ඉහත සඳහන් කළ සමාජීය සහ පාරිසරික ප්‍රතිලාභවලට අමතරව, LP ගෑස් හි ආර්ථික වාසියද ලිට්රෝ ලංකා සමාගම විසින් පිළිගෙන තිබේ. එහිදී, රැකියා අවස්ථා උත්පාදනය කිරීම සහ දේශීය ව්‍යාපාර සඳහා සහයෝගය ලබාදීම මගින් ආර්ථික වර්ධනය සඳහා ලිට්රෝ ලංකා සමාගම තීරණාත්මක කාර්යභාරයක් ඉටුකර ඇති බවද නොරහසකි.

සිය කැපවීමේ කොටසක් ලෙස, ලිට්රෝ ලංකා සමාගම රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමග ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කරයි. මෙම හවුල්කාරිත්වයන් රට පුරා LP ගෑස් භාවිතය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් පුළුල් උපායමාර්ග සහ වැඩසටහන් සංවර්ධනය කිරීමට පහසුකම් සලසා ඇත. මෙම පාර්ශ්වකරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් LP ගෑස් භාවිතයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සහ සමාජයට, පරිසරයට සහ ආර්ථිකයට එහි ධනාත්මක බලපෑම උපරිම කිරීමට ලිට්රෝ ලංකා සමාගම අරමුණු කර තිබේ.

2023 ලෝක LPG දිනයේදී ලිට්රෝ ලංකා සමාගම පිරිසිදු බලශක්තිය ප්‍රවර්ධනය කිරීම තුළින් සමාජීය, පාරිසරික සහ ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට ඇති සිය කැපවීම යළි තහවුරු කිරීම පිළිබඳව ආඩම්බරයට පත්ව සිටී. ඉන් නොනැවතී, තිරසාර අනාගතයක් සඳහා සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බව ලිට්රෝ ලංකා සමාගම දැනටමත් හඳුනාගෙන ඇති අතරම, ප්‍රජාවන් සවිබල ගැන්වීම, පරිසරය ආරක්ෂා කිරීම සහ ආර්ථික වර්ධනයක් සඳහා වූ ශක්තිය ලබාදීමටද ලිට්රෝ ලංකා සමාගම නොසැලී කටයුතු කරමින් සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව