වෘත්තීය සහ ආධුනික සංගීතවේදීන්ට ප්‍රමුඛතම සන්නාමයක් වන යමහා වෙතින් නවතම ඩිජිටල් කීබෝර්ඞ්ස් පෙළක් යමහා මියුසික් සෙන්ටර් විසින් දේශීය වෙළෙඳපළට හඳුන්වා දී ඇති බව නිවේදනය කර තිබේ.
PSR S කීබෝර්ඞ් පෙළ වෙනුවට නවතම යමහා PSR SX පෙළ හඳුන්වාදී ඇති අතර PSR SX900 සහ PSR SX700 ඒ අතර ප්‍රමුඛතාවයක් ගනියි. සංගීතවේදීන්ට අවශ්‍ය ඉහළ නාද රටා පහසුවෙන් නිර්මාණය කිරීමේ හැකියාව එහි සතු සුවිශේෂී ලක්ෂණයකි.
තවද සංගීතය හදාරන දරුවන් වෙනුවෙන්ම නවතම PSSF30 සහ ‘Remie’ PSSE30 කීබෝර්ඞ්ස් පෙළ දැරිය හැකි මිලට හඳුන්වාදී ඇති අතරල ඩිජිටල් ගීත පොතක්ල ස්පීකරයක් සහ හෙඞ්ෆෝන් ජැක් එකකින්දල සමන්විත වේ. පහසුවෙන් ගෙන යා හැකි ආකාරයට කිලෝ 1.2ක පමණ බරකින් සමන්විත වන අතර 506mm x 54mm ක ප්‍රමාණයේ ඇසුරුමක බහා ඇත.
සංගීතය වැනි සජීවී කර්මාන්තයක නවෝත්පාදනය සහ නිෂ්පාදන සංවර්ධනය ඉතාමත් වැදගත්” යනුවෙන් මෙම කීබෝර්ඞ්ස් පෙළ පිළිබඳව අදහස් දක්වමින් යමහා මියුසික් සෙන්ටර්ස්හි, සාමාන්‍යාධිකාරී – විකුණුම් සහ අලෙවිකරණ ෂේන් ජොයිකිම් මහතා ප්‍රකාශ කළේය. තාක්ෂණයේ දියුණුව සමග අත්වැල් බැඳගැනීමත්, අනාගත අවශ්‍යතා නිවැරදිව පුරෝකතනය කිරීමත්, පාරිභෝගිකයින්ගේ අපේක්ෂා ඉක්මවන නිෂ්පාදන හඳුන්වාදීමත් නිසා යමහා නාමය සැමගේ ගෞරවයට පාත්රවී ඇති බවත් මෙම නවතම ඩිජිටල් කීබෝර්ඞ්ස් මගින් මෙම වටිනාකම් පාරිභෝගිකයින්ට ලබාදීමට උත්සුක වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ලොව අනර්ගතම සංගීත භාණ්ඩ, හෝම් ඕඩියෝ, ප්‍රෝ ඕඩියෝ සහ ස්ටුඩියෝ රෙකෝඩින් උපකරණ එකම වහලක් යට අළෙවිකරන මෙරට පිහිටි එකම සංගීත භාණ්ඩ ප්‍රදර්ශනාගාරය යමහා මියුසික් සෙන්ටර් වන අතර සියළු සංගීත අවශ්‍යතා කාර්යක්ෂම සහ පළපුරුදු කාර්ය මණ්ඩලයක් වෙතින් තිළිණ කිරීම යමහා මියුසික් සෙන්ටර් හි මුඛ්‍ය පරමාර්ථයයි.