රත්නපුරයේ සිය ආවරණ ජාලය ඉහළ නැංවීමට එයාර්ටෙල් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සමඟ එක්වෙයි

Image 1 (1)

 




 

 

එයාර්ටෙල් ලංකා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව (TRCSL) සමඟ එක්ව දිවයින පුරා පවතින ආවරණ ජාලයේ බාධාවන් මගහරවා ගැනීම සඳහා ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන සඳහා සිය සහයෝගය ලබා දුන්නේය.

ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් රත්නපුර දිස්ත‍්‍රික්කයේ නව ආවරණ කලාප 37 ක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතිය සමඟින් මෙම වැඩසටහනේ පළමු අදියර ආරම්භ කරන ලදී. දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශ ඩිජිටල්කරණයෙන් සවිබල ගැන්වීම මගින් සෑම පුද්ගලයෙකුම ඔවුන්ගේ දෛනික වැඩ කටයුතු සමඟ සම්බන්ධ කරමින් වඩාත් ඵලදායිව ඒවා සිදු කරගැනීමට සහ බාධාවකින් තොර අඛණ්ඩ දුරස්ථ ඉගෙනුම් හා නම්‍යශීලී සේවා අවශ්‍යතා සඳහා එය උපකාරී වනු ඇත.

මෙම සමාරම්භක වැඩසටහනට එක්වෙමින් අදහස් දැක් වූ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්  ඕෂධ සේනානායක මහතා ‘‘‘ගමට සන්නිවේදනය’ සමාරම්භක වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඉදිරියේදී තාක්ෂණික, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා එයට අදාල සේවා සඳහා ඩිජිටල්කරණය වූ කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට වේගයෙන් පරිවර්තනය කිරීමට අවශ්‍ය අඩිතාලම දමමින් අප අද එඩිතර පියවරක් ගෙන තිබෙනවා. මේ තුළින් දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජනතාව අතර පවතින ඩිජිටල් පරතරය අවම කිරීමට හැකිවනවා. 2020 වසර අවසන් වන විට මෙම වැඩසටහන තුළින් දිස්ත‍්‍රික්ක 10ක් ආවරණය කිරීමට අප බලාපොරොත්තු වූ අතර 2022 අගභාගය වන විට දිවයින පුරා 100%කට ආසන්න ආවරණයක් ලබා දීමට අපට හැකි වනු ඇති බව විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

දිවයින පුරා බාධාවකින් තොර අඛණ්ඩව දුරකතන සේවා හා දත්ත සම්බන්ධතාවන් පවත්වා ගැනීම සහතික කරගැනීම සඳහා ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ක‍්‍රියාත්මක කරන ජාතික ප‍්‍රයත්නයක කොටසක් වන මෙම ‘ගමට සන්නිවේදනය’ වැඩසටහන මගින් රටම ඩිජිටල්කරණය කරා පියමං කරන ගමනට අත්‍යවශ්‍ය සන්නිවේදන යටිතල පහසුකම් ලබා දීම අරමුණු කරයි.

මේ පිළිබඳව අදහස් දක්වූ එයාර්ටෙල් ලංකා හි, ප‍්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා ‘‘සියලූම ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ඩිජිටල් පහසුකම්වලින් සවිබලගැන්වීම සඳහා එයාර්ටෙල් හි මෙහෙය කේන්ද්‍රගත වී තිබෙනවා. ඩිජිටල්කරණය ව්‍යාප්තවීමත් සමඟින් එදිනෙදා ජීවිතයේ සෑම අංශයක්ම වේගයෙන් ඉහළ නැංවීම සඳහා, සෑම ශ්‍රී ලාංකිකයෙකුටම විශ්වාසදායක දුරකතන සබඳතාවක් තිබීම අත්‍යාවශ්‍යයි. එබැවින් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මෙම වැදගත් හා දුරදර්ශී වැඩසටහන සමඟ එක්වීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා.’’ යනුවෙන් පැවසුවේය.

නුදුරු අනාගතයේදී සමස්ත ශ්‍රී ලංකාවම 4G තාක්ෂණයෙන් ආවරණය කිරීමේ එයාර්ටෙල් හි අරමුණ සමඟින් පරිශීලකයින්ට බාධාවකින් තොර ඉහළ සංඥා විකාශනයක් සහිතව සුපිරි ගෘහස්ත අත්දැකීමක් විඳ ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සුපිරි වේගය, සුවිශේෂී ඩිජිටල් සේවා හා පුළුල් පරාසයක නව්‍ය යෙදවුම් පෙළකින්ද සමන්විත මෙම ජාල අවරණය නිවසේ සිට කාර්යාලීය වැඩ කටයුතු කරන හා මාර්ගගත (online) අධ්‍යාපනයේ යෙදෙන  ඕනෑම පුද්ගලයෙකුට වඩාත් සුදුසුවේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව