රටේ අනාගත ඉංජිනේරුවන් හා නවෝත්පාදකයන් දිරිමත් කළ ‘EngEx 2025 Powered by SLT-MOBITEL’ අතිසාර්ථක ලෙස නිමාව දකී

Capture

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වය නැවත වරක් කරළියට ගෙන ආ ‘EngEx 2025 Powered by SLT-MOBITL’ ප්‍රදර්ශනය පසුගියදා අතිසාර්ථක ලෙස නිමාවට පත් විය. මෙම  ප්‍රදර්ශනයේ නිල සන්නිවේදන සහකරු ලෙස, ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සමාගම කටයුතු කරන ලදී.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය මගින් සංවිධානය කරනු ලබන EngEx ශ්‍රී ලංකාවේ විශාලතම ඉංජිනේරු ප්‍රදර්ශනය වන අතර, එහි 75 වන සංවත්සරය මෙම වසරට යෙදී තිබිණි.
 



 

විවිධ ක්ෂේත්‍රවල කැපීපෙනෙන පුද්ගලයන්, නව නිපැයුම්කරුවන්, ඉංජිනේරු විෂයන් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඉංජිනේරුකරණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන මහජනතාව ඇතුළුව 52,000 කට අධික පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියහ.

රටේ දියුණුව වෙනුවෙන් ඉංජිනේරු නවෝත්පාදන මගින් සුවිශාල මෙහෙවරක් ඉටු වන බව SLT-MOBITEL දැඩි ලෙස විශ්වාස කරයි. එම විශ්වාසය ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ ඉංජිනේරුවන් සහ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීමේ අරමුණ මූලික කරගෙන SLT-MOBITEL මෙම ප්‍රදර්ශනයෙහි නිල සන්නිවේදන සහකරු ලෙස කටයුතු කළේය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව