මෙරට කාන්තා ව්‍යවසායකයින් බලගැන්වීම වෙනුවෙන් ‘Daraz ආර්යා ශක්ති’ වැඩසටහන ඇරඹෙයි

The Daraz Arya Shakthi team (2)

 



 

 

 

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව රට පුරා විසිරී සිටින කාන්තා ව්‍යවසායකයින් ඇගයීම අරමුණු කර ගනිමින් Daraz Sri Lanka සමාගම විසින්, ‘Daraz ආර්යා ශක්ති’ වැඩසටහන දියත් කෙරිණි. ඊ-වාණිජ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Daraz Lanka සමාගම මෙම වැඩසටහන මගින්, මෙරට කාන්තාවන් විවිධ ඊ-වාණිජ්‍ය ව්‍යවසායන් හරහා ජනතාවට සහ රටට ජනනය කරන සමාජ, ආර්ථික හා සංස්කෘතික වටිනාකම් හඳුනා ගනිමින්, ඒවා ඇගයීම අරමුණු කරයි.

ශ්‍රී ලංකාව ප්‍රමුඛ අග්නිදිග ආසියාවේ ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රය මෑත කාලීනව ඉතා ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරයි. නමුත් ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රය වෙත කාන්තාවන් ආකර්ෂණය කර ගැනීම යම් අභියෝගාත්මක ක්‍රියාවලියක් බවට පත් වී තිබේ. මෙම අභියෝගය ජයගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වන Daraz සමාගම  ඊ-වාණිජ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව කාන්තාවන්ගේ  දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම සඳහා ‘Daraz ආර්යා ශක්ති’ වැඩසටහන දියත් කරන බව පැවසුවහොත් එය නිවැරදි ය.

Daraz ආර්යා ශක්ති වැඩසටහන සඳහා ලියාපදිංචි වන කාන්තා ව්‍යවසායකයින්ට  පළමු මාසය තුළ ගාස්තු අය නොකිරීම, දින හතක් ඇතුළත විකුණුම් ආදායම ලබා දීම සහ නොමිලේ ඇසුරුම් ද්‍රව්‍ය ලබා දීම යන වරප්‍රසාදයන් ඇතුළු සුවිශේෂී ප්‍රතිලාභ රැසක් ලබා දීමට Daraz සමාගම කටයුතු කරයි. ඊට අමතරව  Daraz Seller Support කණ්ඩායම විසින් නොමිලේ පවත්වනු ලබන  පුහුණු සැසි හා වැඩමුළු සඳහා සහභාගි වීමේ අවස්ථාව මෙන් ම  වෙළඳසැළේ පැතිකඩ (Profile) වෙත ඇතුළත් කිරීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන නොමිලේ ඡායාරූපගත කර දීම ද අමතරව ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයන් වේ. එමෙන් ම ඉහත සඳහන් වරප්‍රසාද Daraz විශ්ව විද්‍යාලය සහ Daraz Seller Center හරහා ලබා දෙන අවස්ථාවලට අමතරව වීම විශේෂිත ය.

“කාන්තාවන් සවිබල ගැන්වීම වර්තමානයේ ඉතා ජනප්‍රිය මාතෘකාවක්. සාම්ප්‍රදායික රාමුවෙන් මිදෙමින් මෙම සංකල්පයට සැබෑ අරුතක් ලබා දීම අපගේ අරමුණ යි. ‘Daraz ආර්යා ශක්ති’ වැඩසටහනේ මූලික අරමුණ වන්නේ මේ රටේ කාන්තාවන්ට ඔවුන්ගේ ව්‍යවසායකත්ව සිහිනය සැබෑ කරගැනීම සඳහා ශක්තිය ලබා දීම යි. අපි මෙම වැඩසටහන මගින් කාන්තා ව්‍යවසායිකාවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයන් හඳුනාගැනීම සඳහා අවධානය යොමු කරන අතර ම, කාන්තාවන්ට ආර්ථික හා සාමාජීය වශයෙන් නැඟී සිටීමට ආරක්ෂිත පරිසරයක් ගොඩනැඟීම සඳහා කැප වෙනවා.” යනුවෙන් Daraz Sri Lanka Marketplace හි ප්‍රධානී ප්‍රවීන් රුක්ෂාන් ක්ෂේවියර් මහතා ප්‍රකාශ කළේය.

අද වන විට Daraz Sri Lanka සමාගම අලෙවිකරුවන් 50,000කට අධික පිරිසකට සිය නිෂ්පාදන දිවයින පුරා සිටින පාරිභෝගික ජනතාව වෙත ගෙන යාමේ පහසුකම් ලබා දී ඇති අතර, ඒ අතරින් 1,000 කට අධික කාන්තා ව්‍යවසායිකාවන් ප්‍රමාණයක් මේ වනවිටත්  Daraz සමඟ අත්වැල් බැඳගෙන සිටින බව පැවසිය යුතු ම කරුණකි. Daraz ආර්යා ශක්ති වැඩසටහන මගින් මෙරට කාන්තා ශ්‍රම බලකාය බලගන්වමින් ඔවුන් අනාගත ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධානතම බලවේගයක් බවට පත් කිරීම  Daraz Sri Lanka සමාගමේ ප්‍රධානත ම අරමුණ යි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව