මෙවර උත්සව සමයේදී HNB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත්හිමියන්ට සුවිශේෂී දීමනා රැසක්

Webp.net-resizeimage




 

සියලූම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට විද්‍යුත් උපාංග සිට සිල්ලර භාණ්ඩ දක්වා දිවයින පුරා වෙළෙඳසැල් රැසක් වෙතින් 70%ක් දක්වා ආකර්ෂණීය වට්ටම් සහ දීමනා රැසක් ලබා දෙමින් හැටන් නැෂනල් බැංකුව එළඹෙන උත්සව සමය ආරම්භ කරයි.

මෙම වසරේ නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුළදී හෝ ලබා දී ඇති කාල සීමාව තුළ ප‍්‍රමුඛ පෙළේ වෙළෙඳනාම, online වෙබ් අඩවි, රෙදිපිළි අලෙවිසැල්, ආපනශාලා, සුපිරි වෙළෙඳසැල්, හෝටල් සහ තවත් බොහෝ දේවල් සඳහා මෙම සුවිශේෂී වට්ටම් අදාළ වේ. මෙම වට්ටම්වලට අමතරව විවිධ පරාසයේ අලෙවි සැල් සඳහා මාස 48ක් දක්වා අමතර ගාස්තු රහිත වාරික ගෙවීමේ සැලසුම් ද බැංකුවේ ‘A Season Wrapped In Happiness’ නම් ප‍්‍රවර්ධන වැඩසටහන මගින් HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට ලබා දී ඇත.

විදුලි උපකරණ, විවිධ උපාංග සහ නවතම විලාසිතා උපාංග, ස්වර්ණාභරණ සහ වාහන අමතර කොටස් මිලදී ගැනීමේදී අමතර ගාස්තු නොමැතිව පාරිභෝගිකයින්ට ආකර්ෂණීය වට්ටම් සහ පහසු ගෙවීමේ සැලසුම් ලබා ගත හැකිය. සුපිරි වෙළඳසැල්, හෝටල් නවාතැන් පහසුකම්, ආහාර පාන, පාසල් ලිපිද්‍රව්‍ය සහ ෆාමසිවලින් බෙහෙත් මිලදී ගැනීම් ආදිය සඳහා කැපී පෙනෙන වට්ටම් පිරිනමා ඇත. මීට අමතරව දෙසැම්බර් මාසය තුළ ඉන්ධන සඳහා කරනු ලබන ගෙවීම් හා මුදල් අත්තිකාරම් හැර රක්ෂණ, අධ්‍යාපනික සහ රෝහල් ගාස්තු ගෙවීම් මෙන්ම වෙනත්  ඕනෑම ගනුදෙනුවක් සඳහා මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් ද පාරිභෝගිකයින්ට පිරිනමා ඇත.

”හැමදාමත් වගේ නත්තල් කාලය HNB අපට ඉතාමත් උද්යෝගිමත් කාලයක්. සෑම වසරකම අපි අපගේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සමඟ නත්තල් සමය උත්සවශ‍්‍රීයෙන් සමරනවා. මෙම සමයේදී දිවයින පුරා සිටින අපගේ පුළුල් වෙළෙඳ හවුල්කාර ජාලය තුළින් විවිධ දීමනා රැසක් පිරිනමා තිබෙනවා. කොවිඞ් වසංගතය හේතුවෙන් මේ වසරේදී ඇති වූ අභියෝගාත්මක ආර්ථික තත්වයන් සැලකිල්ලට ගෙන අපගේ කාඞ්පත්හිමියන්ට එදිනෙදා ගනුදෙනු කටයුතු කිරීම සඳහා සහාය වීමට පමණක් නොව ඔවුන්ට විනෝදාත්මක අත්දැකීම් ලබා දීමට ද අපි කටයුතු කරනවා.” යනුවෙන් HNB කාඞ්පත් අංශ ප‍්‍රධානී ගෞතමී නිරංජන් මහත්මිය පැවසුවාය.

මේ අතර ගනුදෙනුකරුවන්ට නිවසේ සිටියදීම ආරක්ෂිතව සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම සඳහා HNB විවිධ online සහ වෙළෙඳසැල් සමඟ අත්වැල් බැඳගෙන ඇත.

මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළ Daraz.lk, Wasi.lk, Lovetubuy.lk, Takas.lk, PickMe Food & Market, UberEats සහ Providore.com යන online වෙළෙඳ වෙබ් අඩවි හරහා මිලදී ගන්නා  ඕනෑම භාණ්ඩයක් වෙනුවෙන් 20%ක් දක්වා වට්ටම් භුක්ති විඳීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබා දී ඇත.

එසේම Singer.lk, Mysoftlogic.lk සහ Buyabans.com යන online වෙළෙඳ වෙබ් අඩවිවලින් මිලදී ගන්නා තෝරාගත් භාණ්ඩ සඳහාද පිළිවෙළින් 20% සහ 10%ක් දක්වා වට්ටම් ලබා ගත හැකිය. Quantum.lk වෙතින් මිලදී ගන්නා පෞද්ගලික ශාරීරක ව්‍යායාම උපකරණ සහ උපාංග සඳහා 15%ක් දක්වා වට්ටම් පිරිනැමේ. HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් යටතේ මෙම online වෙළඳ වෙබ් අඩවි බොහොමයකින් මිලදී ගැනීම් සිදුකර ගත හැක.

Abans” Singer” Softlogic” Softlogic MAX yd Furniture” CameraLK” Damro” iDealz Lanka” Quantum Fitness” Dinapala, Hunter & Company” Wickramarachchi Opticians, DS Jayasinghe Opticians (තෝරාගත් ශාඛා පමණි) සහ Seetha Holdings ඇතුළු තවත් බොහෝ ජනප‍්‍රිය වෙළෙඳ සැල් මෙම ප‍්‍රවර්ධනයට ඇතුලත් වේ. මෙම අලෙවිසැල් වෙතින් තෝරා ගත් භාණ්ඩ සඳහා මාස 48ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් සමඟින් 50%ක් දක්වා වට්ටම් ලබා ගත හැක.

නත්තල වෙනුවෙන් එළැඹෙන ප‍්‍රවර්ධන කාලසීමාව තුළ HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට House of Fashions” Odel, CIB” Kelly Felder” Cotton Collection” Crocodile” Beverly Street” Diliganz” Spring and Summer, Shirtworks, DSI Premier and DSI, Hugo Boss, Under Armour, Dilly & Carlo, Cool Planet, Fashion Bug, Hameedia and Softlogic සහ සන්නාම රෙදිපිළි අලෙවිසැල් වන Galleria, Odel.lk, Odel Sports, Levi’s, Luv SL, Nike, Adidas originals, Adidas performance, Skechers, Aldo, Tommy Hilfiger, Mango, Diesel, Guess, Tissot, Mothercare, The Toy Store, Armani Exchange, Fossil, International Watch Station, Sacoor bothers, Furla, Luxe Bags, Love Moschino, Vero Moda, Carpisa, Yamamay, Clarks, Jack & Jones, American Tourister, Hallmark, Longines, Charles & Keith, Calvin Klein සහ Crocs වෙතින් 25%ක් දක්වා වට්ටම් භුක්ති විඳිය හැකිය. එමෙන්ම HNB ඩෙබිට් කාඞ්පත්හිමියන්ට ද මෙම අලෙවිසැල් වෙතින් 15%ක් දක්වා වට්ටමක් හිමිකර ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

දෙසැම්බර් මස පුරාවට අඟහරුවාදා සහ බදාදා දිනවල නැවුම් එළවළු සහ පලතුරු සඳහා 20%ක වට්ටමක් පිරිනැමීමට Keells Super කටයුතු කර ඇත. මේ අතර HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට සෑම බ‍්‍රහස්පතින්දා දිනකම බීම වර්ග සහ ක‍්‍රිම්සන් බේකරි නිෂ්පාදන සඳහා Laugfs Super අලෙවිසැල්වලින් 20%ක වට්ටමක් ද හිමි වේ. Softlogic Glomark දෙසැම්බර් 31 දක්වා සෑම සිකුරාදා දිනකම HNB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත්හිමියන් සඳහා පිළිවෙළින් 20%ක වට්ටමක් සහ 10%ක වට්ටමක් ද, Arpico Supercentres සහ daily අලෙවිසැල් මෙම කාලය තුළ සෑම සති අන්තයකම තෝරාගත් එළවළු, පළතුරු සහ seafood සඳහා 25%ක වට්ටමක් ලබා දෙනු ඇත.

්‍යභඊ ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන් සඳහා දිවයිනේ සුප‍්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසැල් වන Zam Gems, Premadasa Jewellers, Raja Jewellers, Swarnamahal Jewellers, Vogue Jewellers සහ Colombo Jewellery Stores, Pure Gold by Tiesh, Fior Drissage Jewellers හා Mallika Hemachandra Jewellers ඇතුළු තවත් බොහෝ ස්වර්ණාභරණ අලෙවිසැල් වෙතින් තෝරා ගත් ස්වර්ණාභරණ සඳහා 70%ක් දක්වා වට්ටම් සහ මාස 24ක් දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් ද හිමි කරගැනීමට අවස්ථාව ඇත.

තවද, HNB ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට මෙම ප‍්‍රවර්ධන කාලය තුළ Cinnamon Hotels and Resorts, The Calm Resort and Spa, Amaara Hotels, Arie Lagoon, Sénnya Resorts, Aarya Lagoon සහ තවත් දිවයින පුරා බොහෝ ප‍්‍රසිද්ධ හෝටල්වලින් විශේෂ මිල ගණන් යටතේ නිවාඩු සමයේදී නවාතැන් ගැනීමට හැකියx

ආහාර පාන ගැනීමේදී, Pizza Hut වෙතින් HNB ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට දෙසැම්බර් මස 3 වැනි බදාදා එක් පීසා එකක් මිලදී ගැනීමේදී තවත් පීසා එකක් නොමිලේ ලබා ගැනීමට අවස්ථාව ඇත. මීට අමතරව, Pizza Hut, Waters Edge, Plated by Jetwing, Galadari, Maharaja Palace, PappaRich, Ramada, Movenpick, The Galleface Hotel, Mango Tree, Raja Bojun, Jade Restaurant, Excel World Restaurants, Indian Summer Restaurant” Taco Bell ඇතුළු තවත් ප‍්‍රමුඛ පෙළේ අවන්හල් බොහොමයක් වෙතින් වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ඇත.

එමෙන්ම Promateworld.com, www.atlas.lk/myshop වෙතින් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සහ Sarasavi පොත්හලෙන් තෝරාගත් පොත්පත් සඳහා 20% සිට 35% දක්වා වට්ටමක් හිමි වේ. 2021 දෙසැම්බර් 31 දක්වා ඕනෑම ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනුවක් සඳහා මෙම ආකර්ෂණීය වට්ටම්වලට අමතරව මාස 24 දක්වා අමතර ගාස්තු රහිත පහසු ගෙවීමේ සැලසුම් යටතේ කාඞ්පත්හිමියන්ට HNB තවදුරටත් පහසුකම් සලසා ඇත.

https://www.hnb.net/personal/promotions/card-promotions#secoffers වෙත පිවිසීමෙන් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකිය.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව