මෙවර අවුරුදු සමය වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් වෙතින් විශේෂ දීමනා රැසක්

‘Experience Life Together This Avurudu’ with Nations Trust Bank American Express

 



 

 

 

මෙවර අලුත් අවුරුදු සමය වෙනුවෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් වෙතින් ‘Experience Life Together This Avurudu’ නමින් විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී ඇත. අලුත් අවුරුද්දේ නෑදෑ හිතමිතුරන් බැහැදැකීම, තෑගිබෝග හුවමාරු කරගැනීම සහ විනෝද සංචාර වල යෙදීම වැනි කටයුතු වල යෙදෙන කාටත් මෙම ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ හිමි වන දීමනා බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම වැඩසටහන යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් හිමියන්ට පාරිභෝගික භාණ්ඩ, ග්‍රොසරි භාණ්ඩ, ඇඳුම් පැළඳුම්, ආපනශාලා, හෝටල්, විනෝදාස්වාද සේවා, ගෘහභාණ්ඩ හා ගෘහ උපකරණ සහ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ඇතුළු භාණ්ඩ හා සේවා රාශියක් සඳහා සුවිශේෂී ඉතුරුම් හා දීමනා හිමි වේ.

“අලුත් අවුරුද්ද යනු ශ්‍රී ලාංකිකයන්ට අතිශයින් වැදගත් උත්සව සමයක්. එය පවුලේ සැමටත්, නෑදෑ හිතමිතුරන්ටත් එකට එක්වී සතුටු වීමට අවස්ථාවක් ලබාදෙනවා. ඒ සතුට දෙගුණ තෙගුණ කිරීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් ඔස්සේ මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. මේ අගනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා මෙන් මා අපගේ කාඩ්පත් හිමියන්ට ආරාධනා කරනවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී නිලූක ගුණතිලක මහතා පැවසී ය.

‘Experience Life Together This Avurudu’ වැඩසටහන පිළිබඳ තොරතුරු මෙන්ම, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් සහ එමගින් ලැබෙන ප්‍රතිලාභ හා දීමනා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.americanexpress.lkට පිවිසෙන්න.

උත්සව සමයේ ගමන් බිමන් ඇතුළු සියලු කටයුතු වලදී සෑම විටම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන ලෙසත්, රජය හා සෞඛ්‍ය බලධාරීන් මෙන්ම අදාළ සේවා සම්පාදකයන් හඳුන්වා දී ඇති සෞඛ්‍ය විධිවිධාන සියල්ල නිවැරදිව පිළිපදින ලෙසත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය ගනුදෙනුකරුවන් ඇතුළු සියලුම දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව